Wednesday, January 30, 2019

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත




ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්නිය හැ`දින්විය හැකිය. එහි දී මෙම සන්නි යකුම හා බැදි පුරාවෘත්ත කතා අතර සංඛපාල කතාව විශේෂ වේ. 

දඹදිව සංඛපාල රජු සහ අසූපාල කුමරිය මහත් ප‍්‍රීතියෙන් ජීවත් විය.යුද්ධයකට යාමට රජුට සිදුවන අතර ඒ වන විටත් අසූපාල කුමාරිය ගැබ්ගෙන සිටි මුත් එය රජුට සැල කරලීමට ඇයට නොහැකි විය. කුමරියහට මී අඹ කෑමේ දොළදුකක් ඇති වූ අතර මී අඹ අවාරය හෙයින් මහ ඇමති හට දඹදිවෙන් එකදු අඹයක් හෝ සොයාගත නොහැකි  විය. අනතුරුව කුරු රටට ගොස් එක මී අඹයක් කුමාරියට ගෙන දෙන අතර එය සැල වී දුප්පත් ස්ත‍්‍රියක් පැමිණ කුමරියගෙන් අඹයෙන් කොටසක් ඉල්ලා සිටියාය. එය ප‍්‍රතික්ෂේප කළ ඇය අඹ ලබා නොදුන් අතර ඇයට අවශ්‍ය තරම් රාජ භෝජන ලබා දීමට රිසි විය.

කුමරිය කෙරෙහි මහත් වෛරයක් ඇතිවුණු දුප්පත් ස්ති‍්‍රය විසින් රජු යුද්ධය ජයගෙන එන මග බලා හිද මෙලෙස පවසාලයි. ”ඔබ යුද්ධය දිනා රටට කීර්තියක් රැුගෙන පැමිණියාට ඔබගේ බිසව මහ ඇමතිට දාව ගැබ්ගෙන මාළිගාවේ සිටී”. මෙය සවන් වැකුණු රජු කෝපාවිෂ්ට වී කුමරිය පවසන කිසිවකට සවන් නොදී ඇය එල්ලා මරා දැමීමට රාජ පුරුෂයන්ට නියෝග  කරන ලදී. අමු සොහොනක තිබූ ගසක එල්ලා ශරීරය දෙපලූ වන ලෙස මරා දැමූ කුමරියගේ දෙපලූ වූ ශරීරයෙන් එක් පලූවක් බිම වැටුණු අතර අනෙක ගසෙහි එල්ලෙමින් තිබිණ.

කුමරියගේ කුසෙහි සිටි දරුවාගේ පින් මහිමයෙන් දෙපලූ වූ ශරීරය එක් වී දින ගණන් සම්පූර්ණ වී ඇයගේ කුසින් කුමාරයෙකු බිහිවිය. කුමාරයා මවගේ ලේ මස් උරා බොමින් හැදී වැටෙන්නට විය. ඔහුගේ ශරීරය යක්ෂයෙකු මෙන් වර්ධනය විය. ”රාජමුලූ සන්නි යකා” නම් වූ මොහුගේ පින් මහිමය තුළින් ඔහුගේ උප්පත්තියේ සිට සියල්ල අවබෝධ වී තම මව නිරපරාදේ මැරීම හේතුකාරක කොටගෙන පියා කළ වරදට පළිගැනීමට කටයුතු කරන ලදී.

කැලයේ ඇවිද ගොස් ගස්වල කොළ, පොතු, මුල් යනාදිය එකතුකරගත් ඔහු වසගුලි දහඅටක් නිමවන ලදී. මෙම අපරාධය දිවැසින් දුටු ශක‍්‍ර දෙවි`දුන් එයට මී පැණි බින්දුව බැගින් මිශ‍්‍ර කරන ලදී. ඒවා ඔසුගුලි බව දත් මොහු එතුළින් යක්ෂයින් දහඅට දෙනෙකු මවන ලදී. ඉන් ප‍්‍රධාන යකු මහාකෝල සන්නි යකුය. ඒ අනුව සන්නි දහඅට මවන ලද්දේ සංඛපාල රජුගේ පුතු විසින්ය. මෙලෙස පිරිවර ඇතිකර ගත් මොහු එම රටේ මිනිසුන් මැරීමට කටයුතු කරන ලදී. එතුළින් විශාල දුර්භීක්ෂයක් ඇති විය. බුදුන් වහන්සේ මෙම යකුන් පලවා හරිනුයේ දොළ පිදේනි දෙන බවට පොරොන්දු දීමෙනි. පසුව මුලූ නගරයට ම පිරිත් පැන් ඉස දුර්භික්ෂය දුරු කරන ලදී. මොවුන්ගේ නායක මහාකෝල සන්නි යකු අබ ඇටයක් තරම් කුඩා වේශයක් මවාගෙන සැගවී සිට ඇති අතර ඔහු ද බුදුන් එලවා දැමූ බව ස`දහන් වේ. 

                                         දගගෙට වදිමින් මිනී                     මරන්නේ
                                         ගමකට බැල්මෙහි පාළු                 කරන්නේ
                                         ඒ ගම ඇර ගිය කෙනෙකි              දිනන්නේ
                                         දේව සන්නි ලෙඩ ඉන් දැන           ගන්නේ
   
                                         කෝළ වෙලා උඩබිම                   බලන්නේ
                                         ලීල නොකර බඩ ලෙඩ                 කරවන්නේ
                                         දෑල උගුරේ ගෙඩි දෙක හට           ගන්නේ
                                         කෝළ සන්නි පුද ඉල්ලා               එන්නේ

මෙහි කතාපුවත අධ්‍යයනය කිරීමේ දී එහි මායාරූපී බව රැු`දී පවත්නා ආකාරය මැනවින් දිස්වුණ ද එතුළ මායාවට එහා ගිය ගැඹුරු යතාර්ථයක් ඉදිරිපත් කිරීමට අතීත ජනයා උත්සාහ ගෙන ඇත. එනම්, මෙහි දී සමාජය තුළ  ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි විනාශයන්ට හේතු පාදක වන කාරණා කිහිපයක් ඉස්මතු කරයි. ඒවා පහත අයුරින් නම් කළ හැකිය. 

 1 තමාගේ අවශ්‍යතාවය තරම්ම අනෙකාගේ අවශ්‍යතාවයන් ද වැදගත් බව 

 2 අසත්‍ය බස් හා කේළාම් කීම සියල්ලන් විපතට පත් කරන බව 

 3 වෛරය යන්න මහත් විනාශයකට ම`ගපාදන බව 

 4 කිසිදු විමසීමකින් තොර ව අන්‍යයන්ගේ බස පිළිගැනීමෙන් ගැටලූ රැුසකට මුහුණ පාන්නට සිදුවන බව

 5 අඹුසැමියන් වුව ද දෙදෙනා අතර පවත්නා අවබෝධයෙහි මදකම 


මෙම`ගින් සමාජයට වක‍්‍රාකාර ව ලබාදීම සිදුකරන අතර එකී යතාර්ථවාදය කතාව පුරාවට ම පැහැදිලි කරනුයේ මායාරූපී සංකල්පය භාවිත කරමිනි. මෙම`ගින් අතීත ගැමියා තුළ පවත්නා උසස් ජනවිඥාණය පිළිබ`ද ව ද මැනවින් හ`දුනා ගත හැකිය.
මූලාශ‍්‍ර ඇසුරින් සකසන ලද්දකි
                                                                                                                      චතූ

Friday, January 18, 2019

"Bodilima Sankalpaya"

බෝදිලිමා සංකල්පය 




උරග ලොවේ භූතාත්මලාභියෙකු ලෙස සැලකෙන බෝදිලිමා කටුසු පවුලේ සාමාජිකයෙකි. බෝදිලිමා පිළිබඳ ජනශ‍්‍රැති බොහෝ දුරට ජනප‍්‍රියව පවතින්නේ නුවරකලාවිය ප‍්‍රදේශයේ ය. බෝදිලිමාගේ ප‍්‍රභවය සම්බන්ධයෙන් විමසන විට පෙනී යන්නේ ඒ හා සබැඳි ජනශ‍්‍රැතීන් කිහිපයක් පවතින බවය. එබඳු ජනශ‍්‍රැතියකට අනුව ගර්භණී කාන්තාවකට ඇගේ ස්වාමියා විසින් පහර දී නිවසින් පිටුවහල් කොට ඇත. පහර කෑ වේදනාවෙන් දරුවා ප‍්‍රසූතකොට ගත නොහැකි ව මළ ඈ බෝදිලිමා ආත්මයක් ලබා ඉපිද ඇත. මෙසේ භූතාත්මයක් ලද ඇය ප‍්‍රසූත වේදනාවෙන් හ`ඩ නගන ගැබිණියකගේ හඬට සමාන හඬක් නගමින් රාත‍්‍රියේ දී පිරිමින් බිය ගැන්වීමට පටන් ගෙන තිබේ. මේ හා සමානව තවත් ජනශ‍්‍රැතියක දැක්වෙන්නේ ඉතා ආදරයෙන් ආශ‍්‍රය කළ ගම්බද යුවළකට දාව දරුවෙකු ලැබෙන්නට ගිය අවස්ථාවේ බිරිඳ තිඹිරි ගෙය තුළ දී ම මියගොස් බෝදිලිමකු වී උපත ලද බවය. මේ අවස්ථාව හා සම්බන්ධිත ජන කවියක් ද ජනශ‍්‍රැතියේ හමුවේ.

                       පහන් වෙනට දෝ කුකුළන්        හඬලන්නේ
                           බඬේ කැක්කුමක්දෝ මට           අල්ලන්නේ
                           කිල්ලක් නිසා දෝ හිමි ගෙට      නේන්නේ
                           පණ යනවා හිමි මේ ගෙට           වරෙන්නේ

තිඹිරිගෙය තුළ වින්නඹු මව සමඟ සිටින ගම මහගේ තම සැමියා නොදකින්නට වීම නිසා ගැයූ මේ කවිය කියා අවසන් වනවාත් සමඟ ඈ මියගියාය. කෙසේ වෙතත් බෝදිලිමාගේ උපත ගැන කියැවෙන මෙම කතා දෙකින් ම කියවෙන්නේ මෙම කාන්තාව ප‍්‍රසූත වේදනාවෙන් මිය ගිය බවය. මෙසේ මියගොස් උපත ලද බෝදිලිමා පිරිමින්ට ඇති ආදරය නිසා පසුපස එන බව එක් කතාවකත්, පිරිමින් සමඟ ඇති වූ වෛරයෙන් ඔවුන් පසුපස එන බව අනෙක් ජන කතාවේත් සඳහන් වේ. 

