Sunday, June 24, 2018

"Guru Tharuwa"

ගුරු තරුව





දඬුවම් කරන්නෙ වරදට
ගන්න නුඹ යහමඟකට
තේරුම් ගන්න හරියට
වැටෙයි නැත්නම් නුඹ අගාදෙට


වරද දුටු තැනදි ම
එය නිවැරදි කළ විට
නැවත එම වරද ම
සිදුවීම දුලබය


ගුරුන් දඬුවම් කළවිට
කලබල වෙලා එකවිට
අසිහියෙන් එමවිට
පහත් ලෙස නොහැසිරෙනු කිසිවිට


හොඳින් මෙය වටහාගනු
පෙන්වූ වරද පිළිගනු
පාසලේ ගුරුවරුන් යනු
අපට සැමවිට මව්පියන් වනු
                                 
                                           -චතූ-

Saturday, June 23, 2018

"Ruvin math u yuwathiya"

රුවින් මත් වූ යුවතිය 





තරින්දි  වයස අවු. 16ක ඉතා රූමත් ගැහැනු ළමයෙක් විය. සාමාන්‍ය පවුලක හැදී වැඩුණු ඇයට සිටියේ අම්මාත්, තාත්තාත් සහ මල්ලි කෙනෙකුත් පමණි. ඇයගේ සුන්දරත්වය නිසා ම පාසලේ කා අතරත් ඇය ජනප්‍රිය විය. ඇය ඉගෙනුම ලැබුවේ 11 ශ්‍රේණියේ වුවත් ඇයගේ ආදරය පතා පැමිණි පිරිමි ළමුන්ගෙන් අඩුවක් නොවීය. 


පාසලේ උසස්පෙළ පන්තිවල ඉගෙනුම ලැබූ විශ්ව ඉතාමත් දක්ෂ පිරිමි ළමයෙකි. ඔහු උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙනි. එසේ ම ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ය. ඔහු අධ්‍යාපන කටයුතුවලට මෙන් ම පාසලේ භාහිර වැඩ කටයුතුවලට ද ඉතා ක්‍රියාශ්‍රීලී ලෙස දායක විය. විශ්ව පෙනුමෙන් එතරම් කඩවසම් නොවුවද ඇතුළාන්තයෙන් ඉතා ගුණගරුක යහපත් ශිෂ්‍යයෙකි. ඒ නිසා ඔහුට යහළුයෙහෙළියන්, ගුරුවරුන්, නෑදෑයින් හැම කෙනෙක් ම පාහේ විශ්වගෙ දෙමව්පියන් තරමට ම ආදරේ කළේය. විශ්වගේ සිතේ ද තරින්දි පිළිබඳ කැමැත්තක් තිබුණ ද ඇය තවමත් සාමාන්‍ය පෙළ වයසේ පසුවන නිසා ඇයගේ ඉගෙනීම් කටයුතුවලට බාධා එල්ලවේ යැයි යන බියෙන් ඔහු එය සැමගෙන් සඟවා ගෙන සිටියේය. 


මෙලෙස කාලය ගතවන විට තරින්දි තම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත් වී උසස් පෙළ හැදෑරීමට පාසලට පැමිණියාය. තරින්දි අධ්‍යාපනයට එතරම් දක්ෂතාවයක් නොදැක්වුවත් ඇය තම රූපය පිළිබඳ සිටියේ මහත් ආඩම්බරයෙනි. තරින්දි උසස් පෙළ සඳහා පාසලට පැමිණීමත් සමඟ විශ්වට තම අදහස ඇයට දැන්වීමට අවශ්‍ය විය. විශ්ව කඩවසම් බවින් අඩු වුවද ඔහුගේ දක්ෂතාවය නිසාත්, ගුණගරුක බව නිසාත් සැමවිට ම කැපී පෙනෙන චරිතයක් වූ බැවින් පාසලේ ගැහැනු ළමුන් ද ඔහු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වීය. මේ අතර විශ්ව තම යෝජනාව පිළිබඳ තරින්දිට පැවසුවේය. තරින්දි එයට එකවර පිළිතුරක් ලබා නොදුන්නද විශ්වට පාසලේ හිමි ව ඇති ස්ථානය ගැන සිතන විට තරින්දිගේ හිතේ ඔහු වෙනුවෙන් කැමැත්තක් ඇති විය. ඇය එය සැළකුවේ අනික් ළමුන් අතර ආඩම්බර විය හැකි තවත් කාරණයක් ලෙසයි. 


ආදර සම්බන්ධය අතරතුර වුවද විශ්ව කෙදිනකවත් එය තම අධ්‍යාපනයට බරක් කර ගත්තේ නැත. ඔහු උසස් පෙළ විභාගය ඉතා ඉහළින් සමත් වී වාණිජ අංශයෙන් සරසවි වරම් ලැබුවේය. ඔහු උසස් අධ්‍යාපනය හදාරන අතරතුරේ වුවත් සෑම සති අන්තයක ම තරින්දි ව මුණගැසෙන්නට අමතක කළේ ද නැත. මේ අතරතුරේ දී තරින්දිගේ ආදරය පතා ඇය යන උපකාරක පන්තියෙහි පිරිමි ළමයෙකු ද පැමිණියේය.  ඔහු නමින් පේශල විය. පේශල ඉතා පෙහොසත් පවුලක එක ම ළමයා ය. එසේ ම ඔහු ඉතාමත් කඩවසම් තරුණයෙකි. බොහෝ ගැහැනු ළමුන් පේශල පිළිබඳ ව සිටියේ ඉතාමත් උනන්දුවෙනි. ඒ නිසා ම තරින්දි ඇය දැනටමත් පෙම්වතියක් බව අන් අයගෙන් සඟවා සිටියාය. දිනෙන් දින ගතවන විට තරින්දිට පේශල පිළිබඳ ව හිතේ යම් කැමත්තක් ඇති විය. මේ නිසා ම තරින්දි විසින් විශ්ව ව ටිකෙන් ටික මඟහරින්න පටන් ගත්තාය. විශ්වට මේ වෙනස හොඳින් වැටහුන ද ඔහු ඉතා ඉවසීමෙන් කටයුතු කළේ ය. මේ අතර තරින්දි පේශලට තම කැමැත්ත ප්‍රකාශ කළ අතර මේ බව විශ්වට ඔහුගේ යහළුවෙකුගෙන් අසන්නට ලැබිණි. එහෙත් ඔහු එයට ද කලබල වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ තරින්දිගෙන් ම ඒ බව දැනගැනීමට ය. නමුත් ඇය විශ්වගෙන් පැමිණි එක් ඇමතුමකට හෝ ප්‍රතිචාර දැක්වූයේ නැත. 


