Tuesday, June 5, 2018

"Eka mawakage daruwo....."

 "එක මවකගේ දරුවෝ........."


 




සදලි හැමදාමත් වගේ මෙදිනත් පාන්දරින් නැගිට ඉක්මණින් සූදානම් වූයේ තාක්ෂණ විද්‍යාලයෙහි හදාරනු ලබන පාඨමාලාව සදහා සහභාගී වීමටය. වෙනදා නම් ඇය යන්නේ තනිව ම නොව, ඇයගේ නිවසට යාබද නිවසක වෙසෙන රුමෙයිසා සමග ය. ඇය මුස්ලිම් ජාතික දැරියක් වුව ද සදලිගේ හොද ම යෙහෙළිය මෙන් ම පාසල් මිතුරිය වූයේ ද ඇයයි. ඔවුනගේ දෙමව්පියන් ද ඉතාමත් සමීප ව කටයුතු කළේය.



නමුත්, පසුගිය දිනෙක ගමේ සිංහල අය සහ මුස්ලිම් අය අතර ඇති වූ ගැටුමක් නිසා දෙමව්පියන්ගේ බලපෑම් මත ඔවුනගේ මිත‍්‍රත්වය නවතා දමන්නට සිදුවිය. එබැවින් ඔවුන් එක ම ස්ථානයක අධ්‍යාපනය ලැබුව ද තනි තනි ව යෑමට සිදුවිය. දෙමව්පියන්ගේ බලපෑම් නිසාවෙන් එසේ සිදුකිරීමට වුවත් සදලිගේ සහ රුමෙයිසාගේ යහළුකම් කිසිවිටෙකත් පළුදු නොවීය. පිටත දී ඔවුනට ඇසුරු කිරීමට නොහැකි වුවද තාක්ෂණ විද්‍යාලය තුළ දී එකිනෙකාට ලැබෙන විශේෂ දේවල් දෙදෙනා අතර හුවමාරු කර ගනිමින් අදහස් හුවමාරු කර ගනු ලැබුවේ වැඩිහිටියන්ගේ ආරවුල් අපට වැදගත් නැතැයි පවසමිනි.



සදලි සෑමදෙනෙකු අතර ම ඉතා පි‍්‍රයමනාප දැරියක් විය. ඇය  ඕනෑම කෙනෙක් සමග කට පුරා සිනාසී කතා කරයි. ගමෙහි ආරවුල් ඇති වීමට පෙර ඇය සිංහල අය සමග මෙන් ම මුස්ලිම් අය සමග ද ඇසුරු කළේ එක ම පවුලක ඥාතී පිරිස සමග කටුයුතු කරන්නාක් මෙනි. එබැවින් කුඩාකල සිට ම ඇය සිංහල මෙන් ම මුස්ලිම් අය අතර ද ආදරයට බදුන් වූ දැරියක් විය. නමුත්, දැන් ඇයගේ දෙමව්පියන් ඇයට තාක්ෂණ විද්‍යාලයට හැරුණුකොට වෙන කිසිදු ගමනකට අවසර නොදෙන නිසා ඇය නිරතුරුව ම බොහෝ කාලයක් ගත කරනුයේ නිවසේ දී මය.



සෑම දිනක ම පාඨමාලාව සදහා සහභාගී වන සදලි මෙදින සහභාගී නොවීම ගැන රුමෙයිසාට වූයේ මහත් කුතුහලයකි. වෙනදා නම්, ඇය නොපැමිණෙන්නේ නම් පෙර දින ඇයට පවසයි. නැතහොත්, වෙනත් මිතුරයක් මගින් හෝ ඇය ව දැනුවත් කරයි. මෙදින එවැනි කිසිවක් නොවීම පිළිබද ව ඇයට කුමක් සිදුවී ඇත්දැයි රුමෙයිසාට සිතාගත නොහැකි විය. ඇය පාඨමාලාව අවසන් වන තුරු සිටියේ මහත් වූ නොයිවසිල්ලෙනි. අනතුරුව ඇය ඉතා ඉක්මණින් නිවස බලා පිටත් වුව ද දැනගැනීමට තරම් කිසිවක් නොවීය. දෙමව්පියන්ගෙන් හෝ අසල්වැසියන්ගෙන් ස`දලි පිළිබ`ද විමසීමට ද නොහැකිය. එසේ කළහොත් එය ගැටලූවක් වේ යැයි ද රුමෙයිසාට සිතිණි. පසුදින ද ස`දලි තාක්ෂණ විද්‍යාලයට නොපැමිණීම හේතුවෙන් කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව නම් රුමෙයිසාට හො`දින් වැටහිණි.



