අවුකන බුද්ධ ප‍්‍රතිමාව
අනුරාධපුර කලාවැව ආසන්න ව පිහිටි පර්වතයක නෙළන ලද අවුකන සිටි ප‍්‍රතිමාව ධාතුසේන රජු සිළුමිණක් (455 - 73) කර වූ ”කාලසේල සත්ථු පටිමාව” ලෙස සළකනු ලැබේ. ඒ අනුව මෙය කි‍්‍ර.ව. 5 - 8 සියවස් අතර කාලයට අයත් වන බව පරණවිතාන පවසයි. එහෙත් මෙය කි‍්‍ර ව. 6 වන සියවසේ නිර්මාණයක් ලෙස විජේසේකර හ`දුන්වයි. එසේ වුව ද එම පද්මාසනය ද, සිරස්පත ද පසුකාලීන එනම්, කි‍්‍ර.ව. 8 - 9 සිවස්වල දී කරන ලද බව පිළිගැනීමයි. අවුකන පිළිමය අඩි 38 අ`ගල් 10ක් උස ඇති අතර මාළි`ගාවිල ප‍්‍රතිමාවට වඩා අඩි 7කින් පමණ උසින් අඩුය.
අවුකන ප‍්‍රතිමාවේ සිරස්පත ශිඛා පහකින් යුක්ත වන අතර මධ්‍ය ශිඛාව ක‍්‍රමයෙන් උස් ව තිබේ. උෂ්ණීෂයක් නැති නමුත් සිරස්පතත්, හිසත් අතර ඇති සිරස්පත හිසට සම්බන්ධ කරන කොටස උෂ්ණීෂයක් මෙන් පෙනේ. හිසකෙස් දක්ෂිණාවෘත්ත අක්බඹරු ආකාරයෙන් ක‍්‍ර‍්‍රමානුකූල ව පැහැදිලි ව පිහිටා ඇත. සපිරුණු හිසක් ඇත. සිහින් ඇහිබැම, දිගටි දෑස, ස්ථිර දෙතොල, පුළුල් නළලත, මහත් වූ දැඩිගෙල යනාදී ලක්ෂණයන් ඉතා වැදගත් ය. දෑස ගැඹුරු හැ`ගීමක් නිරූපණය කරයි. මුහුණෙහි ප‍්‍රකාශනය වෙනත් ප‍්‍රතිමාවලට වඩා වෙනස් ය. දකුණත වැළමිටෙන් ඉහළට ඔසවා අභය මුද්‍රාව දක්වයි. එය රුවන්වැලි සෑ විහාරයේ සිටි බුද්ධ ප‍්‍රතිමාවට සමාන නමුත් අත්ල දැක්වෙන්නේ ඉතා සුළුවෙනි. එහෙයින් එය අභය මුද්‍රාවට වඩා වෙනත් විශේෂ මුද්‍රාවක් නිරූපණය කරනවා විය හැකිය. යමක් වේගවත් ව පැවසීමේ දී යොදා ගන්නා ව්‍යාකරණ මුද්‍රාව ද විය හැකි බවට මතයක් ඇත. වමත ඉහළට නමා වම් උරහිස මත ඇති චීවරය අල්වාගෙන සිටියි.