දිනක් ඔහු ඇයගේ උපකාරක පන්ති අවසන් වන වේලාවට එම ස්ථානය අසළ රැඳී සිටියේය. එහි දී දුටු දසුනින් විශ්ව ගල් ගැසී යන ලදි. ඔහු දුටුවේ තමාගෙ පෙම්වතිය වුණු තරින්දි වෙනත් පිරිමි ළමයෙකුගේ අතෙහි එල්ලී සුරතල් වන ආකාරයයි. විශ්වට තම කකුල් පණනැති වී යන්නාක් මෙන් දැනිණි. ඔහු එතැන ම තිබු ගසකට හේත්තු වී තදින් ඇස් පියා ගත්තේය. ඔහුට තවමත් ඔහු දුටුවේ සිහිනයක් සේ දැනෙයි. නමුත් නැවතත් එදෙස බැලූ ඔහුට මේ නම් සැබෑවක් ම බව වැටහිණි. ඔහුගේ පපුව කෙතරම් රිදුම් දුන්න ද ඇයගේ සතුට වෙනුවෙන් එයට ඉඩදිය යුතු බව ඔහු තරයේ සිතා ගනිමින් නැවතත් නිවෙස බලා පියමනින්නට විය. තරින්දි කෙතරම් රුවෙන් ලස්සන වුවත් ඇය හිතින් ඉතා අවලස්සන චරිතයක් බව විශ්ව වටහා ගත්තේය. එසේ නොමැති නම් මෙතරම් ඔහු විසින් ඇයට ආදරය කරද්දීත්, ඇයට ඔහුගෙන් කිසිදු වරදක් හෝ සිදුනොවී තිබියදීත් ඇයට තමා දමා යන්නට කිසිදු හේතුවක් නැතැයි සිතමින් විශ්ව තම හිත හදාගන්නට වෑයම් කළේය. 


සරසවි අධ්‍යාපනය නිම කළ සැණින් ම විශ්ව බැංකු කළමණාකරුවෙකු ලෙස පත් ව පැමිණියේය. ඔහු දැන් පෙර මෙන් නොව, ඉතා පොහොසත්ය. ඔහු තම රැකියාවට පැමිණෙන්නේ ද අගනා මෝටර් රථයකිනි. දිනක් ඔහු සේවයේ නියැලී සිටින විට මවට අසනීප යැයි නිවසින් පැමිණි ඇමතුමත් සමඟ ඔහු නිවස බලා පිටත් විය. මවට එතරම් අපහසුවක් නොවුනත් විශ්ව තම හොඳ ම මිතුරෙකු වූ වෛද්‍ය හර්ෂණ වෙත මව රැගෙන ගියේය. එහි ගිය පසු ඔහුට ඉතා සුපුරුදු මුහුණක් ඈතින් දිස්වූ නිසා ඔහු මහත් ඕනෑකමකින් එදෙස බැලුවේය. එවිට දැකගතහැකි වූ දෙයින් ඔහු විශ්මයට පත්විය. ඒ වෙන කවුරුත් නොව, ඔහුගේ ප්‍රථම පෙම වූ තරින්දිය. ඇය දෙස බැලූ බැල්මට ම ඇය ඉතා වෙනස් වී ඇති ආකාරය දක්නට ලැබිණි. නමුත් විශ්ව තවමත් තනිකඩ වුව ද ඇය නුදුරු දිනෙක ම මව් පදවිය ලැබීමට ආසන්නයේ සිටින්නියකි. ඇය ඉතා අපහසුවෙන් ගමන් කළ අතර ඇයට උපකාර කරමින් ඇය අසළින් ම ගමන් කරන පුද්ගලයා ඇයගේ සැමියා බව ද විශ්ව වටහා ගත්තේය. නමුත් ඒ සිටින්නේ එදා විශ්ව උපකාරක පන්තිය අසළ දී දුටු තරුණයා නොව වෙනත් තරුණයෙකි. ඇය දෙස ඉතා අනුකම්පාවෙන් බලා සිටි විශ්ව තම මව සමඟ ආපසු යන්නට හැරෙද්දී ම විශ්වගේ නෙතට තරින්දිගේ නෙත ද ගැටිණි. ඒත් සමඟ ම ඔහුව හඳුනගත් තරින්දි තිගැස්සී ගිය අයුරු විශ්ව දුටුවේය. ඇයගේ දෙනෙත්වල රැඳී තිබුණේ පරාජිත වූවෙකුගේ සේයාවකි. ඇය අනතුරුව ඉතා ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය.
                                                                                                            
                                                                                                            - චතූ -

"Obata nowatina mage premaya"

ඔබට නොවටින මගේ ප්‍රේමය






මගේ ළඟ හිඳිමින්
ආදරය කරමින්
මගෙම බව කියමින්
තවත් අය වෙත ගියේ කෙළෙසද...
වරක් දෙවරක් නොව
වැරදි කළ සැමවිට
නැවත නුඹ මවෙතට
ගෙන සැනසුවා මං...
නැවත ඒ වරද ම
මට දිගින් දිගටම
කරන විට එලෙසම
තවත් ඉවසිය හැකිවේ ද මට…

                                                        - චතූ -

Thursday, June 21, 2018

"Anukaranaya"


අනුකරණය



  


එක්තරා පිටිසර ගමක ඉතා පැරණි පන්සලක් පිහිටා තිබුණා. මේ පන්සලේ වැඩවාසය කළේ නායක හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් පමණයි. ගම ඉතා දුෂ්කර ගමක් වූ නිසා නායක හාමුදුරුවන්ට සහ පොඩි හාමුදුරුවන්ට දානය සපයා ගැනීමට පිණ්ඩපාතය වඩින්නට සිදුවුණා. 


