Wednesday, August 1, 2018

"Huunu Banis"

මෙන්න වෙළඳපලට හඳුන්වා දුන් නවතම නිශ්පාදනය “හූනු බනිස්”





“බනිස්” යනු බේකරි කර්මාන්තය තුළ ඉතා ජනප්‍රිය ආහාරයකි. බනිස් කී විට නොයෙක් හැඩයේ, නොයෙක් ජාතියේ, නොයෙක් ප්‍රමාණයේ බනිස් වර්ග රැසක් දක්නට ඇත. ඒ අතරින් ඉතා ජනප්‍රිය බනිස් වර්ග ලෙස, බටර් බනිස්, ටී බනිස්, ඩබල් බනිස්, සීනි බනිස්, ගල් බනිස්, මාළු බනිස්, කිඹුලා බනිස් වැනි බනිස් වර්ග රැසක් තිබේ. ඒ අතරින් ඉහත ඡායාරූපයේ දක්වා තිබෙන්නේ නවතම බනිස් වර්ගය වන හූනු බනිස් ය. 


ඔබ අප විසින් වෙළඳපළ තුළින් මිළ දී ගන්නා සෑම ආහාරයක් පිළිබඳ ව ම ඉතාමත් සැළකිළිමත් විය යුතු බව පසක් කර ගැනීමට මෙය තවත් එක් කදිම නිදසුනකි. විශේෂයෙන් ම ඇසුරුම් කරන ලද ආහාර මිළ දී ගන්නා විට එහි නිශ්පාදිත දිනය සහ කල්ඉකුත්වීමේ දිනය මෙන් ම අදාළ නිශ්පාදනය හොඳින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිළ දී ගත යුතුය. ඉහතින් ඇති ඡායාරූපයෙන් දිස්වන්නේ එක්තරා සුපිරි වෙළඳසැලකින් මිළ දී ගනු ලැබූ බනිස් ගෙඩියකි. එය ඉතා හොඳින් ආවරණය කර තිබුණ ද එම ඇසුරුම ඇතුළතින් බනිස් ගෙඩිය මතුපිට සිටින්නේ හූනෙකි. මෙවැනි දේ මිළට ගෙන නිවසට ගෙන ආ පසු තම දරුවන් නොදැනුවත්කමින් එය ආහාරයට ගතහැකිය. එසේත් නැතිනම් කේක් ගෙඩි මත ඇති අයිසින් වලින් සැරසූ අලංකරණ සේ බනිස් ගෙඩිය මත ද එවන් සැරසිල්ලක් සිදුකර ඇතැයි කුඩා දරුවන් සිතන්නට ද බැරි නැත. එවන් දෙයක් සිදුවුවහොත් දෙමාපියන් හෝ වැඩිහිටියන් වශයෙන් ඔබට කිනම් තත්වයකට මුහුණ පෑමට සිදුවේද? එය මදක් සිතා බැලිය යුතු කරුණකි. 



පාරිභෝගිකයා සැමවිට ම තම මිළ දී ගැනීම් කෙරෙහි ප්‍රවේශම් විය යුතු වන්නා සේ ම නිශ්පාදකයා සතු ව ද පවතිනුයේ විශාල වගකීමකි. ඔවුන් තම නිශ්පාදනය ආරම්භයේ පටන් වෙළඳපලට යොමු කිරීම දක්වා එහි ගුණාත්මක බව රඳවා ගැනීමට නිරන්තරයෙන් වගබලා ගත යුතුය. එසේ ම පාරිභෝගික නීතියට අනුව එම වගකීම පැහැරහරින සෑම නිශ්පාදකයෙකු ම සිදුකරනුයේ දඬුවම් ලැබිය හැකි වරදකි. මේ සඳහා මේ වන විට ලාංකීය නීතියට අනුව පනත් රැසක් නිර්මාණය වී ඇති අතර ඉන් කිහිපයක් පහත අයුරින් දැක්විය හැක. එනම්,


■ 1863 මහජන පීඩා ආඥා පනත
■ 1896 භාණ්ඩ විකිණිමේ ආඥා පනත
■ 1950 මිල පාලන පනත
■ 1979 අංක 01 දරණ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත
■ 1980අංක 27 දරණ විලවුන් උපකරණ හා ඖෂධ පනත
■ 1984 අංක 06 දරණ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත
■ 1995 අංක 35 දරණ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනත
■ 1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනත
■ 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යනුවෙනි.


ඉහත සඳහන් පනත් පිළිබඳ දැනුවත් වී සිටීම පාරිභෝගිකයින් වන ඔබ අප සියලු දෙනාට ම වැදගත් වේ. නිශ්පාදකයින් විසින් තම නිශ්පාදනයන් නිවැරදි ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුක්ත ව වෙළඳපලට නිකුත් කිරීමට සැමවිට ම වගබලා ගත යුත්තේ නීතීන් කඩකළ විට ලැබෙන දඬුවමට ඇති බිය නිසා නොව එය ඔබ අප සියල්ලන්ගේ ම වගකීමක් වන බැවිනි.
                                                                                                                         - චතූ -
                                                                               

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...