”ආර්. එල්. ස්පිට්ල්ගේ” ”Wild Ceylon” ග‍්‍රන්ථයේ සඳහන් කොට ඇත්තේ ”අදෝම...... අ....... දෝම.......” යන හඬින් හඬනා බෝදිලිමා ලේ උරා බොන [Boold Sucker] සතෙකු වශයෙනි. බෝදිලිමෙකු ලේ උරා බිවු බවට මේ දක්වා කිසිදු තොරතුරක් හමු වී නැත. සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ බෝදිලිමා කෘමි සතුන් ආහාරයට ගන්නා සතෙකු ලෙසය. කෙසේ වෙතත් මේ සත්ත්වයා නඟන හඬ බොහෝ දුරට ප‍්‍රසව වේදනාවෙන් කෑ ගසන කාන්තාවකගේ හඬට සමාන බව නම් සත්‍යයකි. 

                  තඩි ඔලූ ගෙඩියක් සහිතව දිගු දත් දළ දෙකක්          ඇතිව
                      රතු ඇස් දිගු වළිගයකින කේවර වළිගයක්               ලෙසින
                      කෙළ වෙනුවට රත්පැහැලේ මුව දෙපසින් වගුරා      ගෙන
                      පිරිමින් හට වින කෙරුවයි තුං මංසල සැඟවී             ගෙන

මෙම සත්ත්ව ශ‍්‍රැතියෙන් සංජානනය කෙරෙන ජන විඥ්ඥාණයේ ස්වරූපතා කිහිපයක් හඳුනාගත හැකිය. මෙම කතාව නිර්මාණය වී ඇත්තේ බෝදිලිමාගේ නාදය පසුබිම් කොට ගෙනය. ආදිකාලීන මිනිසා ප‍්‍රසව වේදනාවෙන් කෑ ගසන කාන්තාවගේ හඬත් බෝදිලිමාගේ හඬත් එක සමාන බව දැක එය පදනම් කර ගනිමින් උක්ත කතාන්දර ගොතන ලද බව පෙනේ. පුනරුත්පත්තිය ගැන විශ්වාසය තැබූ මිනිසා මේ අත්භවයේ යම් ප‍්‍රතිඵල ඊළඟ අත්භවයේ දී ක‍්‍රියාත්මක වන බවට ලද ආගමික පරිචය ද මේ සඳහා උපයුක්ත කොට ගෙන තිබේ. එසේම මේ කතාවේ යම් මනෝ විද්‍යාත්මක ලක්ෂණ ද හඳුනාගත හැකි බව පෙනේ. එනම් ලිංගිකමය වශයෙන් කාන්තාව සමීප වන්නේ පුරුෂයාටය. බෝදිලිමා කාන්තා භූතාත්මයක් වුවද ඈ ලූහුබඳින්නේ පිරිමින් පමණි. කරදර කරන්නේ පිරිමින්ට පමණි.

අවිඥාණිකව හෝ සවිඥාණිකව ජන මනස තුළ තැන්පත් වෙමින් විඥ්ඥාණමය කාරණා මෙම සත්ත්ව ශ‍්‍රැතියෙන් කලඑළි බසින බව පෙනේ. එසේම පූර්වයෙන් සඳහන් කතාවකට අනුව බෝදිලිමා ලෙස උපත ලබන්නේ ස්වාමියාගෙන් පහර කෑ තැනැත්තියකි. ඈ තම ඊළඟ ආත්මයේ පිරිමින් පසුපස ලූහුබඳින්නේ තමන්ට වූ අසාධාරණයන්ට පළි ගැනීමටය. පව් පල දෙන්නේය යන ආගමික සංකල්පය සේම ගර්භනී මාතාවන් ඉතා ගෞරවයෙන් රැුක බලා ගත යුතුය යන සමාජ සාරධර්මය ද මේ තුළින් උද්දීපණය වන බව පැහැදිලි වේ.


                                                                                                                           - චතූ -

Wednesday, January 16, 2019

"Janashsruthiya saha Maayaa Yatharthaya"

ජනශ‍්‍රැතිය සහ මායා යතාර්ථය


දැනුමේ මූලිකාංගය ශ‍්‍රවණයයි. මානවයා දාරක අවධියේ දී දැනුම ලැබීම අරඹන්නේ ශ‍්‍රවණයෙනි. මේ මවය, මේ පියාය යනාදී වශයෙන් අවට විද්‍යමානිත දැ පිළිබඳව නිරවුල් චිත‍්‍රය මනස තුළ ධාරණය කරගන්නේ හුදෙක්ම ශ‍්‍රවණමය මාධ්‍ය භාවිතාවෙනි. එමෙන්ම ජනශ‍්‍රැතියෙහි උපත මෙයයි. ආදිකාලීන මානව යුගයේ පටන් කලානුරූපී විකාශනය තුළ මෙකී ශ‍්‍රවණයේ පරිමාණයන් ද විවිධ තලයන්හි දී විවිධාකාරයෙන් ප‍්‍රකාශයට පත් වී ඇති අයුරු අධ්‍යයනයන් තුළ පසක් වෙයි.   

මිනිසා සිය අදහස් හුවමාරු කර ගැනීමට භාෂාව යම් අවධියක උපයෝගී කොට ඒ අවධියෙහිම ජනශ‍්‍රැතිය ආරම්භ වූයේ යෑයි සිතිය හැකිය. තිඹිරි ගෙයෙහි සිට සොහොන් ගෙය දක්වා යන මානවයාගේ ජීවන කාලය තුළ හෙතෙම ජීවත් කරවන අවිඥානික මාධ්‍යයක් ලෙසින් පැවති ජනශ‍්‍රැතිය, ජාතික සංස්කෘතියක් දැන ගැනීමටත් එයට අයත් කරුණු සෙවීමටත් අතිශයෝපකාරී වන්නකි.

ජනශ‍්‍රැති වනාහි තනි පුද්ගලයකුගේ අවශ්‍යතාවක් නිසා ඇතිවන්නක් නොවේ. එය සමාජීය අවශ්‍යතාවක් අනුව ඇතිවන්නකි. තනි පුද්ගලයකුගේ අවශ්‍යතාවක් පිණිස සිදු නොවීම ජනශ‍්‍රැතියේ විශේෂ ලක්ෂණයකි. එබැවින් ජනශ‍්‍රැතිය අතීතයට හෝ වර්තමානයට පමණක් අදාල වූවක් නොව, සමාජීය, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අනාගත යුගයන් වෙත ද දැනුම් සම්පේ‍්‍රෂණය කරන මාධ්‍යයකි. මෙය හුදෙක් ම මානවීය නිෂ්පාදනයක් වන නිසාවෙන් මානව වංශ කතාව යම් දිනක අවසන් වේද ඒ දක්වා ගමන් කරන අකාලික සමාජමය ඥානයක් ලෙසින් ද හඳුනා ගත හැකිය.

ජනශ‍්‍රැති යන වචනද්වයෙහි සංගතියෙන් උපන් මෙහි ජනශ‍්‍රැතිවේදී ඇලන් ඩන්ඞ්ස්ගේ පැහැදිලි කිරීමට අනුව ජනයා යනු අවම වශයෙන් එක හා සමාන එක සාධකයකින්වත් සමන්විත වූ මනුෂ්‍ය කොට්ඨාසයකි. ශ‍්‍රැ ධාතුවෙන් නිපන් ශ‍්‍රැති යනු මුඛ පරම්පරාගතව පවත්වා ගෙන ආ දැය. ඉංග‍්‍රීසි භාෂාවෙහි ඛදරු යන පාරිභාෂිකයෙන් කියෑවෙන පරිදි කිසියම් ජන කොටසක් අතර පවත්නා සාම්ප‍්‍රදායික දැනුම මින් අදහස් වෙයි. ත්‍දකන ඛදරු, ඉසරා ඛදරු, ඨහචිහ ඛදරු  ආදිය උදාහරණ වෙයි. ප‍්‍රමුඛ ජනශ‍්‍රැති පර්යේෂකයන් දෙපළක් වන ජර්මන් ජාතික මැක්ස්මුලර් (1856) හා තියඩෝර් බෙන්iිගේ (1859) විශ්ලේෂණයට අනුව ග‍්‍රන්ථාරූඪ නොවී ජනයා විසින් අසන ලදුව පරම්පරාවෙන් පරම්පරාවට, සංස්කෘතියෙන් සංස්කෘතියට ඇසීමෙන් උරුම කර ගත් කටවහරෙන් ආරක්ෂා කරගත් දැනුම් සම්භාරය පිළිබිඹු වන කතන්දර, කවි, රූඪි, පිරුළු, නැලවිලි ගී, තේරවිලි ගී, තොවිල් කවි, මන්තර හා යාදිනි යනාදී බොහෝ දැ ජනශ‍්‍රැතියෙහිලා ගැනෙයි. 

ජනශ‍්‍රැතිය තුළින් හඳුනාගත හැකි හා ඒ තුළින් විසරණය කෙරෙන මානවීය විඥානයේ ස්වරූපයන් කවරාකාර ද යන වග පුළුල්ව සංවාදයට බඳුන් කිරීම ද මෙමගින් සිදු කෙරෙයි. ජනශ‍්‍රැතීන් කෙරෙහි බලපෑ මානව අද්දැකීම් හා මනෝභාවයන් පිළිබඳව විස්තාරිත ලෙස අධ්‍යයනය කරන කල්හි පෙනී යන්නේ ඒ සඳහා බොහෝ දුරට ජෛව ලෝකය බලපා ඇති බවය. තණ කොල ගසේ සිට වනස්පති රුක් දක්වා වූද, කුරා කුහුඹුවාගේ සිට දැවැන්ත අලි ඇතුන් දක්වා වූද. හාල්මැස්සාගේ සිට නිල් තල්මසා දක්වා වූද, මදුරුවාගේ සිට රාජාලියා දක්වා වූද, සත්ත්ව සමූහයේ නියෝජනය ජෛව ලෝකයයි. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයට අනුව මානවයා ද මුලින් උක්ත සත්ත්ව කොට්ඨාසයට අයත් වූවෙකි. ක‍්‍රමිකව මනසින් සංවර්ධනයට පත් ව ”මිනිසා” යන නාමය දරන තත්ත්වයට පරිවර්තනය වූ මෙම සත්ත්වයා තමා සමඟ දිවි ගෙවූ අතීත මිතුරන් පිළිබඳව මතකයන් ශ‍්‍රැතිය හරහා පවත්වාගෙන එන්නට විය. ඒ නිසා ජනශ‍්‍රැති ක්ෂේත‍්‍රයේ විශාල ඉඩක් සත්ව ශ‍්‍රැති සඳහා වෙන්ව තිබෙනු හඳුනා ගත හැකිය.