මෙසේ පිණ්ඩපාතය වඩින විට නායක හාමුදුරුවන් ඉදිරියෙනුත්, පොඩි හාමුදුරුවන් පිටිපසිනුත් වැඩ ම කළා. ලොකු හාමුදුරුවන් තමන්ට දානය ලැබෙන සෑම අවස්ථාවක ම මදක් ඉදිරියට ගොස් පාත්තරය ඉහළට ඔසවා එහි යටි පැත්ත දෙස බැලීමට පුරුදුව සිටියා. මෙය සෑම දිනක ම දකින පොඩි හාමුදුරුවන් ද තමන්ට දානය ලැබුණු සෑම අවස්ථාවක දී ම පාත්තරය ඔසවා බලන්නට පුරුදු වුණා. 


දවසක් පොඩි හාමුදුරුවන් ද තමා මෙන් ම දානය ලැබෙන සෑම අවස්ථාවක දී ම පාත්තරය ඔසවා බලන ආකාරය නායක හාමුදුරුවන්ගේ නෙත ගැටුණා. නිහ`ඩ ව ම පන්සලට වැඩිය නායක හාමුදුරුවන් දන් වළ`දා අවසානයේ පොඩි හාමුදුරුවන් අමතා මෙසේ විමසුවා. ”පොඩිනම මොකද දානය ලැබෙන හැම අවස්ථාවෙදි ම පාත්තරය ඔසවා බලන්නෙ?” එයට පිළිතුරු ලබාදුන් පොඩිනම පවසා සිටියේ, ”නායක හාමුදුරුවෝ දන් ලබන විට එසේ සිදුකරන නිසා තමා ද එසේ සිදුකරන බවයි” එය ඇසූ නායක හාමුදුරුවන්ට සිනහ නොවී සිටීමට නොහැකි වුණා. 


නායක හාමුදුරුවන් විසින් දන් ලබන සෑම අවස්ථාවක ම පාත්තරය ඔසවා බැලීමට හේතු වී ඇත්තේ, තමාගේ පාත්තරය පතුලෙන් සිදුරු වී තිබීමයි. දන් බෙදන අවස්ථාවල දී එතැනින් දානය බිම ඉහිරිය හැකි නිසා පාත්තරය ඔසවා බලා සැමවිට ම එම ස්ථානයට අත තබා ගැනීමට තමන් කටයුතු කළ බව නායක හාමුදුරුවන් විසින් පොඩි හාමුදුරුවන්ට පැහැදිළි කළා. 


අනෙක් අය කරන හැම දෙයක් ම කිසිදු විමසීමකින් තොර ව අනුකරණය කරන පිරිස් අප සමාජයේ ද බොහෝමයක් අවස්ථාවල දී දැක ගතහැකිය. යමක් කිරීමට පෙර සැමවිට ම ඒ පිළිබ`ද මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට වගබලා ගැනීම තුළින් ඔබට සමාජය ඉදිරියේ මුහුණපාන්නට සිදුවන බොහෝ අපහසුතාවලින් මිදීමට නියත වශයෙන් ම හැකියාව ලැබෙනු ඇත.
                                                                                                      
                                                                                                                 - චතූ -

Monday, June 18, 2018

"Hadisi anathurin apa athhara giya pathum soyura wetha liyami"

හදිසි අනතුරින් අප අත්හැර ගිය පැතුම් සොයුර වෙත ලියමි 







බලාපොරොත්තු ගොන්නක් සිත්හි පොදි බැ`දන්
අකුරු කරන්නට සරසවි ඇවි`දින්
යහළුයෙහෙළියන් සම`ග කෙළිදෙලෙන්
ගත කළ කාලය දැන් නිමව ගොසින්..........


ඔබේ සිනහ හ`ඩ දැන් ඇසෙන්නෙ නෑ
ඔබේ කතාබහ දැන් ඇසෙන්නෙ නෑ
ඔබේ යහළුවන් මෙහි පෙනෙන්න නෑ
මතකය විතරක් ඉතිරි වෙලා..........


ඔබට රුදුරු වූ ගහකොළ, විදුලිය
නිහ`ඩයි කිසිවක් නොවුන විලාසෙට
පරිසරය ම නැවතත් පෙර විදිහට
නුඹ විතරක් දැන් නිහ`ඩ වෙලා..........


ඔබ නැති පාළුව අපට බොහො දැනෙයි
නුඹෙ රුව නිතර ම මැවි මැවී පෙනෙයි
එනිසා අපි නිතර ම සොවින් තැවෙයි
සැම හදවත් ඔබ සසල කළා..........


නැවත ආත්මෙක එකට ඉපදිලා
එක බත්පත කා සතුටු වෙලා
මේ සරසවියෙම අකුරු හදාරා
කැළණි ක`දුබිමෙන් යමු බැසලා.........
 
                                                     - චතූ -
 

Saturday, June 16, 2018

"Kanneliya hewath punchi sinharajaya"


කන්නෙළිය හෙවත් පුංචි සිංහරාජය






ගාලු දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කන්නෙලිය රක්ෂිත වනාන්තරය සොබා දහම විඳින්න කැමති ඕනෑම කෙනෙකුට ඇවිත් යන්න ඉතාම සුදුසු ස්ථානයකි. පහතරට නිවර්ථන වර්ෂා වනාන්තර ගණයට අයත්වන කන්නෙලිය රක්ෂිත වනාන්තරය කන්නෙලිය - දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණයට (KDN complex) අයත් ප්‍රධානතම වනාන්තරය යි. උතුරු අක්ෂාංශ 6˚10ග සහ 6˚18 සහ නැගෙනහිර දේශාංශ 81˚19 සහ 81˚27 අතර පිහිටා ඇති මෙම රක්ෂිත වනාන්තරය හෙක්ටයාර් 6.144ක විශාලත්වයකින් යුත් සුවිශාල වනාන්තරයකි. ඉන් හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තරවලින් ද හෙක්ටයාර 168.4 ක් විවෘත වනාන්තරවලින් ද හෙක්ටයාර 29ග3 ක් වන වගාවලින්ද සමන්විත වේග කන්නෙලිය වනාන්තරයේ වාර්ෂික වර්ෂාපතනය මිගමි 4445ක් වන අතර වැඩි ම වර්ෂාපතනයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා පවතින නිරිතදිග මෝසම මගින් ලැබේ. මධ්‍ය උෂ්ණත්වය 27 0C ක් පමණ වේ. දවස තුළ උෂ්ණත්වය 4’C - 5’C අතර පරාසයක් තුළ වෙනස් වේ.