සිවුර ඒකාංශකොට පොරවා තිබේ. එකිනෙකට සමාන්තර ව දිවෙන දාර පෙළින් යුක්ත තැනි ඉතා අලංකාර ලෙස නිර්මාණය කර තිබේ. අමරාවතී ශෛලියේ චීවරයට සමාන වුවත්, මෙය එපමණ දළ නොවේ. මෙය සිංහල ශිල්පියාගේ නිර්මාණයකි. අන්තරාවාසකයෙහි පහළ කොටස චීවරයට වැඩියෙන් පහළට දික්ව ඇත. දුහුල් චීවරය සහ අ`දනය නිසා දෙපා හා උදර බන්ධනය මතු වී පෙනේ. උදර බන්ධනය සහ යටි උදරය අවතල ව දැක්වෙන අතර ඒ අසළ ඉහළ කොටස යන්තමින් පිටතට නෙරා තිබේ. දෙපතුල් එකිනෙකට ආසන්නයෙන් පිහිටා ඇත. මහාපුරුෂ ලක්ෂණවලින් එකක් වූ සපිරුණු දණහිස්වලින් අසාමාන්‍ය පෞරුෂත්වය ගම්‍ය වෙයි. ශරීරය ආරෝහපරිනාහ සම්පත්තියෙන් අනූනය. ඒ තුළින් දශබලධාරීත්වය හා වෛශාරද්‍ය මනාව පිළිබිඹු වෙයි. ඉතා අල්ප ලෙස ශරීරාංගවල බරපතල බවක් ඇති නමුත් කඩවසම් බව හා විශාලත්වය නිසා ඉතා උදාරය. මහාපුරුෂ ලක්ෂණ බොහෝදුරට ප‍්‍රදර්ශනය කර ඇති මෙය ශිල්ප ශාස්ත‍්‍ර න්‍යායන් හො`දින් අනුගමනය කර නෙළා තිබෙන බව පෙනේ.
මෙහි අණ්ඩාකාර මුහුණ, ලම්බකර්ණ හා දිගටි ඇස් යනාදී ලක්ෂණ ගුප්ත ශෛලියට සමාන වුවත් එම ශෛලිය අභිබවා යන ලෝකෝත්තර ගුණය මෙම ප‍්‍රතිමාවෙන් උප්දීප්ත ව පෙනේ. දෑසේ ගැඹුරු බව නිසා දසබලධාරීත්වය කැපී පෙනේ. අවුකන ප‍්‍රතිමාවේ දෙපා යට තිබී හමුවූ කුඩා ලෝහ මූර්ති බ‍්‍රහ්ම, ඉන්ද්‍ර, වරුණ හා කුවේර යන දෙවිවරුන්ගේ බවත්, එයින් බුදුන්ගේ දේවාතිදේව භාවයත්, බ‍්‍රහ්මාතිබ‍්‍රහ්ම භාවයත් පෙන්වන බව පරණවිතාන පවසයි. වනරතන හිමියෝ මෙම ප‍්‍රතිමාව දීපංකර බුදුන්ගේ බවත්, එම කුඩා මූර්ති උන්වහන්සේගේ පරිවාරිකයන් වූ ඉන්ද්‍ර, බ‍්‍රහ්ම, යම, සුයාම හා සන්තුසිත යනාදීන්ගේ බවත් පවසති. එසේ වුව ද දීපංකර බුදුන්ගේ යැයි පැවසීමට වෙනත් සාධක නැත. ධාතුසේන රජු දීපංකර බුදුන්ගේ ප‍්‍රතිමාවක් කළ බව ද ස`දහන් නොවේ. එහෙයින් මෙය දීපංකර බුදුන්ගේ ම යැයි පැවසිය නොහැකිය. (ලගමුව,1999,පි:67)
අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ කලාවැව පාමුළ එහි සිට සැතපුම් 1 1/2ක් පමණ දුරින් වූ ස්ථානයක මේ ප‍්‍රතිමාව නෙළා තිබේ. ලංකාවේ වඩාත් ම ජනපි‍්‍රය සිටි බුදුපිළිමය වූ මෙය ඉදිකරනු ලැබූ කාලය පිළිබ`ද විවිධ මත පවතී. බොහෝ දෙනාගේ අදහස වන්නේ මෙය ධාතුසේන රජතුමා (කි‍්‍ර.ව. 455 - 473) විසින් සිළුමිණක් කරවූ කාලසේල සත්ථු පටිමාව ලෙස ය. ඒ අනුව මෙය කි‍්‍ර.