සත්ත්වයන් සිවුපාවුන්, කුරුල්ලන් මත්ස්‍යයන් මෙන්ම අධිස්වාභාවික සතුන් හා සම්බන්ධ ජනශ‍්‍රැති සත්වශ‍්‍රැති” ලෙස නන්දසේන රත්නපාලයෝ දක්වති. මානව ඉතිහාසයේ යුග පරිණාමය කෙරෙහි නෙත් යොමු කිරීමේදී ද පෙනී යන්නේ මෙකී තත්ත්වයේ සත්‍යතාවමය. වනගත දඩයම් යුගයේදී මිනිසා අහර පිණිස සතුන් වෙත සමීප විය. එෙණීර යුගයේ දී සපුරාම සතුන් පසුපස ජීවිතය දිග හැරුණි. ඉන් පසුව කෘෂිකර්මාන්තය ආශ‍්‍රිත ජීවිතය සත්ත්ව ලෝකයත් ශාක ලෝකයත් අතර මනා සංකලනයක පසුතලය මත ඉදිරියට ඇදුණි. නූතන කාර්මික ලෝකයේ ද සතුන් විවිධ අංශවලදී මානවයා හා සම්බන්ධ වී තිබේ. වර්තමානයේ පවතින සත්ත්ව - මිනිස් සබඳතාවයට වඩා පෙර දවස පැවැති සබඳතාව සැබවින් ම ලෙන්ගතු වූ බව පැහැදිලිය. එකී ලෙන්ගතුකම් මත උත්පාදිත සතුන් පිළිබඳ දැනුම සත්වශ‍්‍රැති තුළ මානවයා විසින් ගැබ් කොට තිබෙනු හඳුනාගත හැකිය. සත්ත්ව ලෝකයා හා සම්බන්ධ අත්දැකීම් ආශ‍්‍රිතව නිර්මිත ජනශ‍්‍රැතීන් මගින් සත්ත්ව හැසිරීම් ස්වභාවයන් උන් කෙරෙහි දැක්වු ආකල්ප සංකල්ප විශ්වාස ආදී විවිධ කරුණු නිරූපණය වෙයි. සිවුපා, කුරුලූ, උරග ආදි සියලූ ම සත්ත්ව වර්ග ජනශ‍්‍රැති තුළ සැරිසරනු පෙනේ. 

කවර ජනශ‍්‍රැතියකට වුවද පාදක වන්නේ ජනයා ජීවිතය හා පරිසරය ඇසුරින් ලබන අත්දැකීම් හා හැඟීම් දැනීම් ය. පරිසරය මිනිස් අවශ්‍යතා සඳහා ගලපා ගන්නා ආකාරය තුළ මිනිසා අත්දැකීම් ලබා ගනී. අතීත මිනිසා ස්වභාව ධර්මයේ විවිධ සංසිද්ධි පිළිබඳ යථාරූපීව වටහා ගත නොහැකි වූ තැන ඒවාට ජීවත්‍වාරෝපණයක් දී වැඳුම් පිදුම් කිරීමටත්, විවිධ විශ්වාස පද්ධති ගොඩනගා ගැනීමටත් පුරුදු විය. ඒවා ජනශ‍්‍රැතිය ඔස්සේ පැවත එමින් අතීත ජන විඤ්ඤාණය හෙළි කරයි. ජනශ‍්‍රැතියේ සෑම අංගයකම ජන විඤ්ඤාණය ගැබ්ව තිබෙනු හඳුනා ගත හැකිය. ජන විඥාණය යනු ජනශ‍්‍රැතියේ ගැබ්ව ඇති මානවයාගේ ආකල්ප, සංකල්ප, හැඟීම්, දැනීම් ආදියයි. ජනශ‍්‍රැතියේ වාච්‍යාර්ථයට ඉඳුරාම විරුද්ධ අදහසක් අභ්‍යන්තර වශයෙන් අඩංගු විය හැකිය. ජනශ‍්‍රැතිය ආශ‍්‍රයෙන් ගැමි ජන සංස්කෘතිය පරීක්ෂා කරන කල ඒ දෙස මතුපිටින් බැලීම පමණක් නොසෑහේ. එහි බාහිර පෙනුම හෙවත් දෘශ්‍ය මානය විනිවිද යැමෙන් අන්තර්ගත හරය අවබෝධ කර ගත යුතුය. ජන කවියක, ජන කතාවක හෝ ජනප‍්‍රවාදයක දෘශ්‍යමානයට හාත්පසින් ම විරුද්ධ වූ අදහසක් එහි ගැබ්ව තිබීමට පුළුවන. 

ජනශ‍්‍රැතිය තුළ වාච්‍යාර්ථය ඉක්මවා ගිය ව්‍යංගාර්ථය ජන විඥාණය ලෙසින් හඳුනා ගත හැකිය. ජනශ‍්‍රැති අධ්‍යයනය කරන කල්හි පෙනී යන්නේ යම් ශ‍්‍රැතියක මිනිසාට අන්තර්ගත කිරීමට අවශ්‍ය වූ දෙස සෘජුව ම නොපවසා එය ඉතා නිර්මාණශීලී ව ඉදිරිපත් කොට ඇති බවයි. ස්වකීය විඥාණය ඉදිරියට ගෙන යැමට ජනයා අපූර්ව ක‍්‍රමවේදයක් භාවිත කොට ඇති ආකාරය ජනශ‍්‍රැතියේ සෑම අංගයකින් ම විද්‍යමාන කරනු ලැබ ඇත. එකී ක‍්‍රමෝපායන් අපේක්ෂිත පරමාර්ථ මෙසේ වර්ග කළ හැකිය.

01. සාහිත්‍ය රසය ඔස්සේ සාරධර්ම සංස්කෘතිකාංගවල අගය මිනිසුන්ගේ උප විඤ්ඤාණයේ තැන්පත්  කිරීම.

02. තත් කාලීන සමාජයේ පවත්නා සංස්කෘතික ආගමික හෝ දේශපාලන ආවරණ සියුම් ලෙස මඟහැරීම.

03. ප‍්‍රකාශකයාගේ බහුශ‍්‍රැතභාවය වාගාඩම්බරය තුළින් දැක්වීම.

04. වාචනා මාධ්‍යයෙන් පවත්වාගෙන එනු ලබන යම්කිසි ශිල්පයක හෝ දැනුම් සම්භාරයක හෝ පරිමිත බව ආරක්ෂා කිරීම 

යනාදී වශයෙනි.

සොබා දහම හා බද්ධ වූ මිනිසා විසින් තමා දුටු අපූර්වත්වය, වටහා ගැන්මට අපහසු දැ, දැනුන තනිකම තමා සන්තක දැනුම ආදී සෑම ඉසව්වක්ම නියෝජනය කිරීම උදෙසා නිර්මාණය කරනු ලබන ජනශ‍්‍රැතිය නමැති අංගයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ගබඩා කොට ලබන ලද විඥ්ඥාණයේ පරිමිතයන් කවරේද යන වග මැනවින් වටහා ගැනීමට ජනශ‍්‍රැති විදාරණය කොට බැලිය යුතුමය. 

මායා යතාර්ථවාදී සංකල්පය බිහිවීමෙහි ඓතිහාසික පසුබිම විමසීමේ දී එකී කරුණු මෙසේ  අධ්‍යයනය කළ හැක. ලෝකයේ සෑම මහද්විපයක් ම තම භූගෝලීය පිහිටීමට,නැතහොත් ජනවර්ගයන්ට, සමේ පැහැයට, භාෂාව හෝ ආගමික ඇදහිලි වලට අනන්‍යයවේ. ඉන්කා, මායා, ඇස්ටෙක් වැනි වටිනා ශිෂ්ටාචාරයන් හිමි ව තිබු ලෝක සිතියමේ දකුණු හා මධ්‍යම ඇමරිකාව නම් වූ කොටස් හි පිහිටි ලතින් භාෂාවෙන් ව්‍යුත්පන්න වූ භාෂාවන් කිහිපයක් කතා කරන ජනවර්ගයන් දිවි ගෙවන සොබාදමින් සුපෝෂිත භුමි ප‍්‍රදේශයන් ලතින් ඇමරිකානු රාජ්‍යයන් ලෙස හඳුන්වනු ලැබේ. 

ඒ පහළොස්වන සියවසේ දී පමණ ය. මෙය යුරෝපය ඉහළින් නිතර නිතර වල්ගා තරු පෑයූ කාලයකි. නව ලොව සොයා ගිය බලපත‍්‍රලාභී ලෝක මංකොල්ලකරුවන් වන යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ නාවික යාත‍්‍රාවන් මුලින් ම මෙම ලතින් දේශයන් හි රන් පැහැ වෙරළ තීරයන් වෙත පැමිණියේය. ඒ තුවක්කුව හා කුරුසිය තම දෙවුරෙහි රඳවාගෙනය. ස්පාඤ්ඤ, පෘතුගීසි හා ප‍්‍රංශ ආදී ජාතීන්ට අයත් වූ ඔවුහු, මෙම රාජ්‍යයන්ගේ සියලූ ම අනන්‍යයතාවන් නැතිකොට, එහි උරුමයන් සියල්ල තමන් සතු කර ගත්හ. එතැන් සිට මේ දක්වා සංස්කෘතික, කලා, භාෂා, මෙන් ම ජිවන විලාසයේ ද ලොව අන් ජන වර්ගයනට වඩා වෙනසක් ලතින් වැසියන්ගෙන් දක්නට ලැබිණි. වත්මන් ලෝක සාහිත්‍යයේ ද නිර්මාණාත්මක කරනම් ගසන්නන් රාශියක් මේ වනවිට ලතින් කලාපයෙන් සොයාගත හැකි විය. 