1934 ජූලි 06 වැනි දින අංක 8262 දරන ගැසට්පත්රය මගින් රක්ෂිත වනාන්තරයක්  ලෙස ප්‍රකාශයට පත්කර ඇති කන්නෙලිය රක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තරයකි. 1990 දශකයේ මුල් භාගයේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ද නම් කරනු ලැබූ කන්නෙලිය 2004 වර්ෂයේ දී යුනෙස්කෝ (UNESCO) සංවිධානය මඟින් “මිනිසා සහ ජෛවගෝල’ වැඩසටහන” යටතේ “අන්තර්ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක්” ලෙස ද ප්‍රකාශයට පත්කර ඇත. මෙවැනි මිනිසා සහ ජෛවගෝල රක්ෂිත තුනක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇත.


කඳු හා නිම්නවලින් යුත් මීටර් 60 - 425 උච්චත්වයකින් යුතු කන්නෙලිය රක්ෂිතය තුළ ඉහළ ජෛව විවිධත්වයක් දක්නට ලැබේ. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩි ම ජෛව විවිධත්වය වාර්තා වන්නේ ද කන්නෙලිය රක්ෂිතයෙනි. අධික ජෛව විවිධත්වයක් පැවතිය ද කන්නෙලිය වනාන්තරය තුළ ප්‍රාථමික වනාන්තර (Primary forest) ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. වනාන්තරය පුරා පැතිර පවතින්නේ අලුතින් වැඩුණු ශාකවලින් යුත් ද්වීතියික වනාන්තර (Secondary forest) වලිනි. මීට හේතුවී ඇත්තේ 1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනීලෑලි සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලි නිෂ්පාදනය සඳහා දැව ලබා ගැනීමට වරණීය ලෙස දැව හෙළීමට ලක්කිරීමයි. වර්තමානයේ පවා දැව හෙළීම සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි සහ තාර දමා සකස්කළ මාර්ග පද්ධතිය වනාන්තරය තුළ දක්නට ලැබේ. මෙම මාර්ග වනාන්තරය සංචාරක කටයුතු සඳහා යොදාගෙන ඇත. ලෑලි සඳහා දැව කැපීම නතරවීමෙන් පසු වනාන්තරය ඝනව වැඩී ඇති අතර අද වන විට වන විනාශයක් සිදුවී ඇති බවට සලකුණු මැකී ගොස් තිබේ.
 

කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළ ම වටිනාකමකින් යුක්ත වනාන්තරයකි. කන්නෙලිය වනාන්තරයෙන් ශාක විශේෂ 301ක් වාර්තා වී තිබේ. මෙම ශාක විශේෂවලට ශාක, පඳුරු සහ පැළෑටි අයත්වන අතරල ඉන් 25% ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වේ. මෙම ශාක විශේෂ අතුරින් විශේෂ 26ක් අප රටෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වී තිබේ. කන්නෙලිය වනාන්තරය තෙත් කලාපීය වනාන්තර අතුරින් ඉහළ ම ආවේණික කාෂ්ඨීය ශාක විශේෂ ප්‍රතිශතයක් (60%) සතු වනාන්තරයකි. කන්නෙලිය වනාන්තරයේ ප්‍රමුඛ ශාක කුලය ලෙස හොර කුලය හැඳින්විය හැකිය. තව ද, නා, දුන්, ඇටඹ, කීන, කැකුණ, බදුල්ල, රං දෝතළු, දොරණ, බෙරලිය දුන්, හොඳ බෙරලිය, තිනිය, දියපර, ආරිද්ද, මඩොල් ආදී ශාක විශේෂ බහුල ව දැකිය හැකිය. මෙහි දක්නට ලැබෙන මැන්ඩෝරා විශේෂයක් මුළු ලොවින් ම දක්නට ලැබෙන්නේ කන්නෙලියේ පමණි. වනාන්තරය තුළ ඖෂධ ශාක වර්ග ද රාශියක් හමුවේ. ඒවා අතර රසකිඳ, වෙනිවැල්, හාතාවාරිය, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා, සත්සඳ, සඳරාජ, වනරාජ, ඉරු රාජ, කොකුම්, දුම්මල වැනි ශාක මුල් තැනක් ගනී.


කන්නෙලිය තුළ අනෙකුත් වැසි වනාන්තරයකට නොදෙවෙනි මට්ටමේ ඉහළ සත්ව විවිධත්වයක් ද දක්නට ලැබේ. කන්නෙලිය රක්ෂිතය තුළින් පක්ෂි විශේෂ 120ක් පමණ හඳුනාගෙන ඇතග ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 24 අතරින් පක්ෂි විශේෂ 14ක් ම මේ අතර සිටීම සුවිශේෂි වැදගත්කමකි. බට ඇටිකුකුලා, කැහිබෙල්ලා, වළිකුකුලා, දෙමලිච්චා, හබන් කුකුලා, අළුගිරවා, වත රතුමල් කොහා, ලංකා සැලලිහිණියා වැනි දුර්ලභ පක්ෂි විශේෂ රාශියක් කන්නෙලිය තුළ දී දැකබලා ගත හැකිය.
 