ව. 5 - 8 සියවස් අතර වූ කාලයකට අයත් වන බව මහාචාර්ය පරණවිතාන අදහස් කරයි. මේ පිළිමය කි‍්‍ර.ව. 6 වන සියවසේ කරවන ලද්දක් බව ආචාර්ය විජේසේකර ස`දහන් කරයි. මෙහි කාලය පිළිබ`ද ව ඒ.එම්. ඛව්රෝස්ගේ අදහස වන්නේ මෙය 12 වන සියවසේ දී 1 වන පරාක‍්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දක් බවය. ආනන්ද කුමාරස්වාමි මෙය 12 වන හෝ 13 වන සියවස්හි කරන ලද්දක් බව පවසයි. මහාචාර්ය දොහානියන් මේ පිළිමය 8 වන සියවසෙහි දෙවන භාගයේ කරවන ලද්දක් බව පවසනුයේ එහි දක්නට ලැබෙන අමරාවතී ලක්ෂණ පදනම් කරගෙනය. කෙසේ වුව ද මේ පිළිමය හා සම්බන්ධ යම් යම් කොටස් පසු කාලවල දී එකතුකොට ඇති බව පැහැදිලිය. ශිලාමය පද්ම පීඨයක නෙළා ඇති මෙම මහා බුද්ධ ප‍්‍රතිමාව උසින් අඩි 38 අ`ගල් 10ක් තරම් වේ. පිළිමය වමට නෙළා ඇතත් එහි පිටුපස ඇති කුඩා ගල් තීරුවකින් පිහිටි ගලට සම්බන්ධ කර තිබේ. ප‍්‍රධාන වශයෙන් ම පිළිමයේ දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ ඒකාංශ පාරුපනයෙන් යුතු රැුළි සහිත චීවරයත්, වම් අතින් එය දරාසිටින ආකාරය සහ දකුණු අතින් අභය මුද්‍රාව පෙන්වා තිබීමත්ය. බුද්ධ ප‍්‍රතිමාවේ ශීර්ෂය මුදුනේ සිරස්පතක් ද වෙයි. මෙය පසුකලෙක මෙහි සවිකරන ලද්දක් බව ද පැහැදිලිය. මේ සිරස්පත ප‍්‍රතිමාවෙන් ගැලවී බිමවැටී තිබී සොයාගෙන ඇත්තේ 1870 වර්ෂයේ දී ය. බුදුපිළිමය ස`දහා උෂ්ණීෂයක් දක්නට නොලැබෙන නමුදු සිරස්පත එකතු කරන තැන උෂ්ණීෂයක් සේ දක්වා තිබේ. හිසෙහි වූ දක්ෂිණවෘත කෙහෙරැුළි ක‍්‍රමානුකූල ව පිහිටුවා තිබේ. (ස.සා. අමරසිංහ, 2018.08.17)
බුදුපිළිමයේ මුහුණේ ලක්ෂණ බොහෝවිට එහි ඇති උදාරත්වය පිළිබිඹු කරන්නට ගත් උත්සාහයක් වැනිය. එහෙත් ඒ තුළින් ඊට හිමිවන කලාත්මක ස්වභාවය බැහැර වී ගොස් තිබේ. සිහින් ඇහි බැමි, දිගටි ඇස්, ඝණ දෙතොල, පළල් නළල හා දැඩි ගෙලත්, විශාල දෙකන් යුගලත් එහි හැඩිදැඩි බව තවත් තීව‍්‍ර කරවයි. එබැවින් පිළිමයේ මෘදු බව ද, භාවනායෝගී භාව ප‍්‍රකාශනය ද ගිලිහී ගොස් තිබේ. මේ නිසා මෙය ස්වදේශීය ලක්ෂණ බැහැර කළ, ස්වදේශීය අවශ්‍යතාවයට අනුව කළ ඉන්දියානු ක‍්‍රමයේ අනුවර්ථනයක් බව විජේසේකර වැඩිදුරටත් ස`දහන් කරයි. (විජේසේකර,1970,පි:257)
