Wednesday, January 30, 2019

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත




ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්නිය හැ`දින්විය හැකිය. එහි දී මෙම සන්නි යකුම හා බැදි පුරාවෘත්ත කතා අතර සංඛපාල කතාව විශේෂ වේ. 

දඹදිව සංඛපාල රජු සහ අසූපාල කුමරිය මහත් ප‍්‍රීතියෙන් ජීවත් විය.යුද්ධයකට යාමට රජුට සිදුවන අතර ඒ වන විටත් අසූපාල කුමාරිය ගැබ්ගෙන සිටි මුත් එය රජුට සැල කරලීමට ඇයට නොහැකි විය. කුමරියහට මී අඹ කෑමේ දොළදුකක් ඇති වූ අතර මී අඹ අවාරය හෙයින් මහ ඇමති හට දඹදිවෙන් එකදු අඹයක් හෝ සොයාගත නොහැකි  විය. අනතුරුව කුරු රටට ගොස් එක මී අඹයක් කුමාරියට ගෙන දෙන අතර එය සැල වී දුප්පත් ස්ත‍්‍රියක් පැමිණ කුමරියගෙන් අඹයෙන් කොටසක් ඉල්ලා සිටියාය. එය ප‍්‍රතික්ෂේප කළ ඇය අඹ ලබා නොදුන් අතර ඇයට අවශ්‍ය තරම් රාජ භෝජන ලබා දීමට රිසි විය.

කුමරිය කෙරෙහි මහත් වෛරයක් ඇතිවුණු දුප්පත් ස්ති‍්‍රය විසින් රජු යුද්ධය ජයගෙන එන මග බලා හිද මෙලෙස පවසාලයි. ”ඔබ යුද්ධය දිනා රටට කීර්තියක් රැුගෙන පැමිණියාට ඔබගේ බිසව මහ ඇමතිට දාව ගැබ්ගෙන මාළිගාවේ සිටී”. මෙය සවන් වැකුණු රජු කෝපාවිෂ්ට වී කුමරිය පවසන කිසිවකට සවන් නොදී ඇය එල්ලා මරා දැමීමට රාජ පුරුෂයන්ට නියෝග  කරන ලදී. අමු සොහොනක තිබූ ගසක එල්ලා ශරීරය දෙපලූ වන ලෙස මරා දැමූ කුමරියගේ දෙපලූ වූ ශරීරයෙන් එක් පලූවක් බිම වැටුණු අතර අනෙක ගසෙහි එල්ලෙමින් තිබිණ.

කුමරියගේ කුසෙහි සිටි දරුවාගේ පින් මහිමයෙන් දෙපලූ වූ ශරීරය එක් වී දින ගණන් සම්පූර්ණ වී ඇයගේ කුසින් කුමාරයෙකු බිහිවිය. කුමාරයා මවගේ ලේ මස් උරා බොමින් හැදී වැටෙන්නට විය. ඔහුගේ ශරීරය යක්ෂයෙකු මෙන් වර්ධනය විය. ”රාජමුලූ සන්නි යකා” නම් වූ මොහුගේ පින් මහිමය තුළින් ඔහුගේ උප්පත්තියේ සිට සියල්ල අවබෝධ වී තම මව නිරපරාදේ මැරීම හේතුකාරක කොටගෙන පියා කළ වරදට පළිගැනීමට කටයුතු කරන ලදී.

කැලයේ ඇවිද ගොස් ගස්වල කොළ, පොතු, මුල් යනාදිය එකතුකරගත් ඔහු වසගුලි දහඅටක් නිමවන ලදී. මෙම අපරාධය දිවැසින් දුටු ශක‍්‍ර දෙවි`දුන් එයට මී පැණි බින්දුව බැගින් මිශ‍්‍ර කරන ලදී. ඒවා ඔසුගුලි බව දත් මොහු එතුළින් යක්ෂයින් දහඅට දෙනෙකු මවන ලදී. ඉන් ප‍්‍රධාන යකු මහාකෝල සන්නි යකුය. ඒ අනුව සන්නි දහඅට මවන ලද්දේ සංඛපාල රජුගේ පුතු විසින්ය. මෙලෙස පිරිවර ඇතිකර ගත් මොහු එම රටේ මිනිසුන් මැරීමට කටයුතු කරන ලදී. එතුළින් විශාල දුර්භීක්ෂයක් ඇති විය. බුදුන් වහන්සේ මෙම යකුන් පලවා හරිනුයේ දොළ පිදේනි දෙන බවට පොරොන්දු දීමෙනි. පසුව මුලූ නගරයට ම පිරිත් පැන් ඉස දුර්භික්ෂය දුරු කරන ලදී. මොවුන්ගේ නායක මහාකෝල සන්නි යකු අබ ඇටයක් තරම් කුඩා වේශයක් මවාගෙන සැගවී සිට ඇති අතර ඔහු ද බුදුන් එලවා දැමූ බව ස`දහන් වේ. 

                                         දගගෙට වදිමින් මිනී                     මරන්නේ
                                         ගමකට බැල්මෙහි පාළු                 කරන්නේ
                                         ඒ ගම ඇර ගිය කෙනෙකි              දිනන්නේ
                                         දේව සන්නි ලෙඩ ඉන් දැන           ගන්නේ
   
                                         කෝළ වෙලා උඩබිම                   බලන්නේ
                                         ලීල නොකර බඩ ලෙඩ                 කරවන්නේ
                                         දෑල උගුරේ ගෙඩි දෙක හට           ගන්නේ
                                         කෝළ සන්නි පුද ඉල්ලා               එන්නේ

මෙහි කතාපුවත අධ්‍යයනය කිරීමේ දී එහි මායාරූපී බව රැු`දී පවත්නා ආකාරය මැනවින් දිස්වුණ ද එතුළ මායාවට එහා ගිය ගැඹුරු යතාර්ථයක් ඉදිරිපත් කිරීමට අතීත ජනයා උත්සාහ ගෙන ඇත. එනම්, මෙහි දී සමාජය තුළ  ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි විනාශයන්ට හේතු පාදක වන කාරණා කිහිපයක් ඉස්මතු කරයි. ඒවා පහත අයුරින් නම් කළ හැකිය. 

 1 තමාගේ අවශ්‍යතාවය තරම්ම අනෙකාගේ අවශ්‍යතාවයන් ද වැදගත් බව 

 2 අසත්‍ය බස් හා කේළාම් කීම සියල්ලන් විපතට පත් කරන බව 

 3 වෛරය යන්න මහත් විනාශයකට ම`ගපාදන බව 

 4 කිසිදු විමසීමකින් තොර ව අන්‍යයන්ගේ බස පිළිගැනීමෙන් ගැටලූ රැුසකට මුහුණ පාන්නට සිදුවන බව

 5 අඹුසැමියන් වුව ද දෙදෙනා අතර පවත්නා අවබෝධයෙහි මදකම 


මෙම`ගින් සමාජයට වක‍්‍රාකාර ව ලබාදීම සිදුකරන අතර එකී යතාර්ථවාදය කතාව පුරාවට ම පැහැදිලි කරනුයේ මායාරූපී සංකල්පය භාවිත කරමිනි. මෙම`ගින් අතීත ගැමියා තුළ පවත්නා උසස් ජනවිඥාණය පිළිබ`ද ව ද මැනවින් හ`දුනා ගත හැකිය.
මූලාශ‍්‍ර ඇසුරින් සකසන ලද්දකි
                                                                                                                      චතූ

No comments:

Post a Comment

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...