 මිත්‍යා විශ්වාස, ඇදහිලි ආදියෙන් පෝෂණය වුණු ලතින් ඇමෙරිකානු ජන විඥානය තම නිර්මාණකරණය තුළට යොදා ගනිමින් නවමු වූ ස්වරූපයන් හා හැඩ තලයන් සාහිත්‍යය ඇතුළු අනෙකුත් කලාවන්ට දායක කිරීමේ පුරෝගාමීන් බවට පත්වූයේ මෙම ලතින් සාහිත්‍යයකරුවන්ය. මෙයින් ප‍්‍රමුඛ වන්නේ ඔවුන් විසින් යොදා ගනු ලැබූ ලැබූ ඉන්ද්‍රජාලික නැතහොත් මායා යථාර්තවාදය නම් වූ නිර්මාණාත්මක ශෛලියයි. එම මායාවී ස්වරුපයේ නිර්මාණ රාශියක් ලතින් දේශන්ගෙන් බිහි වූ නිසා ම විශ්ව සාහිත්‍යයේ මායා කාරයන්ගේ භූමිය ලෙසද මේ විචිත‍්‍රවත් ලතින් ඇමරිකා කලාපය හැඳින්විය හැකිය. ඉන්ද්‍රජාලික නැතහොත් මායා යථාර්තවාදය නම් වූ නිර්මාණාත්මක ශෛලියේ පේටන් බලපත‍්‍රය ඔවුන්ට හිමි විය යුතුද යන්නට විවාද සම්පන්න මතභේදයන් තිබුනද , දකුණු හා මධ්‍යම ඇමරිකානු ප‍්‍රදේශ මෙම ආරයේ සාහිත්‍යකරුවන් බොහොමයකට නිජ බිම විය. මෙම ලතින් මායාකරුවන් විසින් විසිවන සියවසේ අවසානය වන විට ලොව පුරා නිර්මාණකරණයේ යෙදෙන්නන් වෙත කරන ලද බලපෑම අති මහත්ය. එය සාහිත්‍යයෙන් ඔබ්බට ගොස් සිනමාව, චිත‍්‍ර කලාව ආදී අනෙකුත් මිනිස් හැඟීම් මතු කර දක්වන කාව්‍යමය ප‍්‍රකාශන තුළට ද ආරෝපණය වුයේය. 

අප භෞතික ව ස්පර්ශ නොකරන නමුත් මනසින් ස්පර්ශ කළ හැකි ඉන්ද්‍රජාලික මුලද්‍රව්‍යයන්, යථාර්ථවාදී අවකාශය හා මුසු කොට ගැඹුරු වූ සත්‍යයක් මතු කර ගැනීමේ නිර්මාණාත්මක ප‍්‍රබන්ධ විලාසයක් ලෙස ඉන්ද්‍රජාලික නැතහොත් මායා යථාර්තවාදය හැඳින්වී හැකිය. මෙහි දී යථාර්ථය හා මවා ගන්න ලද විචිත‍්‍රත්වය එකම ප‍්‍රවාහයක් තුල ගලා යාමක් පෙන්නුම් කරයි. අප ජිවත්වන ලෝකයේ අපට පහසුවෙන් විස්තර කළ නොහැකි කාරණාවන් , ඔප්පු කළ නොහැකි හොල්මන්, අවතාර, සුරංගනාවන් වැනි මායාවී චරිත හා අපට සැබෑ ලෝකය තුල සිදු වේයැයි විශ්වාස කල නොහැකි සිද්ධීන් තුල බහා මුසු කොට ඉදිරිපත් කිරීමෙන් සාමන්‍යය යතාර්ථවාදී ප‍්‍රබන්ධයන් හට පහසුවෙන් යා නොහැකි ඉසව්වක සැඟවුණු අර්ථ නිරුපණය කිරීමක් මේ හරහා සිදුවෙයි. එමෙන්ම සියලූ ම නිර්මාණ මාධ්‍යයන්ගේ සැලකිය යුතු මුලිකාංගයක් වන කාලය හා අවකාශයට ලැබිය යුතු වූ ඉඩකඩ මායා යථාර්ථවාදය තුළ දී නොලැබේ. එනිසා මෙම ප‍්‍රබන්ධයන්හි චරිත වල වයස ඇතැම්විට දී සාමාන්‍ය ජනයාගේ ආයු සීමාවන්ට යටත් නොවේ. මෙවැනි විපරීත හා අභව්‍යය චරිත හා සිද්ධීන් මතින් මෙම ශෛලියේ කෘතීන් නිර්මාණය වෙයි.

මායාකාරුවන් අතරේ ඉහළින් ම කියවෙන නාමයක් ලෙස කොලොම්බියානු ලේඛක ගේබි‍්‍රයල් ගාර්ෂියා මාකේස් හැඳින් විය හැකිය. ඔහු 1967 වර්ෂයේ රචනා කල ”සියවසක හුදකලාව” නම්වූ කෘතිය ඔහුට මායාකරුවන් අතර නායක තනතුර හිමි කර දීමට මූලික විය. කෙසෙල් ජනරජය යන අර්ථ ඇති මැකොන්ඩෝ  නම් මනඃකල්පිත දේශයක් පිලිබඳ සිහින දකින ජෝස් අර්කාඩියෝ නම් වූ පුද්ගලයා එය සැබෑවක් බවට පත් කර ගන්නා අයුරුත් පසුව මැකොන්ඩෝ නම් වාසනාවේ දේශය, මහා සුළි සුළඟකින් විනාශවී යන ආකාරයත් මෙහි නිර්මාණය වී ඇත. ඒ මතින් වාසනාවේ හා අවසානවේ ක‍්‍රියාකාරීත්වය මාර්කේස් අපට අවබෝධ කරවයි.
සැබවින්ම විසිවන සියවසේ විශිෂ්ටම කතා කියන්නාගේ ඉන්ද්‍රජාලයකි. මෙම රීතිය තුල තම පෑන සහ මෙහයවිමට නැතිනම් මෙවැනි චින්තනයක් පහල වීමට තමාට බලපෑ ප‍්‍රධාන සාධකයක් වුයේ විසිවන සියවසේ අසිරිමත් ලේඛක ෆ‍්‍රාන්ස් කෆ්කා  නම් නොබෙල් ත්‍යාගලාභී ජර්මානුවා බව මාකෙස්ගේ අදහසයි. කෆ්කා අතින් මායායතාර්ථවාදී රීතියෙන් පර්යේෂණාත්මක වියමන් කිහිපයක් ලියවී තිබුණි. ඔහුට එම අභාසය ලැබීමට ඔහු වාසස්ථානය ලෙස තෝරා ගත් භූමිය වන ප‍්‍රාග් නුවර ලතින් බිමක් නොවූවද ලතින් මායාකාරයන්ට කෆ්කාගේ දැනුමේ සාරය උරා බීමට එය බාධාවක් නොවීය. ඔහු විසින් රචිත රුපාවන්තරණය  නම් සුවිශේෂී නවකතාව අධියථාර්ථවාදී ශෛලියට අනුගතව ලියා ඇතිමුත් එය ඉන්ද්‍රජාලික ලක්ෂණ ද සහමුලින්ම ප‍්‍රදර්ශනය කෙරුණු කෘතියකි. මෙහි අන්තර්ගතයට අනුව කෆ්කාගේ වෑයම මතින් පාඨකයාට පෙර නොවිඳි රසාස්වාදයක කම්පනයක් ඇති කරවනු ලැබීය . එහි ප‍්‍රධාන චරිතය වන සම්සා නම් සංචාරක විකුනුම්කරුවා එක් දිනක උදෑසන අවදිවන විට රූපය යෝධ කෘමියෙකු බවට පරිණාමය වෙයි. ඒ මතින් ඔහු තම පවුලේ සාමාජිකයින් සමඟ මෙන්ම සමාජීය හා භාවාත්මක වශයෙන් තම අභ්‍යන්තරයෙන් ඇති වන්නාවූ සැබෑ රූපාන්තරණය ඉස්මතු කර පෙන්වනු ලැබේ.

එමෙන්ම ආරම්භක අවදියේ දී ලතින් ඇමරිකාව තුළ මෙම සිද්ධාන්තයන් වගා කල ජෝර්ජ් ලූවි බෝගස්  හා තවත් ඔහුගේ සමකාලින ලේඛකයන්ගේ ආභාසය ද ගාර්ෂියා මාර්කේස් වෙත මනාව ලැබී තිබුණි. මාකෙස්ම පවසන පරිදි තමා විසින් රචිත කෘතීන් හි ඉන්ද්‍රජාලිකත්වය පිලිබඳ ඔහු තුළ ම විසංවාදයක් පවතින බවයි. තම සිතා මත එසේ නොලියු අතර, තමාට තම ළමා කාලයේ දී විස්මය මතුවන කතන්දර කිසිදු අරුමයකින් තොරව තමාට කියා දුන් තම මිත්තනියගේ ක‍්‍රමෝපායන් ම තමාගේ ප‍්‍රකාශානවල දී ද භාවිතා කල බවය. ලතින් කලාපයේ මුතු ඇටය වන නිර්භීත කැස්ත්‍රෝගේ රටේ සිටි ඉන්ද්‍රජාලික තාක්ෂණය මනා හික්මීමෙන් හැසිරවූ අලෙජෝ කාපෙන්ටියර් , මුල් ම මායකරුවන්ගේ කණ්ඩායමේ සිටි ප‍්‍රබල සාමාජිකයෙකි. ඔහුගේ සාහිත්‍යකරණය අධි යතාර්ථවාදය හා මුසු වී පැවතුනි. දේශපාලනය හා සෘජුව ම සම්බන්දකම් පැවැත්වූ පසු කලෙක ප‍්‍රංශයේ කියුබානු තානාපතිවරයා ද වූ ඔහු ගේ නිර්මාණ අතර ද කින්ඩම් ඔෆ් දිස් වර්ල්ඞ් ප‍්‍රමුඛවේ. එමෙන්ම ඔහුගේ සමකාලීනයන් හා අනුප‍්‍රාප්තිකයන් වන බ‍්‍රසීලයේ ජෝර්ගෝ අමාඩෝ ආජෙන්ටිනාවේ ජුලියෝ කොර්ට්සාර් වැන්නන් ලතින් ඇමරිකානු සාහිත්‍යට මායාවට නතු කරගත් ලේඛකයන්ය. එමෙන්ම මේ වනවිට ලොව වැඩි ම පාඨකයන් පිරිසක් සමඟින් අකුරු ලියන බ‍්‍රසීලයේ පාවුලෝ කොහියෝ ද මොවුන් අතරට යා යුත්තෙකි. ඔහු ”ද අල්කෙමිස්ට්” කෘතිය ලියමින් ඉන්ද්‍රජාලික යතාර්ථවාදී රීතියේ අරුමය ලොවට පෙන්වා ඇත.