අනතුරුව ඇයට විවේක කාලය තුළ දී දැනගන්නට ලැබුණේ ඉතා කණගාටුදායක පුවතකි. එනම්, ස`දලි බොහෝ අසාද්‍ය වී රෝහල්ගතකොට ඇති බවත්, ඇයගේ වකුගඩුවල කුමක් හෝ දරුණු ආබාධයක් සිදුව ඇති බවත්, ඒවා ඉවත් කිරීමට සිදුවන බවත් ය. එය ඇසූ රුමෙයිසාට තම කකුල් පණ නැති වන්නාක් මෙන් දැනිණි. සදලි කුඩාකල සිට ම තමාගේ හොද ම යෙහෙළිය විය. එම මිත‍්‍රත්වය තුළ ඇත්තේ මිතුරියක් යන හැගීමකට වඩා එක කුස උපන් සහෝදරියක් වැනි හැගීමකි. එසේ සිතනාවාත් සමග ම ඇයගේ නෙත් කොනින් කදුලූ බිදුවක් රූටාවිත් අතෙහි තිබූ සටහන් පොතෙහි පතිත විය. කිසිවක් කරකියා ගත නොහැකි රුමෙයිසා පාඨමාලාව අවසානයේ ඉතා ඉක්මණින් නිවසට ගොස් බෑගය ගලවා පුටුවක් මතට දමා තම කාමරයට ගොස් බොහෝ වේලාවක් හඩන්නට විය.



ස`දලි මේ වන විට රෝහලේ ඇ`දක් මත දිගා වී ඉතා අසාද්‍ය ව සිටින අතර ඇයගේ මව පියා ඇතුළු ඥාතීන් ඇයට සරිලන ආකාරයේ වකුගඩුවක් සෙවීම ස`දහා හිස් ලූ ලූ අත ඇවිදිමින් මහත් වෙහෙසක් දැරීය. මේ අතරතුරේ දී සදලිගේ පියාට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ රෝහලේ වෛද්‍යවරයාගෙනි. වෛද්‍යවරයා විසින් පවසන දේට ඇහුම්කන් දුන් සදලිගේ පියාට මහා කාන්තාරයකට වැහිපොදක් වැටුණාක් වැනි සතුටු හැගීමකින් මුලූ ශරීරය ම පිනා ගියේය. වෛද්‍යවරයාගේ එකී පණිවිඩයෙහි සටහන් වූයේ ”සදලිට සරිලන වකුගඩුවක් ලැබුණා” යන පණිවිඩයයි. නමුත් එහි විශේෂත්වය වන්නේ එය පරිත්‍යාග කරන්නා තම අනන්‍යතාවය හෙළිකිරීමට අකමැති වීමයි.



අනතුරුව සදලිගේ සැත්කම ඉතා ඉක්මණින් හා සාර්ථක ව සිදුවිණි. එය සදලිටත්, ඇයගේ දෙමව්පියන්, ඥාතීන්, සියල්ලට ම මහත් වූ සතුට ගෙන දෙන කාරණයක් විය. සදලිට මෙම පරිත්‍යාගය සිදුකළ අය තම අනන්‍යතාවය හෙළිකිරීමට අකමැති වුවත්, ඊටපසුදා ම ඔවුනට එහි සත්‍ය දැනගැනීමට හැකි විය. එම උතුම් පරිත්‍යාගය සිදුකර ඇත්තේ වෙන කිසිවෙක් නොව පාසල් වියේ සිට එකට ඇසුරු කළ ඇයගේ හො`ද ම යෙහෙළිය වූ රුමෙයිසාය. ඇය මෙන් ම ඇයගේ දෙමව්පියන් ද සිදුකොට ඇත්තේ මහත් වූ දානමය පිංකමකි. එසේ ම ඔවුන්ට තමන් විසින් සිදුකළ වීර කි‍්‍රයාව පිළිබ`ද ලොවට හ`ඩ ගා කීමට කිසිවිටෙකත් අවැසි වූයේ නැත. ඔවුන් එය සිදුකිරීමට කටයුතු කරන ලද්දේ තම අනන්‍යතාවය ද ස`ගවාලමිනි. අනෙකුත් නෑදෑයින්, යහළු මිත‍්‍රයන් හා හිතවතුන් අතරින් එවැනි උතුම් උපකාරයක් කිරීමට ජාති, ආගම්, කුලභේද නොසළකා ඉදිරිපත් වුණු රුමෙයිසා ඇතුළු පවුල පිළිබ`ද ගම, නගරය පමණක් නොව මුළු රට ම කතා වන පුවතක් බවට පත් විය. ආගම්, ජාති නොසළකා මිනිසුන්ගේ අපහසුකම්, අසරණකම් හමුවේ සියල්ලන් ම එකිනෙකාට උපකාර කර ගනිමින් ජීවත් වුවහොත් ගම, නගරය, රට පමණක් නොව මුළු ලෝකය ම ලස්සන වන බව රුමෙයිසා ඇතුළු ඇයගේ ආදරණීය පවුලේ අය සැමට ඉතා වැදගත් ආදර්ශයක් ලබා දුනි. සැවොම එකිනෙකාට උදව් කර ගනිමින් සියල්ලෝ ම එක ම මවකගේ දරුවන් මෙන් ජීවත් වුණි. නැවත කිසිමදාක ඔවුනගේ ගම තුළ සිංහල මුස්ලිම් කෝළහාල ඇතිවූයේ නැත.

7 comments:

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...