කන්නෙලිය තුළින් ක්ෂීරපායි විශේෂ 20 පමණ හඳුනාගෙන ඇති අතර කළු වඳුරා, මී මින්නා, රත් උණහපුළුවා, රන් හෝතඹුවා, ගෝනා ලකබල්ලෑවා, බටුලේනා, දඬු ලේනා, දම් මුහුණැති කොළ වඳුරා බහුල ව හඳුනාගත හැකිය. මෙම විශේෂ අතුරින් ගෝනා විශාලතම ශාක භක්ෂක සත්ත්ව විශේෂය වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම මාංශ භක්ෂක සත්ත්වයා වන දිවියා ද මෙම වනාන්තරය තුළින් වාර්තා වී තිබේ. රක්ෂිතය තුළින් හඳුනාගෙන ඇති උභයජීවී විශේෂ 19 අතරින් විශේෂ 14ක් ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. මේ අතරින් රුක් මැඩියන්, මොට හොඹු මැඩියා, කුරුගෙම්බා, ගල්පර මැඩියා, ලබුගම පඳුරු මැඩියා ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාව තුළ හමුවන විශාලතම සර්පයා වන ඉන්දියානු පිඹුරා, මූදු කරවලා, පලා පොළඟා, මල් කරවලා, පුල්ලි දත් කැටියා, දෙපත් නයා, කබර දත් කැටියා ඇතුළු උරග විශේෂ 50ක් පමණ ද මේ ආශ්‍රිත ව හඳුනාගෙන තිබේ. මින් බහුතරයක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. කටුසු විශේෂ රාශියක් ද කන්නෙලිය තුළ දී දැක බලා ගත හැකිය. රළු අං කටුස්සා, ගැටහොඹු කටුස්සා, පිනුම් කටුස්සා, බෝදිලිමා වැනි කටුසු විශේෂ බහුල ව හඳුනාගත හැකිය, කන්නෙලිය සුන්දර සමනලුන්ගේ තෝතැන්නකි. සමනල විශේෂ 53කට අධික සංඛ්‍යාවක් කන්නෙලිය ආශ්‍රිත ව වාර්තා වී ඇත. කැලෑ නිලයා, පසිරි කඩුවා, මහා සේලරුවා වැනි දුර්ලභ සමනලුන් මෙහි දී දැකබලා ගත හැකිය.
 

දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන ගංගා දෙක වන ගිං හා නිල්වලා ගංගා දෙකෙහි ම ප්‍රධාන පෝෂක ප්‍රදේශය වන්නේ කන්නෙලිය වනාන්තරයයි. වනාන්තරය තුළින් ආරම්භ වන දිය දහරා විශාල ප්‍රමාණයක් පවතින බැවින් ජල විද්‍යාත්මක දකුණු ලංකාවේ ප්‍රථම ස්ථානය හිමි වන්නේ ද කන්නෙලියටය. වනය තුළ ඇති කුඩා දිය දහරාවන් මගින් ප්‍රධාන ජල දහරාවන් තුනකට ජලය සපයන අතර මෙම අතු ගංගා තුන ඔස්සේ ගිංගඟ වෙත ජලය සැපයීම සිදුකරයි. මේ එක් අතුගංගාවක් මගින් වනයේ පිහිටි සුන්දර ම දිය ඇලි දෙක වන අනගිමල ඇල්ල හා නාරංගස් ඇල්ල යන සුන්දර දියඇලි දෙක ඇතිවේ. මෙම ජල දහරාවන් ආශ්‍රිත ව මිරිදිය මත්ස්‍ය විවිධත්වය ද ඉහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 80 අතුරින් විශේෂ 38ක් ම කන්නෙලියෙන් වාර්තා වේ. බුලත් හපයා, ලේ තිත්තයා, තල්කොස්සා, වැලි ගොව්වා, ගල්පාඩි, හීත මස්සා වැනි දුර්ලභ මත්ස්‍ය විශේෂ ප්‍රධාන වේ.


කන්නෙලියේ අතීතය වලගම්බා රජ සමය දක්වා ම දිවයයි. විජයබාහු රජතුමා හා සොලීන් අතර මෙම ප්‍රදේශවල පැවති සටන් පිලිබඳ ව ජනප්‍රවාදයේ සඳහන්වේ. කන්නෙලිය යන්න කන්්‍යා එලිය යන්නෙන් බිඳී ආ බව ඇතැම් අය විශ්වාස කරයි. වලගම්ගම්බා රජු මෙම ප්‍රදේශ ආශ්‍රිත ව සැඟවී සිටින කාලයේ කුසගින්නේ සිටි කාන්තාවකට තම බත්පත ලබා දී  “කන්න ලිය” යැයි පැවසූ ස්ථානය කන්නෙලිය වූ බවට තවත් මතයක් පවතී. රක්ෂිතයක් මෙන් ම කන්නෙලිය ආගමික අතින් ද වැදගත්කමක් උසුලයි. කන්නෙලිය රක්ෂිත සීමාව තුළ ආරණ්‍ය සේනාසන කිහිපයක් පිහිටා ඇත. නුගගල ආරණ්‍ය, නාගල ආරණ්‍ය, රජවංගල ආරණ්‍ය ඒ අතරින් ප්‍රධානවේ. මින් නුගගල ආරණ්‍ය සේනාසනය ඉදිකොට ඇත්තේ විශාල ගල්ලෙනක් තුළය. මෙම ගල්ලෙන මත විශාල නුගගසක් තිබීම නිසා නුගගල ලෙස හඳුන්වයි.


කන්නෙලිය රක්ෂිතයේ ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ එහි පාරිසරික සංචරණය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි. මෙම වනාන්තරයේ ජෛව විවිධත්වයේ සුවිශේෂීත්වය නිසා ම 2002 වසරේ සිට දේශිය හා විදේශිය සංචාරකයන් වෙනුවෙන් කන්නෙලියෙහි පිවිසුම් දොරටුවක් නිර්මාණය කොට තිබේ. එමෙන්ම පරිසරය හා ජෛව විවිධත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවශ්‍ය පහසුකම් හා සුදුසු වටපිටාවක් ද මෙහි පවතී. මේ නිසාම පරිසරවේදීහු, විද්‍යාඥයෝ, පර්යේෂකයෝ, පාසල් හා විශ්වවිද්‍යාල සිසුහු, ඡායාරූප ශිල්පීහු මෙන් ම සාමාන්‍යය ජනතාව ද නිරන්තරයෙන් ම කන්නෙලිය වනපෙත වෙත පැමිණීමට පුරුදුවී සිටිති.