ලතින් මායාකරුවන්ට මෙන් බිම් වාසිය නැතිමුත් යුරෝපය සහ ආසියාව ද ඉන්ද්‍රජාලික සාහිත්‍යධරයන් නිමැවූ මහද්වීපයන්ය. ටින් බෙරය නම්වූ ප‍්‍රබන්ධය රචනා කල මහා ජර්මානු ලේඛක ගුන්තර් ග‍්‍රාස්  මෙම මායා කරුවන්ගේ යුරෝපීය නියෝජනයේ ඉදිරියෙන් ම සිටින්නෙකි. ඔහුගේ ප‍්‍රබන්ධ අතර කැට් ඇන්ඞ් මවූස් වඩාත් කැපී පෙනෙයි. එමෙන්ම ”ජීවිතය අන් තැනක” ලියූ චෙක් ජාතික මිලාන් කුන්දේරා අරුම පුදුම කතාංග රචනා කල ඉටැලෝ කැල්විනෝ හා ලූයිස් බර්නියරස්  මෙහි පෙරමුණේ සිටියි.

මායාකරුවන් පමණක් නොව මායාකාරියන් ද ලෝක සහිත්‍යයේ විරල නැත. චිලී දේශයේ ඉසබෙල් ඇලන්දේ  ලතින් ශිෂ්ටාචාරයේ සාරය තම නිර්මාණ මතින් විසුරුවා හරින මායාකාරියකි. ඇය ඊවා ලූනා, ද හවුස් ඔෆ් ද ස්පිරිට්  වැනි ලෝක මට්ටමේ කෘතීන් හි මැවුම්කාරියයි. රුවැති බි‍්‍රතාන්‍යය ලේකිඛාව ඇන්ජෙලා කාටර්  නයිට්ස් ඇට් ද සර්කස්  නම් වූ සැබෑ ම ඉන්ද්‍රජාලික ප‍්‍රබන්ධය රැුගෙන මායා ලෝකයට ඇතුල් විය. මායාකරුවන්හා මායාකාරියන් කුමක් රචනා කළ ද බොහෝ සරළ දේ සමඟ සිටින සාමාන්‍ය පාඨකයාට මෙම මායාකරුවන්ගේ ප‍්‍රබන්ධ, මැජික් නොව ග‍්‍රීක්, ලතින්, සංස්කෘත සම්මිශ‍්‍රණයක්ම වේ. නමුත් අප නිතර පරිශීලනය කර ඇති සහ අසා ඇති බොහෝ ජනකතාවල මෙන්ම පන්සීය පනස් ජාතක කතා පොතෙහි අන්තර්ගත බෝසත් චරිත කතා වන්හීද මෙවැනි ඉන්ද්‍රජාලික ගති ලක්ෂණ යහමින් අන්තර්ගතව ඇත. 

පර්යේෂණ ග‍්‍රන්ථ සහ අන්තර්ජාලය භාවිත කරමින් සකසන ලද්දකි
                                                                                                                        - චතූ -



Tuesday, January 15, 2019

Aukana Buddha Prathimawa

අවුකන බුද්ධ ප‍්‍රතිමාව 




අනුරාධපුර කලාවැව ආසන්න ව පිහිටි පර්වතයක නෙළන ලද අවුකන සිටි ප‍්‍රතිමාව ධාතුසේන රජු සිළුමිණක් (455 - 73) කර වූ ”කාලසේල සත්ථු පටිමාව” ලෙස සළකනු ලැබේ. ඒ අනුව මෙය කි‍්‍ර.ව. 5 - 8 සියවස් අතර කාලයට අයත් වන බව පරණවිතාන පවසයි. එහෙත් මෙය කි‍්‍ර ව. 6 වන සියවසේ නිර්මාණයක් ලෙස විජේසේකර හ`දුන්වයි. එසේ වුව ද එම පද්මාසනය ද, සිරස්පත ද පසුකාලීන එනම්, කි‍්‍ර.ව. 8 - 9 සිවස්වල දී කරන ලද බව පිළිගැනීමයි. අවුකන පිළිමය අඩි 38 අ`ගල් 10ක් උස ඇති අතර මාළි`ගාවිල ප‍්‍රතිමාවට වඩා අඩි 7කින් පමණ උසින් අඩුය. 

අවුකන ප‍්‍රතිමාවේ සිරස්පත ශිඛා පහකින් යුක්ත වන අතර මධ්‍ය ශිඛාව ක‍්‍රමයෙන් උස් ව තිබේ. උෂ්ණීෂයක් නැති නමුත් සිරස්පතත්, හිසත් අතර ඇති සිරස්පත හිසට සම්බන්ධ කරන කොටස උෂ්ණීෂයක් මෙන් පෙනේ. හිසකෙස් දක්ෂිණාවෘත්ත අක්බඹරු ආකාරයෙන් ක‍්‍ර‍්‍රමානුකූල ව පැහැදිලි ව පිහිටා ඇත. සපිරුණු හිසක් ඇත. සිහින් ඇහිබැම, දිගටි දෑස, ස්ථිර දෙතොල, පුළුල් නළලත, මහත් වූ දැඩිගෙල යනාදී ලක්ෂණයන් ඉතා වැදගත් ය. දෑස ගැඹුරු හැ`ගීමක් නිරූපණය කරයි. මුහුණෙහි ප‍්‍රකාශනය වෙනත් ප‍්‍රතිමාවලට වඩා වෙනස් ය. දකුණත වැළමිටෙන් ඉහළට ඔසවා අභය මුද්‍රාව දක්වයි. එය රුවන්වැලි සෑ විහාරයේ සිටි බුද්ධ ප‍්‍රතිමාවට සමාන නමුත් අත්ල දැක්වෙන්නේ ඉතා සුළුවෙනි. එහෙයින් එය අභය මුද්‍රාවට වඩා වෙනත් විශේෂ මුද්‍රාවක් නිරූපණය කරනවා විය හැකිය. යමක් වේගවත් ව පැවසීමේ දී යොදා ගන්නා ව්‍යාකරණ මුද්‍රාව ද විය හැකි බවට මතයක් ඇත. වමත ඉහළට නමා වම් උරහිස මත ඇති චීවරය අල්වාගෙන සිටියි. 

සිවුර ඒකාංශකොට පොරවා තිබේ. එකිනෙකට සමාන්තර ව දිවෙන දාර පෙළින් යුක්ත තැනි ඉතා අලංකාර ලෙස නිර්මාණය කර තිබේ. අමරාවතී ශෛලියේ චීවරයට සමාන වුවත්, මෙය එපමණ දළ නොවේ. මෙය සිංහල ශිල්පියාගේ නිර්මාණයකි. අන්තරාවාසකයෙහි පහළ කොටස චීවරයට වැඩියෙන් පහළට දික්ව ඇත. දුහුල් චීවරය සහ අ`දනය නිසා දෙපා හා උදර බන්ධනය මතු වී පෙනේ. උදර බන්ධනය සහ යටි උදරය අවතල ව දැක්වෙන අතර ඒ අසළ ඉහළ කොටස යන්තමින් පිටතට නෙරා තිබේ. දෙපතුල් එකිනෙකට ආසන්නයෙන් පිහිටා ඇත. මහාපුරුෂ ලක්ෂණවලින් එකක් වූ සපිරුණු දණහිස්වලින් අසාමාන්‍ය පෞරුෂත්වය ගම්‍ය වෙයි. ශරීරය ආරෝහපරිනාහ සම්පත්තියෙන් අනූනය. ඒ තුළින් දශබලධාරීත්වය හා වෛශාරද්‍ය මනාව පිළිබිඹු වෙයි. ඉතා අල්ප ලෙස ශරීරාංගවල බරපතල බවක් ඇති නමුත් කඩවසම් බව හා විශාලත්වය නිසා ඉතා උදාරය. මහාපුරුෂ ලක්ෂණ බොහෝදුරට ප‍්‍රදර්ශනය කර ඇති මෙය ශිල්ප ශාස්ත‍්‍ර න්‍යායන් හො`දින් අනුගමනය කර නෙළා තිබෙන බව පෙනේ. 

මෙහි අණ්ඩාකාර මුහුණ, ලම්බකර්ණ හා දිගටි ඇස් යනාදී ලක්ෂණ ගුප්ත ශෛලියට සමාන වුවත් එම ශෛලිය අභිබවා යන ලෝකෝත්තර ගුණය මෙම ප‍්‍රතිමාවෙන් උප්දීප්ත ව පෙනේ. දෑසේ ගැඹුරු බව නිසා දසබලධාරීත්වය කැපී පෙනේ. අවුකන ප‍්‍රතිමාවේ දෙපා යට තිබී හමුවූ කුඩා ලෝහ මූර්ති බ‍්‍රහ්ම, ඉන්ද්‍ර, වරුණ හා කුවේර යන දෙවිවරුන්ගේ බවත්, එයින් බුදුන්ගේ දේවාතිදේව භාවයත්, බ‍්‍රහ්මාතිබ‍්‍රහ්ම භාවයත් පෙන්වන බව පරණවිතාන පවසයි. වනරතන හිමියෝ මෙම ප‍්‍රතිමාව දීපංකර බුදුන්ගේ බවත්, එම කුඩා මූර්ති උන්වහන්සේගේ පරිවාරිකයන් වූ ඉන්ද්‍ර, බ‍්‍රහ්ම, යම, සුයාම හා සන්තුසිත යනාදීන්ගේ බවත් පවසති. එසේ වුව ද දීපංකර බුදුන්ගේ යැයි පැවසීමට වෙනත් සාධක නැත. ධාතුසේන රජු දීපංකර බුදුන්ගේ ප‍්‍රතිමාවක් කළ බව ද ස`දහන් නොවේ. එහෙයින් මෙය දීපංකර බුදුන්ගේ ම යැයි පැවසිය නොහැකිය. (ලගමුව,1999,පි:67)

