නූතන සමාජය තාක්ෂණික අංශයෙන් බෙහෙවින් දියුණු වී ඇත. ඒ ඔස්සේ නූතන ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ද සුවිශාල වර්ධනයක් සිදුවතිබේ. මෙහි ගුණාත්මක දේ බොහෝ තිබුණ ද ඒ තරමට ම එහි සෘණාත්මක පැතිකඩ ද විශාල වශයෙන් දක්නට ඇත. තාක්ෂණික ක්‍රියාදාමයත් සමඟ ඇති වූ මෙම පරිවර්ථනය තුළ එකී කරුණුවලට නිදසුන් බෙහෙවින් දැකගත හැකිය.
ඒ සඳහා නිදසුන් ලෙස විශේෂයෙන් ම නව මාධ්‍ය දියුණුවත් සමඟින් ඇති වූ ඉතා වේගවත් ප්‍රවෘත්ති වාර්තාකිරීම් තුළ ඇත්තේ ගුණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයට එහා ගිය තරඟකාරීත්වයකි. නූතන ජනමාධ්‍ය තුළ සංඛ්‍යාත්මක වශයෙන් මාධ්‍ය රැසක් බිහි ව තිබීම නිසා ඕනෑම ප්‍රවෘත්තියක් අනෙකාට ප්‍රථම තමා පලකළ යුතුය යන හැඟීම පෙරදැරිකොට ගෙන පමණක් වාර්තාකරණයෙහි යෙදෙති. වත්මනේ පළවන පුවත් පිළිබඳ නිරීක්ෂණය කළ විට එක ම පුවත මාධ්‍ය කිහිපයක වාර්තා කරනුයේ කිහිපාකාරයෙනි. එහි දී එය අසන, බලන ශ්‍රාවකයා හෝ පාඨකයාට ඇති වන ගැටලුව වන්නේ මෙම වාර්තා කරන ඇසුරෙන් නිවැරදි පුවත කුමක්ද යන පැනයයි. එබැවින් නිරන්තරයෙන් ම සෑම මාධ්‍යක් ම මේ පිළිබඳ ඉතා සැළකිලිමත් විය යුතුය.
අනෙක් කරුණ නම් යම් අපරාධයක්, අනතුරක් සිදු වූ අවස්ථාවල දී ඒ පිළිබඳ එක් එක් මාධ්‍යයන් වාර්තා කරන ආකාරය පිළිබඳ ව ද බෙහෙවින් සැළකිලිමත් විය යුතුය. විශේෂයෙන් ම යම් අපරාධයක් සිදුවූ අවස්ථාවන්වල දී එම අපරාධයට බඳුන් වූ පුද්ගලයාගේ ඡායාරූප සම්පූර්ණයෙන් ම නිරාවරණය කරමින් ඔහු හෝ ඇයගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ ව කිසිදු සීමාවකින් තොර ව සමාජයට හෙළිකිරීම මෙකළ සුලබ වශයෙන් දක්නට ලැබෙන කරුණකි. එසේ ම අපරාධයන් සිදුවූ අවස්ථාවල දී විශේෂයෙන් ම දෘශ්‍ය මාධ්‍යයන් විසින් එම අපරාධ වාර්ථාකරණයේ දී නැරඹීමට අපහසු රූප රාමු ද පෙන්වීම සිදුකරයි. විශේෂයෙන් රුධිරය සහිත ඡායාරූප ආදිය ද බෙහෙවින් නිරාවරණයකොට පෙන්වීම දැකිය හැක. එය ඉතා සාවද්‍ය ක්‍රියාවක් වන්නේය. එය අපරාධයට බඳුන් වූ පුද්ගලයාට සහ එම නිවැසියන්ට කෙතෙක් දුරට බලපානු ලබනවා ද යන්න මාධ්‍ය සැළකිලිමත් වන්නේ නැත. මාධ්‍යයට සැමවිට ම අවශ්‍ය වී ඇත්තේ පවත්නා තරඟකාරීත්වය හමුවේ අනෙක් මාධ්‍යයන් අභිබවා තම මාධ්‍යයට පුමුඛතාවය ලබා ගැනීමේ අරමුණ පමණකි. එහි දී පුද්ගලයාගේ පෞද්ගලිකත්වය යන සාධකයට කිසිවිටෙකත් ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ නැත. එබැවින් සියලු ම මාධ්‍ය ඒ පිළිබඳ ව බෙහෙවින් සැළකිලිමත් වී කටයුතු කරන්නේ නම් එවැනි අපරාධයන්ට මුහුණ පෑ පුද්ගලයන්ට හා එකී නිවැසියන්ට මාධ්‍ය ඔස්සේ තවත් අපරාධයක් සිදුවන්නේ නැත.
- චතූ -
Good article
ReplyDeleteThanks dr...
DeleteNice dr
ReplyDeleteThank u akke...
ReplyDelete