අනුරාධපුරයේ පැරණි වටවන්දනා පාරේ, මහමෙව්නාවේ පිහිටි මේ පිළිමය ලක්දිව බුදුපිළිම අතර දක්නට ලැබෙන පැරණිතම පිළිමයක් වේ. ධ්‍යාන මුද්‍රාවෙන් ද, වීරාසනයෙන් ද නිමවූ මෙම ශෛලමය හිදි බුදුපිළිමය බොහෝදෙනාගේ අවධානයට ලක්ව ඇත්තේ, එහි ඇති ශාන්ත හා ආධ්‍යාත්මික ස්වරූපය නිසා යැයි විශ්වාස කළ හැකිය. ගලින් නිර්මාණය කර ඇතත්, මුල් කාලයේ දී මේ පිළිමයේ බදාම ආලේපකොට වර්ණ ගන්වා තිබූ බවට සාධක හමුවන අතර ශරීරයේ රෝස පැහැයත්, චීවරයේ රතු පැහැයත් දක්නට ලැබුණි (වික‍්‍රමගමගේ, 1995, පිටුව:26)
ප‍්‍රතිමාවේ හිසකෙස් කැරළි ගැසුණු ස්වරූපයෙන් තිබෙන අතර පියවුණ නෙත්, සිහින් තොල් ස`ගලින් විනීත බවක් නිරූපණය කරයි. සියලූ ම ඉරියව් තුළින් ඉදිරිපත් කෙරෙන්නේ ධ්‍යානයකට සමවැදී සිටින ආකාරය පැහැදිලි වේ. මේ නිර්මාණකරණයට ආභාසය ලැබෙන්නට ඇත්තේ, කත‍්‍රාහි කුෂාණ පිළිමවලින් බව ද විශ්වාස කරයි (විජේසේකර, 1970, පි:77).
අභයගිරි පෙදෙසේ ඇති විශිෂ්ටතම ශෛලමය හි`දි ප‍්‍රතිමාව වූ මෙය සමාධි ප‍්‍රතිමාව නමින් හැ`දින්වෙයි. මහාවංසයේ මහසල පටිමා, ම`ගුල් මහසල පටිමා යනාදී නම්වලින් නිතර නිතර ස`දහන් වන්නේ මෙම ප‍්‍රතිමාව බව සමහරු පවසතිි. මෙය දෙවනපෑතිස් රජු විසින් කරවන ලද ප‍්‍රතිමාව බව දේවේන්ද්‍ර පවසන නමුත් ඒ ස`දහා පිළිගතහැකි සාධක නැත. ආසනයක් මත වීරාසනයෙන් වැඩසිටින මෙහි දෙපා වම් පාදය මත දකුණු පාදය ආසනය සරසට ඉතා පහසු ලෙස තබා ඇත. පිටිපතුල් උඩට සිටින ලෙස තිබෙන වම්පාදයේ පිටි පතුල දකුණු දණහිසට යටින් ඇති අතර දකුණු පාදයේ ඇ`ගිලි වම් දණිස් සන්ධියේ ස්පර්ශ වෙයි. දණිස්, පතුල්, ඇ`ගිලි යනාදිය ඉතා සුඛනම්‍ය වෙයි. දණහිස් ක‍්‍රමවත් ව පිහිටා ඇත. පාදවල මාංශපේශීන් නිසිපරිදි සකසා තිබේ. මැනවින් සෘජු වූ ක`ද කොටස ඉතා මනහරය. පපු පෙදෙස පළල්ය. ඉ`ග ක‍්‍රමානුකූල ව සිහින් ව යයි. ළැම නිසි පරිදි සකස් වී තිබේ. බ‍්‍රහ්මයාගේ ශරීරය බ`දු සෘජු ශාරීරික ලක්ෂණය ම`ගින් සංයමය මනාව ඔපවත් වේ. (ලගමුව,1999,පි:86)
මෙය මහා විහාර සම්ප‍්‍රදායට අයත් පැරණි ප‍්‍රතිමාවක් වන අතර ශරීරයේ ඇති තරබාරු බවත්, අ`ගපස`ගවල ඇති නොගැලපෙන ස්වරූපය පිළිබ`දවත් යම් යම් අඩුපාඩු දක්නට පිළිවන (වික‍්‍රමගමගේ, 1995, පිටුව:26)