කන්නෙලියට පැමිණෙන පරිසර ලොලීන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි. වනාන්තරයට පැමිණෙන්නන් වෙනුවෙන් අවශ්‍ය පුහුණු මාර්ගෝපදේශකයින් වනාන්තරයේ විවිධ ස්ථානවල නිරීක්ෂණ අට්ටාල සහ ගිමන් හැරීමේ ස්ථාන තොරතුරු මධ්‍යස්ථානය, ප්‍රවේශපත්‍ර අලෙවි කරන කාර්යාලය, සම්මන්ත්‍රණ ශාලාවකින් සහ පිටත හිඳගෙන විවේක ගැනීමට සැකසුණු ස්ථානවලින් සමන්විත වූ සංරක්ෂණ මධ්‍යස්ථානය සහ තොරතුරු සහ මුද්‍රිත ද්‍රව්‍ය මිලදීගත හැකි අලෙවිහල් ආදී සියලු පහසුකම් දෙපාර්තමේන්තුව මගින් සපයා ඇත. එමෙන්ම ඉතාමත් අඩු මුදලකට රාත්‍රී කාලයේ නැවතීම සදහා සුවපහසු කාමර පහසුකම් දෙපාර්තමේන්තුව මගින් සංචාරකයින්ට සපයා දී තිබේ. කෑමට අවශ්‍ය කරන ද්‍රව්‍ය පිටතින් රැගෙන පැමිණියහොත් කෑම සකසා දීමට මෙහි අරක්කැමියෝ සූදානමින් සිටිති. 




























































Thursday, June 14, 2018

"Prathama Wasanthaya"

ප්‍රථම වසන්තය 







සිහිනයක් සේ නුඹ ඇවිත්
පෙන පිඩක් සේ නුඹ ගියත්
තවම මගේ ලෝකෙ නුඹ උනත්
නුඹට මං අමතකයි දැන්


මගේ සිහිනය නුඹ බවත්
නුඹේ සිහිනය මම බවත්
මට කීවේ නුඹ වුවත්
හැරගියෙත් නුඹමයි ඉතින්


මෙතෙක් කල් නුඹ වෙනුවෙන්
මං බලා සිටියා බොහො කල්
මිරිඟුවක් බව වැටහුණිය දැන්
නැවත නොහැරෙමි කිසි දිනෙක මං


                                               -චතූ-




Wednesday, June 13, 2018

"Ahimiveema"

                                      
                                           අහිමිවීම






ඔන්න එකමත් එක රටක හිටියා ලස්සන ගෑනු ළමයෙක්. එයාගෙ නම නෙළුම්. එයා ගොඩක් ලස්සනයි. ඉගෙන ගන්නත් හොඳට පුළුවන්. ඒත් ලස්සනයි, දක්ෂතාවයයි තිබුණට එයා ගොඩාක් දුප්පත්. අම්මයි තාත්තයි ගොවිතැන් කරලා ගොඩක් අමාරුවෙන් තමයි නෙළුම්වයි, නෙළුම්ගේ පුංචි නංගිවයි ජීවත් කරන්නේ. නෙළුම් සාමාන්‍ය පෙළ ඉහළින් ම සමත් වෙලා නගරෙ ඉස්කෝලයකට ගිහින් හොඳට ඉගෙනගෙන උසස් පෙළත් ඉහළින් ම සමත් වෙලා සරසවි වරම් ලබනවා. දුවට උගන්නන්න අවශ්‍ය නිසා අම්මයි තාත්තයිත් තව තවත් ගොඩක් මහන්සි වෙලා ගොවිතැන් කරනවා. අම්මටයි තාත්තටයි ඕනේ කළේ නෙළුම්ට හොඳට උගන්නන්න විතරයි. එයාලට තමන්ගේ මැටි ගෑ වරිච්චි බිත්ති සිමෙන්ති ගඩොල්වලට හරවන්නවත්, දවසට තුන්වේල ම බඩකට පිරෙන්න කන්නවත් උවමනාවක් තිබුණේ නැහැ. ඒ නෙළුම් නිසයි. නෙළුම්ගේ ඉගෙනීම් කටයුතුවලට සල්ලි අවශ්‍යය නිසයි. 


කාලය ගතවෙලා යද්දී නෙළුම් සරසවි අධ්‍යාපනය නිමා කරලා කොළඹ නගරයේ විශාල වගේ ම ප්‍රසිද්ධ ආයතනයක කළමනාකරුවෙකු ලෙස පත්වෙනවා. නෙළුම්ගෙ රැකියාව ගැන අම්මටයි, තාත්තටයි ලොකු අවබෝධයක් නැතිවුනත් දුව ඉගෙනගෙන කොළඹ ලොකු රස්සාවක් කරනඑක ගැන අම්මටයි, තාත්තටයි තිබුණේ ලොකු සතුටක් වගේ ම ලොකු ආඩම්බරයක්. කාර්යබහුලත්වය නිසා ම කල්ගත වෙද්දී නෙළුම්ට ගමට යන එකත් සීමා කරන්න සිදුවෙනවා. අම්මවයි, තාත්තවයි, නංගිවයි නගරයේ පදිංචියට රැගෙන එන්න නෙළුම් උත්සාහ කළත් හැදුණු වැඩුණු ගම දාලා යන්න අම්මයි තාත්තයි කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් ගමේ ම ජීවත් වෙනවා. ටික කාලයක් ගත වෙද්දී ඔවුනගේ සම්බන්ධතාවය දුරකථන සංවාදවලට පමණක් සීමා වෙනවා.


මෙහෙම කල්ගතවෙද්දී නෙළුම් කිහිප දවසක් ම තම නිවසට ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කළත් ඇයට ඔවුන් ව සම්බන්ධ කරගත නොහැකි වෙනවා. නෙළුම්ට ගමට යෑමට ද බොහෝ කාලයකින් නොහැකි වූ නිසා ඇය ගමට ගොස් බැලීමට තීරණය කරනවා. නමුත් ඇයට ඇති කාර්යබහුලත්වය නිසා ඒ සඳහා වේලාවක් වෙන්කර ගැනීමට අපහසු වෙනවා. මෙහෙම බොහෝ කාලය ගෙවිලා යද්දී දවසක් නෙළුම් කාර්යාලයට යන අතරමග දී දකින දසුනක් නිසා ඇයට තම දෙමව්පියන් සිහිපත් වෙනවා. ඇය ඒ මොහොතේ දෙමව්පියන්ගේ සුවදුක් විමසා බැලීමට එන සති අන්තයේ කෙසේ හෝ යා යුතු බව තරයේ ම සිතාගන්නවා.