චීවරය විනිවිද පෙනෙන ආකාරයට සකස්කොට ඇති අතර උදර බන්ධනය සහ යටි උදරය යාන්තමින් පිටතට නෙරා තිබේ. අන්තරාවාසකයෙහි පහළ කොටස චීවරයට වැඩියෙන් පහළට දික්ව ඇති අතර පිළිමයේ දෙකකුල් පිහිටා ඇත්තේ ද එකිනෙකට ආසන්නයෙනි. අවුකන බුදුපිළිමය ඉතා හො`දින් වැඩ අවසන් කළ මූර්තියක් වේ. එහි ඇති ශරීරාංගවල බරපතලකම හැරුණුවිට කඩවසම් බව හා විශාලත්වය නිසා ම උදාර බවක් පෙන්වයි. පිළිමයේ මහාපුරුෂ ලක්ෂණ දක්වා ඇතිවා සේ ම පුරාණ ශිල්ප ශාස්ත‍්‍රවලට අනුව නියමාකාරයෙන් නෙළා ඇති බව ද පැහැදිලිය. බුදුපිළිමයේ දෙපා යට තිබී හමුවූ කුඩා ලෝහ මූර්ති බ‍්‍රහ්ම, වරුණ සහ කුවේර යන දෙවිවරුන්ගේ බවත්, ඒ අනුව මෙයින් බුදුන් වහන්සේගේ දේවාතිදේව භාවයත්, බ‍්‍රහ්මාති බ‍්‍රහ්ම භාවයත් පෙන්වන බව මහාචාර්ය පරණවිතාන ස`දහන් කරයි. වනරතන හිමියන්ගේ අදහස වන්නේ මෙය දීපංකර බුදුන්ගේ ප‍්‍රතිමාවක් බවයි. මෙහි තිබී හමුවූ කුඩා ලෝහමය මූර්ති උන්වහන්සේගේ පරිවාර දේවගණයා බව වනරතන හිමියන් ප‍්‍රකාශ කළත් එය තහවුරු කරන්නට වෙනත් සාධක නොමැත. බුදුපිළිමය වටා ප‍්‍රතිමා ගෘහයක් කර තිබේ. එය ප‍්‍රතිමාව නෙළුෑ කාලයකට පසු කලෙක කරවන ලද්දකි. ප‍්‍රදක්ෂිණා පථයක් ද සහිත මේ පිළිමගෙයි ගලින් කරන ලද පහළ කොටස් දැනුදු ඉතිරි වී තිබේ. පසු කාලයක ඒ මත ප‍්‍රතිමාවේ ආරක්ෂාව ස`දහා ගඩොල් ආරුක්කුවක් තනා තිබූ අතර මෑත දී එය ද ඉවත් කරනු ලැබීය. (ස.සා. අමරසිංහ, 2018.08.17)
ලාංකීය ඉතිහාසය පිළිබ`ද ව අධ්‍යයනය කරන විට අභයගිරියෙහි නැගීම කි‍්‍ර.පූ. 1 වන සියවසේ දී සිදුවිය (වළගම්බා කාලය). 5 වන සියවස වන විට ධම්ම රුචික භික්ෂූන් ලංකාවට පැමිණේ. ඒත් සම`ග මහායාන ආභාෂය පැමිණ ඇත. විශේෂයෙන් ම ඉන්දියානු බ‍්‍රාහ්මණ සම්ප‍්‍රදාය මහායාන බලපෑම සම`ග පැමිණේ. බුදුන්ගේ උෂ්ණීෂය සකස්වීම සිදුවන්නේ ද මේ අනුවය. ”සද්ධර්මපුණ්ඩරීක සූත‍්‍රයෙහි” ස`දහන් වන්නේ බුදුන් වහන්සේ දහසක් සක්වල ආඥා පැතිරූ බවයි. ඒ ඔස්සේ උෂ්ණීෂය සහ සිරස්පත සකස්වී ඇති අතර එය අවුකන ප‍්‍රතිමාව තුළින් වඩාත් ගම්‍ය වේ. එමෙන්ම ඉන්දියානු ගුප්ත යුගයෙන් පැමිණි ප‍්‍රතිමාවල ප‍්‍රතිමා ප‍්‍රමාණ මූලධර්ම පවතී. මේ ආභාෂය අවුකන ප‍්‍රතිමාව තුළ ද දැකියහැකිය. එනම් අවුකන ප‍්‍රතිමාව ද නිර්මාණය වී ඇත්තේ ”උත්තම නව තාල” යන මිනුම් ක‍්‍රමය අනුවය. එනම්, නහය කෙළවරේ සිට මහපැට`ගිල්ලට ලම්බක ව සිටින සේ ය. (ස.සා. ධම්මදස්සී හිමි, 2018.09.04).
- චතූ -
No comments:
Post a Comment