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ කලාවැව පාමුළ එහි සිට සැතපුම් 1 1/2ක් පමණ දුරින් වූ ස්ථානයක මේ ප‍්‍රතිමාව නෙළා තිබේ. ලංකාවේ වඩාත් ම ජනපි‍්‍රය සිටි බුදුපිළිමය වූ මෙය ඉදිකරනු ලැබූ කාලය පිළිබ`ද විවිධ මත පවතී. බොහෝ දෙනාගේ අදහස වන්නේ මෙය ධාතුසේන රජතුමා (කි‍්‍ර.ව. 455 - 473) විසින් සිළුමිණක් කරවූ කාලසේල සත්ථු පටිමාව ලෙස ය. ඒ අනුව මෙය කි‍්‍ර.ව. 5 - 8 සියවස් අතර වූ කාලයකට අයත් වන බව මහාචාර්ය පරණවිතාන අදහස් කරයි. මේ පිළිමය කි‍්‍ර.ව. 6 වන සියවසේ කරවන ලද්දක් බව ආචාර්ය විජේසේකර ස`දහන් කරයි. මෙහි කාලය පිළිබ`ද ව ඒ.එම්. ඛව්රෝස්ගේ අදහස වන්නේ මෙය 12 වන සියවසේ දී 1 වන පරාක‍්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දක් බවය. ආනන්ද කුමාරස්වාමි මෙය 12 වන හෝ 13 වන සියවස්හි කරන ලද්දක් බව පවසයි. මහාචාර්ය දොහානියන් මේ පිළිමය 8 වන සියවසෙහි දෙවන භාගයේ කරවන ලද්දක් බව පවසනුයේ එහි දක්නට ලැබෙන අමරාවතී ලක්ෂණ පදනම් කරගෙනය. කෙසේ වුව ද මේ පිළිමය හා සම්බන්ධ යම් යම් කොටස් පසු කාලවල දී එකතුකොට ඇති බව පැහැදිලිය. ශිලාමය පද්ම පීඨයක නෙළා ඇති මෙම මහා බුද්ධ ප‍්‍රතිමාව උසින් අඩි 38 අ`ගල් 10ක් තරම් වේ. පිළිමය වමට නෙළා ඇතත් එහි පිටුපස ඇති කුඩා ගල් තීරුවකින් පිහිටි ගලට සම්බන්ධ කර තිබේ. ප‍්‍රධාන වශයෙන් ම පිළිමයේ දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ ඒකාංශ පාරුපනයෙන් යුතු රැුළි සහිත චීවරයත්, වම් අතින් එය දරාසිටින ආකාරය සහ දකුණු අතින් අභය මුද්‍රාව පෙන්වා තිබීමත්ය. බුද්ධ ප‍්‍රතිමාවේ ශීර්ෂය මුදුනේ සිරස්පතක් ද වෙයි. මෙය පසුකලෙක මෙහි සවිකරන ලද්දක් බව ද පැහැදිලිය. මේ සිරස්පත ප‍්‍රතිමාවෙන් ගැලවී බිමවැටී තිබී සොයාගෙන ඇත්තේ 1870 වර්ෂයේ දී ය. බුදුපිළිමය ස`දහා උෂ්ණීෂයක් දක්නට නොලැබෙන නමුදු සිරස්පත එකතු කරන තැන උෂ්ණීෂයක් සේ දක්වා තිබේ. හිසෙහි වූ දක්ෂිණවෘත කෙහෙරැුළි ක‍්‍රමානුකූල ව පිහිටුවා තිබේ. (ස.සා. අමරසිංහ, 2018.08.17)

බුදුපිළිමයේ මුහුණේ ලක්ෂණ බොහෝවිට එහි ඇති උදාරත්වය පිළිබිඹු කරන්නට ගත් උත්සාහයක් වැනිය. එහෙත් ඒ තුළින් ඊට හිමිවන කලාත්මක ස්වභාවය බැහැර වී ගොස් තිබේ. සිහින් ඇහි බැමි, දිගටි ඇස්, ඝණ දෙතොල, පළල් නළල හා දැඩි ගෙලත්, විශාල දෙකන් යුගලත් එහි හැඩිදැඩි බව තවත් තීව‍්‍ර කරවයි. එබැවින් පිළිමයේ මෘදු බව ද, භාවනායෝගී භාව ප‍්‍රකාශනය ද ගිලිහී ගොස් තිබේ. මේ නිසා මෙය ස්වදේශීය ලක්ෂණ බැහැර කළ, ස්වදේශීය අවශ්‍යතාවයට අනුව කළ ඉන්දියානු ක‍්‍රමයේ අනුවර්ථනයක් බව විජේසේකර වැඩිදුරටත් ස`දහන් කරයි. (විජේසේකර,1970,පි:257)

චීවරය විනිවිද පෙනෙන ආකාරයට සකස්කොට ඇති අතර උදර බන්ධනය සහ යටි උදරය යාන්තමින් පිටතට නෙරා තිබේ. අන්තරාවාසකයෙහි පහළ කොටස චීවරයට වැඩියෙන් පහළට දික්ව ඇති අතර පිළිමයේ දෙකකුල් පිහිටා ඇත්තේ ද එකිනෙකට ආසන්නයෙනි. අවුකන බුදුපිළිමය ඉතා හො`දින් වැඩ අවසන් කළ මූර්තියක් වේ. එහි ඇති ශරීරාංගවල බරපතලකම හැරුණුවිට කඩවසම් බව හා විශාලත්වය නිසා ම උදාර බවක් පෙන්වයි. පිළිමයේ මහාපුරුෂ ලක්ෂණ දක්වා ඇතිවා සේ ම පුරාණ ශිල්ප ශාස්ත‍්‍රවලට අනුව නියමාකාරයෙන් නෙළා ඇති බව ද පැහැදිලිය. බුදුපිළිමයේ දෙපා යට තිබී හමුවූ කුඩා ලෝහ මූර්ති බ‍්‍රහ්ම, වරුණ සහ කුවේර යන දෙවිවරුන්ගේ බවත්, ඒ අනුව මෙයින් බුදුන් වහන්සේගේ දේවාතිදේව භාවයත්, බ‍්‍රහ්මාති බ‍්‍රහ්ම භාවයත් පෙන්වන බව මහාචාර්ය පරණවිතාන ස`දහන් කරයි. වනරතන හිමියන්ගේ අදහස වන්නේ මෙය දීපංකර බුදුන්ගේ ප‍්‍රතිමාවක් බවයි. මෙහි තිබී හමුවූ කුඩා ලෝහමය මූර්ති උන්වහන්සේගේ පරිවාර දේවගණයා බව වනරතන හිමියන් ප‍්‍රකාශ කළත් එය තහවුරු කරන්නට වෙනත් සාධක නොමැත. බුදුපිළිමය වටා ප‍්‍රතිමා ගෘහයක් කර තිබේ. එය ප‍්‍රතිමාව නෙළුෑ කාලයකට පසු කලෙක කරවන ලද්දකි. ප‍්‍රදක්ෂිණා පථයක් ද සහිත මේ පිළිමගෙයි ගලින් කරන ලද පහළ කොටස් දැනුදු ඉතිරි වී තිබේ. පසු කාලයක ඒ මත ප‍්‍රතිමාවේ ආරක්ෂාව ස`දහා ගඩොල් ආරුක්කුවක් තනා තිබූ අතර මෑත දී එය ද ඉවත් කරනු ලැබීය. (ස.සා. අමරසිංහ, 2018.08.17)

ලාංකීය ඉතිහාසය පිළිබ`ද ව අධ්‍යයනය කරන විට අභයගිරියෙහි නැගීම කි‍්‍ර.පූ. 1 වන සියවසේ දී සිදුවිය (වළගම්බා කාලය). 5 වන සියවස වන විට ධම්ම රුචික භික්ෂූන් ලංකාවට පැමිණේ. ඒත් සම`ග මහායාන ආභාෂය පැමිණ ඇත. විශේෂයෙන් ම ඉන්දියානු බ‍්‍රාහ්මණ සම්ප‍්‍රදාය මහායාන බලපෑම සම`ග පැමිණේ. බුදුන්ගේ උෂ්ණීෂය සකස්වීම සිදුවන්නේ ද මේ අනුවය. ”සද්ධර්මපුණ්ඩරීක සූත‍්‍රයෙහි” ස`දහන් වන්නේ බුදුන් වහන්සේ දහසක් සක්වල ආඥා පැතිරූ බවයි. ඒ ඔස්සේ උෂ්ණීෂය සහ සිරස්පත සකස්වී ඇති අතර එය අවුකන ප‍්‍රතිමාව තුළින් වඩාත් ගම්‍ය වේ. එමෙන්ම ඉන්දියානු ගුප්ත යුගයෙන් පැමිණි ප‍්‍රතිමාවල ප‍්‍රතිමා ප‍්‍රමාණ මූලධර්ම පවතී. මේ ආභාෂය අවුකන ප‍්‍රතිමාව තුළ ද දැකියහැකිය. එනම් අවුකන ප‍්‍රතිමාව ද නිර්මාණය වී ඇත්තේ ”උත්තම නව තාල” යන මිනුම් ක‍්‍රමය අනුවය. එනම්, නහය කෙළවරේ සිට මහපැට`ගිල්ලට ලම්බක ව සිටින සේ ය. (ස.සා. ධම්මදස්සී හිමි, 2018.09.04).

                                                                                                                        - චතූ -

Samadhi Buddha Prathimawa

මහමෙව්නාවේ සමාධි බුද්ධ ප‍්‍රතිමාව 




 අනුරාධපුරයේ පැරණි වටවන්දනා පාරේ, මහමෙව්නාවේ පිහිටි මේ පිළිමය ලක්දිව බුදුපිළිම අතර දක්නට ලැබෙන පැරණිතම පිළිමයක් වේ. ධ්‍යාන මුද්‍රාවෙන් ද, වීරාසනයෙන් ද නිමවූ මෙම ශෛලමය හිදි බුදුපිළිමය බොහෝදෙනාගේ අවධානයට ලක්ව ඇත්තේ, එහි ඇති ශාන්ත හා ආධ්‍යාත්මික ස්වරූපය නිසා යැයි විශ්වාස කළ හැකිය. ගලින් නිර්මාණය කර ඇතත්, මුල් කාලයේ දී මේ පිළිමයේ බදාම ආලේපකොට වර්ණ ගන්වා තිබූ බවට සාධක හමුවන අතර ශරීරයේ රෝස පැහැයත්, චීවරයේ රතු පැහැයත් දක්නට ලැබුණි (වික‍්‍රමගමගේ, 1995, පිටුව:26)

 ප‍්‍රතිමාවේ හිසකෙස් කැරළි ගැසුණු ස්වරූපයෙන් තිබෙන අතර පියවුණ නෙත්, සිහින් තොල් ස`ගලින් විනීත බවක් නිරූපණය කරයි. සියලූ ම ඉරියව් තුළින් ඉදිරිපත් කෙරෙන්නේ ධ්‍යානයකට සමවැදී සිටින ආකාරය පැහැදිලි වේ. මේ නිර්මාණකරණයට ආභාසය ලැබෙන්නට ඇත්තේ, කත‍්‍රාහි කුෂාණ පිළිමවලින් බව ද විශ්වාස කරයි (විජේසේකර, 1970, පි:77).