සති අන්තය එළැඹීමත් සමඟ ඇය තමා විසින් ඉපැයූ මුදලින් ම මිල දී ගත් අගනා මෝටර් රථයෙන් දෙමව්පියන් හා සොහොයුරිය බැලීම සඳහා ගමට පිටත් ව යනවා. බොහෝ කාලයකින් ගමට පැමිණෙන නිසා ගමෙහි ද වෙනස්කම් රැසක් දැකගැනීමට නෙළුම්ට හැකිවෙනවා. අනතුරුව ඇය තමා කුඩා කාලයේ ජීවත් වූ එම නිවස කරා ළඟාවෙනවා. නමුත් වෙනදා තිබූ තරම් එළියක් නිවසෙහි හෝ ගෙවත්තෙහි නැහැ. තාත්තා පිල උඩ බුලත් විටක් කොටන ගමන් එය නතර කරලා මිදුලට එන වාහනය කුමක්දැයි ඇස් පුංචි කරලා විපරම් කරනවා. නෙළුම් වාහනයෙන් බැහැලා “තාත්තේ” කියද්දී තමයි ඔහු ඇය ව හඳුනා ගන්නේ. එතකොට ම නංගිත් ගේ ඇතුළේ ඉදලා දුවගෙන ඇවිත් “අක්කේ” කියලා මිදුලට දුවගෙන එනවා. නංගි කලින් වතාවෙදි දැක්කාට වඩා බොහෝ හැඩවී වෙනස්වෙලා යැයි ඇයට සිතෙනවා. ඒ එද්දී තාත්තවයි, නංගිවයි දැකගත් සතුටට තමා ඉදිරියට දුවගෙන ආ නංගි ව තදින් තුරුළු කර ගන්නවා.


“මොකද නංගි අම්මා පේන්න නැත්තේ? ළිඳට ගිහින් ද?” කියලා නෙළුම් තම නංගිගෙන් අහනවා. ඒ අතර නංගි මොනවාදෝ මුමුණමින් හඬන්නට පටන් ගන්නවා. තාත්තා දෙස බලන නෙළුම්ට දකින්න ලැබෙන්නේ තාත්තාගේ දෙනෙතෙන් වැටෙන්න ආසන්න ව තියෙන කඳුළු බිංදු. නංගිගේ හඬට හොඳින් ඇහුම්කන් දෙන නෙළුම්ට ඇසෙන්නේ “අම්මා අපි ව දාලා ගිහින් දැන් මාස පහක් වෙනවා අක්කේ” කියලා. ඒ වචන ටික නෙළුම්ට ඇහෙනවාත් සමඟ ම නෙළුම්ගේ මුළු ශරීරය පුරාවට ම ඉතා තදින් විදුලියක් කෙටුවාක් මෙන් දැනෙනවා. ඇය මෙතෙක් කල් සිතා සිටියේ ඇය තම ජීවිතය ජයග්‍රහණය කළා කියලා. නමුත් ඇයට මේ වන විටත් ජීවිතයේ ලොකුම අහිමිවීම සිදුවෙලා හමාරයි. ඇය තම කකුල් දෙක පණ නැති ව මිදුලෙ ඇදවැටෙන්න යද්දී නංගිත්, වාරුනැති තාත්තාත් එක්ව නෙළුම් ව වත්තන් කර ගෙන ඉතා අමාරුවෙන් ගෙතුළට රැගෙන යනවා. ගොඩක් අමාරුවෙන් දේවල් ලබා ගනිද්දී තවත් පැත්තකින් අපට අයිති ගොඩක් වටිනා දේවල් අහිමි ව යන ආකාරය ඇය තේරුම් ගන්නවා.
                                                                              

                                                                                                                 -චතූ-
                                                                                     

Sunday, June 10, 2018

"Ape kaalaye yashodara"



අපේ කාලයේ යශෝධරා








පිපි මලක සුවඳ හිත් පත්ලට දැනීයං
හමන සුළඟෙ සිසිලස ගත දැනීයං
සිත් අහසේ පායන සඳ දැනීයං
හැමදාම රෑට මං හීනෙන් පෙනීයං


වසන්තයේ අරුණළු ගත දැවටේවා
නැවුම් හැඟුම් නිතරම සිතෙ පිබිදේවා
මොන දේ උනත් නිසි අයුරින් ඉටුවේවා
හැම මොහොතෙම ආරක්ෂා කරදේවා


අප වෙනුවෙන් රට රක්ෂා කරයි නම්
හැම ගින්දර සම සිතකින් විඳගන්නම්
ඉක්මණින් ම ජය අරගෙන පැමිණෙයි නම්
මමත් පුතුත් ඔබ වෙනුවෙන් රැකි ඉන්නම්


                                                                    -චතූ-



"Naduth hamuduruwange baduth hamuduruwange"



නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ 





                




සමාජයක් තුළ විවිධාකාරයේ වෘත්තීන් රැසක් දක්නට ඇත. නමුත්, එම සෑම වෘත්තියක් ම අතරින් ලොව උතුම් ම වෘත්තිය ගුරු වෘත්තියයැයි පැවසුවොත් මා නිවැරදිය. එයට හේතුව වන්නේ කිනම් වෘත්තියකට වුව ද පදනම සපයනු ලබන්නේ ගුරු වෘත්තිය මඟින් වීමයි. එසේනම්, එහි ඇති වටිනාකම පිළිබඳ ව සියල්ලෝ ම හොඳින් වටහා ගත යුතුය. එය නිසි අයුරින් සිදුනොවීමේ ප්‍රතිඵලයක් ලෙස නූතන සමාජය තුළ ගුරු වෘත්තිය යන්න ඉතා පහත් තලයකට වැටී ඇත. 