ඒකාංශ පාරුපනයෙන් යුතු බුදුපිළිමයේ චීවරය ඇ`ගට ඇලීගිය බවක් පෙනෙන අතර එය එක් රේඛාවකින් පමණක් දක්වා තිබේ. බුදුපිළිමයේ නෙත්වලට මැණික් අල්ලා තිබී ඇති අතර, පිළිමයේ කැඞීගිය නාසයට මෑතදී නාසයක් නිර්මාණය කර ඇති බැවින් එයින් ම පිළිමයේ සුන්දරත්වය විනාශ වී ගොස් තිබේ. එහෙත් භාව ප‍්‍රකාශනය අතින් මෙය දෙවැනි වන්නේ පංකුලියේ ප‍්‍රතිමාවට පමණක් බව මහාචාර්ය වික‍්‍රමගමගේ පවසයි. බුදුරජාණන් වහන්සේ සමාධියෙන් පසුවන බව සියලූ ම ඉරියව්වලින් පළකෙරෙන මෙම ප‍්‍රතිමාවේ ඡුායාරූපයක් ළ`ග තබාගත් ඉන්දීය අගමැති ව සිටි ජවහල්ලාර් නේරු එදෙස බලමින් මහත් සැනසිල්ලක් ලැබූ බව ද ප‍්‍රකට කරුණකි.
අඩි 7යි අ`ගල් 9ක් පමණ උස් වූ මෙම ප‍්‍රතිමාවේ දෙදණ හරහා දිග අඩි 7කි. මෙය සිංහල ශිල්පියෙකුගේ ස්වාධීන නිර්මාණයක් බව වික‍්‍රමසිංහ මහතා ද ප‍්‍රකාශ කරයි. සමාධි ප‍්‍රතිමාවෙහි ඇත්තේ සිත නිවනසුළු ආධ්‍යාත්මික සැපතකි. ගස්වැල්වලින් පිරි භූමියෙහි ඇවිද ගොස් සමාධි ප‍්‍රතිමාව නරඹන්නාගේ සිතට දැනෙනුයේ පහන් සිතුවිල්ලකි. මෙම පිළිමයට පිටුපසින් ඇති නටඔුන් අනුව එය බෝධි වෘක්ෂයක් ඉදිරියේ කරවන ලද්දක් බව පැහැදිලිය. මෙහි පිටුපසට වන්නට තවත් බුද්ධ ප‍්‍රතිමාවක කොටස් හමුවේ. ඒ අනුව මෙහි බෝධිඝරයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ථූපාරාමයේ පාචීන තිස්ස පබ්බත විහාරයටත්, එතැනින් අභයගිරියටත් ගෙනගිය අලංකාර සෙල්මුවා ප‍්‍රතිමාවක් ගැන මහාවංසයේ ස`දහන් වේ. ෆාහියන් භික්ෂුව ද හතර වන සියවසේ දී අභයගිරියෙහි වූ අලංකාර ප‍්‍රතිමාවක් දුටු බව ස`දහන් කර තිබේ. එය මෙම සමාධි ප‍්‍රතිමාව විය හැකි බව ඇතැමුන්ගේ අදහසයි. (ස.සා. අමරසිංහ, 2018.08.17)
දෑත සමාධි මුද්‍රාවෙන් යුක්ත වන අතර වමතේ අත්ල මත දකුණේ අත්ල තබා තිබේ. වැළමිට, මැණික් කටුව හා ඇ`ගිලි නම්‍ය සුළු ය. පාද මෙන් දෑත ද අපහසුවකින් තොර ව පහසුවෙන් තබා ඇත. ගෙල පෙදෙස ශරීරයට හා හිසට ගැලපෙන පරිදි මහත් ව තිබේ. ති‍්‍රවලිය පැහැදිලි ව එහි දැක්වේ. මුහුණ වටකුරුය. දෙකොපොළ පිරී ඇත. දෙතොල සිහින් ය. අචංචලය. දිගු කන්, ලම්බකරණ ලක්ෂණය හො`දින් පිළිබිඹු කරයි. දිගටි අඩවන් දෑස ඉතා රමණීය වේ. හිසකෙස් දක්ෂිණාවෘත්ත ක‍්‍රමවත් ව පිහිටි