 අභයගිරි පෙදෙසේ ඇති විශිෂ්ටතම ශෛලමය හි`දි ප‍්‍රතිමාව වූ මෙය සමාධි ප‍්‍රතිමාව නමින් හැ`දින්වෙයි. මහාවංසයේ මහසල පටිමා, ම`ගුල් මහසල පටිමා යනාදී නම්වලින් නිතර නිතර ස`දහන් වන්නේ මෙම ප‍්‍රතිමාව බව සමහරු පවසතිි. මෙය දෙවනපෑතිස් රජු විසින් කරවන ලද ප‍්‍රතිමාව බව දේවේන්ද්‍ර පවසන නමුත් ඒ ස`දහා පිළිගතහැකි සාධක නැත. ආසනයක් මත වීරාසනයෙන් වැඩසිටින මෙහි දෙපා වම් පාදය මත දකුණු පාදය ආසනය සරසට ඉතා පහසු ලෙස තබා ඇත. පිටිපතුල් උඩට සිටින ලෙස තිබෙන වම්පාදයේ පිටි පතුල දකුණු දණහිසට යටින් ඇති අතර දකුණු පාදයේ ඇ`ගිලි වම් දණිස් සන්ධියේ ස්පර්ශ වෙයි. දණිස්, පතුල්, ඇ`ගිලි යනාදිය ඉතා සුඛනම්‍ය වෙයි. දණහිස් ක‍්‍රමවත් ව පිහිටා ඇත. පාදවල මාංශපේශීන් නිසිපරිදි සකසා තිබේ. මැනවින් සෘජු වූ ක`ද කොටස ඉතා මනහරය. පපු පෙදෙස පළල්ය. ඉ`ග ක‍්‍රමානුකූල ව සිහින් ව යයි. ළැම නිසි පරිදි සකස් වී තිබේ. බ‍්‍රහ්මයාගේ ශරීරය බ`දු සෘජු ශාරීරික ලක්ෂණය ම`ගින් සංයමය මනාව ඔපවත් වේ. (ලගමුව,1999,පි:86)

මෙය මහා විහාර සම්ප‍්‍රදායට අයත් පැරණි ප‍්‍රතිමාවක් වන අතර ශරීරයේ ඇති තරබාරු බවත්, අ`ගපස`ගවල ඇති නොගැලපෙන ස්වරූපය පිළිබ`දවත් යම් යම් අඩුපාඩු දක්නට පිළිවන (වික‍්‍රමගමගේ, 1995, පිටුව:26)

ඒකාංශ පාරුපනයෙන් යුතු බුදුපිළිමයේ චීවරය ඇ`ගට ඇලීගිය බවක් පෙනෙන අතර එය එක් රේඛාවකින් පමණක් දක්වා තිබේ. බුදුපිළිමයේ නෙත්වලට මැණික් අල්ලා තිබී ඇති අතර, පිළිමයේ කැඞීගිය නාසයට මෑතදී නාසයක් නිර්මාණය කර ඇති බැවින් එයින් ම පිළිමයේ සුන්දරත්වය විනාශ වී ගොස් තිබේ. එහෙත් භාව ප‍්‍රකාශනය අතින් මෙය දෙවැනි වන්නේ පංකුලියේ ප‍්‍රතිමාවට පමණක් බව මහාචාර්ය වික‍්‍රමගමගේ පවසයි. බුදුරජාණන් වහන්සේ සමාධියෙන් පසුවන බව සියලූ ම ඉරියව්වලින් පළකෙරෙන මෙම ප‍්‍රතිමාවේ ඡුායාරූපයක් ළ`ග තබාගත් ඉන්දීය අගමැති ව සිටි ජවහල්ලාර් නේරු එදෙස බලමින් මහත් සැනසිල්ලක් ලැබූ බව ද ප‍්‍රකට කරුණකි.

අඩි 7යි අ`ගල් 9ක් පමණ උස් වූ මෙම ප‍්‍රතිමාවේ දෙදණ හරහා දිග අඩි 7කි. මෙය සිංහල ශිල්පියෙකුගේ ස්වාධීන නිර්මාණයක් බව වික‍්‍රමසිංහ මහතා ද ප‍්‍රකාශ කරයි. සමාධි ප‍්‍රතිමාවෙහි ඇත්තේ සිත නිවනසුළු ආධ්‍යාත්මික සැපතකි. ගස්වැල්වලින් පිරි භූමියෙහි ඇවිද ගොස් සමාධි ප‍්‍රතිමාව නරඹන්නාගේ සිතට දැනෙනුයේ පහන් සිතුවිල්ලකි. මෙම පිළිමයට පිටුපසින් ඇති නටඔුන් අනුව එය බෝධි වෘක්ෂයක් ඉදිරියේ කරවන ලද්දක් බව පැහැදිලිය. මෙහි පිටුපසට වන්නට තවත් බුද්ධ ප‍්‍රතිමාවක කොටස් හමුවේ. ඒ අනුව මෙහි බෝධිඝරයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ථූපාරාමයේ පාචීන තිස්ස පබ්බත විහාරයටත්, එතැනින් අභයගිරියටත් ගෙනගිය අලංකාර සෙල්මුවා ප‍්‍රතිමාවක් ගැන මහාවංසයේ ස`දහන් වේ. ෆාහියන් භික්ෂුව ද හතර වන සියවසේ දී අභයගිරියෙහි වූ අලංකාර ප‍්‍රතිමාවක් දුටු බව ස`දහන් කර තිබේ. එය මෙම සමාධි ප‍්‍රතිමාව විය හැකි බව ඇතැමුන්ගේ අදහසයි. (ස.සා. අමරසිංහ, 2018.08.17)

දෑත සමාධි මුද්‍රාවෙන් යුක්ත වන අතර වමතේ අත්ල මත දකුණේ අත්ල තබා තිබේ. වැළමිට, මැණික් කටුව හා ඇ`ගිලි නම්‍ය සුළු ය. පාද මෙන් දෑත ද අපහසුවකින් තොර ව පහසුවෙන් තබා ඇත. ගෙල පෙදෙස ශරීරයට හා හිසට ගැලපෙන පරිදි මහත් ව තිබේ. ති‍්‍රවලිය පැහැදිලි ව එහි දැක්වේ. මුහුණ වටකුරුය. දෙකොපොළ පිරී ඇත. දෙතොල සිහින් ය. අචංචලය. දිගු කන්, ලම්බකරණ ලක්ෂණය හො`දින් පිළිබිඹු කරයි. දිගටි අඩවන් දෑස ඉතා රමණීය වේ. හිසකෙස් දක්ෂිණාවෘත්ත ක‍්‍රමවත් ව පිහිටි කෙස්පිඬුවලින් යුක්තය. ශිල්පශාස්ත‍්‍ර ග‍්‍රන්ථවල ස`දහන් වන උෂ්ණීෂය හිස් මුදුනේ නොදැක්වේ. එසේ වුව ද මනහර වූ පිරිපුන් හිසින් ද පුළුල් නළලකින් ද ථේරවාද ග‍්‍රන්ථාගත උෂ්ණීෂ ලක්ෂණය නිරූපණය කරයි. මෙම ලක්ෂණද්වය ඉතා වැදගත් ලක්ෂණ ලෙස මෙම ප‍්‍රතිමාවේ දැක්වේ. චීවරය ඉතා දුහුල් ය. ඒකාංශකොට පොරවා ඇති එය පපුව හරහා දිවෙන තනි රේඛාවකින් ද වමතේ මැණික් කටුව හා පාවල වළලූකර සමීපයෙන් දිවෙන තනි රේඛාවකින් ද දැක්වේ. තැනි නැත. චීවරය තුළින් ශරීරිකාංග හො`දින් මතුව පෙනේ. ප‍්‍රතිමාවේ සැහැල්ලූ බව ආරක්ෂාවීම පිණිස එම චීවර ලක්ෂණ ද හේතු වී තිබේ. ශරීරයට ම ඇලී තිබෙන එය දකුණු ළැම විවෘත ව තබා පපුව හරහා දිව යයි. සමාධි ප‍්‍රතිමාව ආරෝහපරිනාහ සම්පත්තියෙන් අනූන කදිම පිළිමයකි. මුහුණින් ආධ්‍යාත්මික උතුම් ගුණයන් මනාව පිළිබිඹු වෙයි. මහා බ‍්‍රහ්ම විහරණයෙන් යුක්තය. සමාධිගත බුදුන් වහන්සේ නිරූපණය කරන ලංකාවේ ශේෂ්ඨතම ප‍්‍රතිමාව සමාධි පිළිමයයි. අඩි 09 අ`ගල් 6ක් උස ද, අඩි 8 අ`ගල් 05ක් දෙදණ අතර පළල ද ඇති මෙය ”ගුප්ත කලා සම්ප‍්‍රදාය” අනුගමනය කරමින් සිංහල ශෛලියට අනුව නෙළන ලද්දක් බව පෙනේ. සමාධි ප‍්‍රතිමාව කි‍්‍ර.ව. 5 වන සියවසට අයත් නිර්මාණයක් ලෙස සළකනු ලබයි. (ලගමුව,1999, පි:87)

ඉතිහාසය ගත් විට මහාවංසයේ ස`දහන් වන්නේ කි‍්‍ර.පූ. 3 වන සියවසේ දී සමාධි ප‍්‍රතිමාව නිර්මාණය වූ බවයි. මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සමාධි ප‍්‍රතිමාව හ`දුන්වනුයේ සිංහල බුද්ධ ප‍්‍රතිමාවක් ලෙස ය. මෙම ප‍්‍රතිමාව නිර්මාණයකොට තිබෙන්නේ ප‍්‍රතිමා මූලධර්මවලට අනුව නොව එමනිසා සමාධි ප‍්‍රතිමාවට ඉන්දියානු ලක්ෂණ ලැබී ඇතැයි කිවනොහැකිය. බුද්ධ ප‍්‍රතිමාව අශෝක යුගයේ දී බිහි වූ අතර මිහි`දු හිමියන්ගේ පැමිණීමත් සම`ග ඉන්දියානු කලාශිල්පීන් මෙහි පැමිණ බුද්ධ ප‍්‍රතිමාව සහ ස්ථූපය ස්වදේශීය ලක්ෂණ සම`ග නිර්මාණයකොට ඇත. එය ඉන්දියානු ලක්ෂණ සහ ඉන්දියානු ආකෘතියෙන් තොර ව ස්වදේශීය ලක්ෂණවලින් නිර්මාණය කර ඇත. අනුරාධපුර මිනිසුන්ගේ තිබුණු චාම් බව, සරළ බව, අව්‍යාජ බව සියල්ල ම සමාධි ප‍්‍රතිමාවෙන් නිරූපණය වේ. (ස.සා.ධම්මදස්සී හිමි, 2018.09.04).
                                                   
                                                                                                                     -  චතූ  -

Wednesday, August 1, 2018

"Huunu Banis"

මෙන්න වෙළඳපලට හඳුන්වා දුන් නවතම නිශ්පාදනය “හූනු බනිස්”





“බනිස්” යනු බේකරි කර්මාන්තය තුළ ඉතා ජනප්‍රිය ආහාරයකි. බනිස් කී විට නොයෙක් හැඩයේ, නොයෙක් ජාතියේ, නොයෙක් ප්‍රමාණයේ බනිස් වර්ග රැසක් දක්නට ඇත. ඒ අතරින් ඉතා ජනප්‍රිය බනිස් වර්ග ලෙස, බටර් බනිස්, ටී බනිස්, ඩබල් බනිස්, සීනි බනිස්, ගල් බනිස්, මාළු බනිස්, කිඹුලා බනිස් වැනි බනිස් වර්ග රැසක් තිබේ. ඒ අතරින් ඉහත ඡායාරූපයේ දක්වා තිබෙන්නේ නවතම බනිස් වර්ගය වන හූනු බනිස් ය. 