කෙස්පිඬුවලින් යුක්තය. ශිල්පශාස්ත‍්‍ර ග‍්‍රන්ථවල ස`දහන් වන උෂ්ණීෂය හිස් මුදුනේ නොදැක්වේ. එසේ වුව ද මනහර වූ පිරිපුන් හිසින් ද පුළුල් නළලකින් ද ථේරවාද ග‍්‍රන්ථාගත උෂ්ණීෂ ලක්ෂණය නිරූපණය කරයි. මෙම ලක්ෂණද්වය ඉතා වැදගත් ලක්ෂණ ලෙස මෙම ප‍්‍රතිමාවේ දැක්වේ. චීවරය ඉතා දුහුල් ය. ඒකාංශකොට පොරවා ඇති එය පපුව හරහා දිවෙන තනි රේඛාවකින් ද වමතේ මැණික් කටුව හා පාවල වළලූකර සමීපයෙන් දිවෙන තනි රේඛාවකින් ද දැක්වේ. තැනි නැත. චීවරය තුළින් ශරීරිකාංග හො`දින් මතුව පෙනේ. ප‍්‍රතිමාවේ සැහැල්ලූ බව ආරක්ෂාවීම පිණිස එම චීවර ලක්ෂණ ද හේතු වී තිබේ. ශරීරයට ම ඇලී තිබෙන එය දකුණු ළැම විවෘත ව තබා පපුව හරහා දිව යයි. සමාධි ප‍්‍රතිමාව ආරෝහපරිනාහ සම්පත්තියෙන් අනූන කදිම පිළිමයකි. මුහුණින් ආධ්‍යාත්මික උතුම් ගුණයන් මනාව පිළිබිඹු වෙයි. මහා බ‍්‍රහ්ම විහරණයෙන් යුක්තය. සමාධිගත බුදුන් වහන්සේ නිරූපණය කරන ලංකාවේ ශේෂ්ඨතම ප‍්‍රතිමාව සමාධි පිළිමයයි. අඩි 09 අ`ගල් 6ක් උස ද, අඩි 8 අ`ගල් 05ක් දෙදණ අතර පළල ද ඇති මෙය ”ගුප්ත කලා සම්ප‍්‍රදාය” අනුගමනය කරමින් සිංහල ශෛලියට අනුව නෙළන ලද්දක් බව පෙනේ. සමාධි ප‍්‍රතිමාව කි‍්‍ර.ව. 5 වන සියවසට අයත් නිර්මාණයක් ලෙස සළකනු ලබයි. (ලගමුව,1999, පි:87)
ඉතිහාසය ගත් විට මහාවංසයේ ස`දහන් වන්නේ කි‍්‍ර.පූ. 3 වන සියවසේ දී සමාධි ප‍්‍රතිමාව නිර්මාණය වූ බවයි. මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සමාධි ප‍්‍රතිමාව හ`දුන්වනුයේ සිංහල බුද්ධ ප‍්‍රතිමාවක් ලෙස ය. මෙම ප‍්‍රතිමාව නිර්මාණයකොට තිබෙන්නේ ප‍්‍රතිමා මූලධර්මවලට අනුව නොව එමනිසා සමාධි ප‍්‍රතිමාවට ඉන්දියානු ලක්ෂණ ලැබී ඇතැයි කිවනොහැකිය. බුද්ධ ප‍්‍රතිමාව අශෝක යුගයේ දී බිහි වූ අතර මිහි`දු හිමියන්ගේ පැමිණීමත් සම`ග ඉන්දියානු කලාශිල්පීන් මෙහි පැමිණ බුද්ධ ප‍්‍රතිමාව සහ ස්ථූපය ස්වදේශීය ලක්ෂණ සම`ග නිර්මාණයකොට ඇත. එය ඉන්දියානු ලක්ෂණ සහ ඉන්දියානු ආකෘතියෙන් තොර ව ස්වදේශීය ලක්ෂණවලින් නිර්මාණය කර ඇත. අනුරාධපුර මිනිසුන්ගේ තිබුණු චාම් බව, සරළ බව, අව්‍යාජ බව සියල්ල ම සමාධි ප‍්‍රතිමාවෙන් නිරූපණය වේ. (ස.සා.ධම්මදස්සී හිමි, 2018.09.04).
- චතූ -
No comments:
Post a Comment