ඔබ අප විසින් වෙළඳපළ තුළින් මිළ දී ගන්නා සෑම ආහාරයක් පිළිබඳ ව ම ඉතාමත් සැළකිළිමත් විය යුතු බව පසක් කර ගැනීමට මෙය තවත් එක් කදිම නිදසුනකි. විශේෂයෙන් ම ඇසුරුම් කරන ලද ආහාර මිළ දී ගන්නා විට එහි නිශ්පාදිත දිනය සහ කල්ඉකුත්වීමේ දිනය මෙන් ම අදාළ නිශ්පාදනය හොඳින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිළ දී ගත යුතුය. ඉහතින් ඇති ඡායාරූපයෙන් දිස්වන්නේ එක්තරා සුපිරි වෙළඳසැලකින් මිළ දී ගනු ලැබූ බනිස් ගෙඩියකි. එය ඉතා හොඳින් ආවරණය කර තිබුණ ද එම ඇසුරුම ඇතුළතින් බනිස් ගෙඩිය මතුපිට සිටින්නේ හූනෙකි. මෙවැනි දේ මිළට ගෙන නිවසට ගෙන ආ පසු තම දරුවන් නොදැනුවත්කමින් එය ආහාරයට ගතහැකිය. එසේත් නැතිනම් කේක් ගෙඩි මත ඇති අයිසින් වලින් සැරසූ අලංකරණ සේ බනිස් ගෙඩිය මත ද එවන් සැරසිල්ලක් සිදුකර ඇතැයි කුඩා දරුවන් සිතන්නට ද බැරි නැත. එවන් දෙයක් සිදුවුවහොත් දෙමාපියන් හෝ වැඩිහිටියන් වශයෙන් ඔබට කිනම් තත්වයකට මුහුණ පෑමට සිදුවේද? එය මදක් සිතා බැලිය යුතු කරුණකි. 



පාරිභෝගිකයා සැමවිට ම තම මිළ දී ගැනීම් කෙරෙහි ප්‍රවේශම් විය යුතු වන්නා සේ ම නිශ්පාදකයා සතු ව ද පවතිනුයේ විශාල වගකීමකි. ඔවුන් තම නිශ්පාදනය ආරම්භයේ පටන් වෙළඳපලට යොමු කිරීම දක්වා එහි ගුණාත්මක බව රඳවා ගැනීමට නිරන්තරයෙන් වගබලා ගත යුතුය. එසේ ම පාරිභෝගික නීතියට අනුව එම වගකීම පැහැරහරින සෑම නිශ්පාදකයෙකු ම සිදුකරනුයේ දඬුවම් ලැබිය හැකි වරදකි. මේ සඳහා මේ වන විට ලාංකීය නීතියට අනුව පනත් රැසක් නිර්මාණය වී ඇති අතර ඉන් කිහිපයක් පහත අයුරින් දැක්විය හැක. එනම්,


■ 1863 මහජන පීඩා ආඥා පනත
■ 1896 භාණ්ඩ විකිණිමේ ආඥා පනත
■ 1950 මිල පාලන පනත
■ 1979 අංක 01 දරණ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත
■ 1980අංක 27 දරණ විලවුන් උපකරණ හා ඖෂධ පනත
■ 1984 අංක 06 දරණ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත
■ 1995 අංක 35 දරණ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනත
■ 1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනත
■ 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යනුවෙනි.


ඉහත සඳහන් පනත් පිළිබඳ දැනුවත් වී සිටීම පාරිභෝගිකයින් වන ඔබ අප සියලු දෙනාට ම වැදගත් වේ. නිශ්පාදකයින් විසින් තම නිශ්පාදනයන් නිවැරදි ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුක්ත ව වෙළඳපලට නිකුත් කිරීමට සැමවිට ම වගබලා ගත යුත්තේ නීතීන් කඩකළ විට ලැබෙන දඬුවමට ඇති බිය නිසා නොව එය ඔබ අප සියල්ලන්ගේ ම වගකීමක් වන බැවිනි.
                                                                                                                         - චතූ -
                                                                               

Monday, July 30, 2018

"Ellum Gaha"

“එල්ලුම් ගහ”




නූතනය වන විට විවිධාකාරයේ සාපරාධී ක්‍රියා දිනෙන් දින වැඩි වන ආකාරය මාධ්‍ය ඇසුරු කරන ලොකු කුඩා ඕනෑම අයෙක්ට දක්නට ලැබෙන සුලබ කරුණකි. මෙවන් අපරාධ බහුල ව සිදුවීමට බලපානු ලබන බොහෝ කරුණු සමාජයේ කොතෙකුත් දක්නට ඇත. එසේ ම එවන් සෑම අපරාධයකට ම නිර්දේශිත වූ දඬුවම් ක්‍රමයක් ද ඕනෑම රටක් තුළ පවත්නා නීතය තුළ අන්තර්ගතය. ඒ අතරින් එල්ලුම් ගස වූ කලී එම නීත්‍යානුකූල දඬුවම් අතර පවත්නා අවසාන දඬුවම් ක්‍රමය ලෙස හැඳින්විය හැකි දඬුවම් ක්‍රමයකි. මෙම දඬුවම් ක්‍රමය විවිධ රටවල් තුළ භාවිත කරන නමුත් ඇතැම් රටවල් තුළ විවිධ හේතූන් මත මෙකී දඬුවම් ක්‍රමය භාවිත නොකරයි. 


ලංකාව තුළ ද මෙම දඬුවම් ක්‍රමය අවස්ථාවන් කිහිපයක දී ම ක්‍රියාත්මක වූ නමුත් පසුකාලීන ව එය ලාංකීය නීතිය තුළින් ඉවත් කරන ලදි. නමුත්, වර්තමානය වන විට පවතින වාතාවරණය තුළ උද්ගත ව ඇති තත්වයන් හේතුකොට ගෙන නැවතත් ලාංකීය නීතිය තුළට මෙම දඬුවම් ක්‍රමය ගෙන ඒමේ පසුබිමක් නූතනයේ දක්නට ඇත. එහෙත් මෙම දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් සිදුවිය හැකි ප්‍රතිඵලයන් කිහිපයක් ඇත. එනම්, මෙවන් දඬුවම්වලට පවත්නා බිය නිසා මිනිසුන් සාපරාධී ක්‍රියා සිදුකිරීමට බිය වෙති. එමඟින් සමාජය තුළ අපරාධ සිදුකරන්නන් යම්තාක්දුරට හෝ අවම කිරීමට හැකියාවක් ඇත. එසේ ම මෙම දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඔස්සේ ලැබෙන ඊළඟ ප්‍රතිඵලය වූ කලී ඉතාමත් කණගාටුදායක ප්‍රතිඵලයකි. එනම්, යම් වරදකට වරදකරු වූ පුද්ගලයෙකුට නීතියෙන් එල්ලුම් ගස නියම කළ ද සැබෑවට ම එම පුද්ගලයා වරදකරු නොවිය හැකිය. එවිට එතරම් කුරිරු දඬුවමකට මුහුණපෑමට සිදුවන්නේ නිර්දෝශී පුද්ගලයෙකුටය. එය කෙතරම් ශෝකජනක සිදුවීමක් විය හැකිදැයි ඔබට මෙතකැයි තක්සේරු කළ හැකි ද? වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දුන්නාට කම් නැත. නමුත්, සත්‍ය වශයෙන් ම එවැනි වරදක් සිදුනොකළ පුද්ගලයෙකු හට එවන් දඬුවමකට මුහුණ දීමට සිදුවීම කෙතරම් අසාධාරණ ද යන්න මොහොතක් සිතා බැලිය යුතුය. 


එවැනි අසාධාරණ සිදුවීමකට ඔබේ පියාට, සොහොයුරාට නැත්නම් ඔබේ දරුවාට මුහුණ දීමට සිදුවුවහොත් ඔබ කිනම් තත්වයකට පත්වේදැයි මොහොතක් සිතා බැලිය යුතුය. අනෙක් සෑම කරුණකට ම වඩා නිවැරදි පුද්ගලයෙකු අපරාධකරුවෙකුකොට එවන් දඬුවමකට බඳුන්වීමට සිදුවීම සමස්ත සමාජය තුළින් ම එකී පුද්ගලයාට කරනු ලබන සාපරාධී ක්‍රියාවකි. වෙනත් කෙනෙක් කළ වරදකට තම දිවියෙන් වන්දි ගෙවා දැමීමට කිසිම පුද්ගලයෙකු කැමති වන්නේ නැත. එමනිසා එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කරන්නැයි හඬ නගන මිනිසුන් මෙම පැතිකඩ පිළිබඳ ව ද සංවේදී ව මොහොතක් සිතා බැලිය යුතු ම ය. එසේ නොවුනහොත් මෙම දඬුවම් ක්‍රමය හෙට දිනයේ දී නිර්දෝෂී වූ ඔබේ පවුලේ අයෙක්ට වුව මුහුණ පෑමට සිදුවිය හැකිය.                         
                                                                                                                             - චතූ -

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...