නමුත්, මේ වන විට එම වෘත්තියෙහි ඇති වටිනාකම ඉතා නින්දිත ලෙස හෑල්ලුවට ලක්කරමින් විවිධාකාරයේ කප්පාදු කිරීම් සහ හිතුමතේ සිදුකරන බොහෝ වෙනස්කම්වලට භාජනය වී ඇත. එමඟින් සිදුවන්නේ මුළු රටට ද විශාල පාඩුවකි. සැමවිට ම රට පුරා නිතර අසන්නට ලැබෙන ප්‍රකාශයක් වන්නේ බුද්ධිමත් දරු පරපුරක් අනාගතයට දායාද කිරීම පිළිබඳ ව ය. එහෙත් මෙම ක්ෂේත්‍රයේ මෙකී විවිධ තීරණ මඟින් ඇති කරන වෙනස්කම් ඔස්සේ එවන් දරු පරපුරක් අනාගතයේ බලාපොරොත්තු විය හැකි ද යන්න මා හට නම් ඒ පිළිබඳ ව සිතන විටත් විහිළුවකි. රටක බුද්ධිමත් දරු පරපුරක් සෑදීමට ප්‍රථම ඒ සඳහා අවැසි නිසියාකාර උගත්, බුද්ධිමත් පිරිසක් ගුරු වෘත්තියෙහි යෙදවිය යුතුය. එසේ සිදුකිරීමට නම් ඒ සඳහා තෝරා ගන්නා පිරිස් සඳහා නිවැරදි සුදුසුකම් ඒ අයුරින් ම තිබේදැයි සළකා බැලිය යුතුය. 


රටක් සංවර්ධනය කිරීමට යොදා ගත හැකි සාර්ථක ම ක්‍රමය වන්නේ රටේ තරුණ ශ්‍රම බලකාය නිවැරදි ලෙස දායක කර ගැනීමයි. නමුත් එය එසේ ම සිදුවනවා ද යන්න මහත් වූ ගැටලුවකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමාකොට රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින උපාධිධාරීන් රාශියක් තවමත් නිවෙස්වලය. රටට අවැසි ම වූ ඔවුනගේ තරුණ ශ්‍රමය මේ වන විටත් නිකරුණේ අපතේ යමින් පවතී. එසේ සිට බොහෝ දෙනෙකුට තම රැකියාව සඳහා පත්වීම් ලැබෙනුයේ විශ්‍රාම යෑමටත් ළං වන කාලසීමාවේ දී ය. පාසල්වල සිටින ඇතැම් ගුරුවරු දුටු විට සිතෙනුයේ මොවුන්ට විශ්‍රාම යෑමට ඉඩ සළස්වා දුන්නේ නම් එය ඔවුනට මෙන් ම ගුරු ක්ෂේත්‍රයට ද කරන උපකාරයක් ලෙස ය. එයට හේතුව ඔවුන් තම විෂය පවා ඉගැන්වීමට දක්වන්නේ ඉතා අලස බවක්ය. එවිට බුද්ධිමත් තරුණ පරපුරක් රටට දායාද කළ හැකි ද? එවැනි ස්ථාන සඳහා තරුණ ශ්‍රමය නිකරුණේ අපතේ යවමින් නිවෙස්වල රැඳී සිටින උපාධිධාරීන්ට ලබා දුන්නේ නම් ඔවුන් ඉතා ක්‍රියාශීලී ලෙස තම ක්ෂේත්‍රය තුළ පාසල් දරුවන්ගේ ද අවධානය දිනා ගනිමින් තම කර්තව්‍යය නිවැරදි ව ඉටුකරනවා ඇත. 


මේ වන විට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණු කාලසීමාවන්වල ද විවිධාකාරයේ ගැටලු මතු ව පවතී. එයට අමතර ව මෙම ගුරු වෘත්තීන් සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයින් ද විවිධාකාරයේ දැන හැඳුනුම්කම් මත බොහෝ ස්ථරවල රැඳී සිටිති. එය වූ කලී “බල්ලාගේ වැඬේ බූරුවාට පැවරීමකි”. නිසි ආකාරයේ සුදුසුකම් නොමැති අය මෙම ක්ෂේත්‍රයට පත් කිරීමෙන් කෙතරම් ව්‍යසනයක් සිදුවනවාදැයි මතුපිටින් බලන පුද්ගලයෙකුට එකවර නොපෙනෙන කරුණකි. එය මෙම ගුරු වෘත්තියේ ස්වභාවයයි. එනම්, වෛද්‍ය වෘත්තීන් වැනි වෘත්තීන්වල දී අදාළ සුදුසුකම් නොමැති වෛද්‍යවරු ක්ෂේත්‍රයට ඇතුළත්වීමේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස රෝගීන් මිය යෑම වැනි ඛේදජනක සිදුවීම් සෘජු ව ම දැකගත හැකිය. නමුත්, ගුරු වෘත්තීන් තුළ දී එය සිදුවනුයේ ඉතා සෙමිනි. එසේ ම එය සමාජයට ඉතා බලපෑම්කාරී විය හැකිය. දෙමව්පියන්ගෙන් හා නිවසින් මිදුණු දරුවාගේ මීළඟ හිතවතුන් වන්නේ ගුරුවරුන් හා පාසලයි. ගුරුවරයෙකුට ළමයෙකු “අහිංසක” කෙනෙකු මෙන් ම “අංගුලිමාල” කෙනෙකු කිරීමට ද හැකියාව ඇත. එය අපට බුද්ධකාලීන සමාජයෙන් ලැබුණු වැදගත් ඔවදනකි. එසේ නම් සමාජයේ කේන්ද්‍රස්ථානය ගුරු වෘත්තිය නොවන්නේ ද? පාසල  තුළ දී නිවැරදි මඟ පෙන්වීමක් නොලැබුණේ නම් අවසානයේ එම දරුවන් සොරුන්, මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයින් මෙන් ම බේබද්දන් විය හැකිය. 

යමෙකු විසින් සමාජය තුළ දී යම්කිසි වරදක් සිදුකළ විට ඔහුට හෝ ඇයට දෝෂාරෝපණය එල්ල වනුයේ එම පුද්ගලයාගේ මව පියාගේ සිට හත්මුතු පරම්පරාවට ම ය. එහි එක් කොනක් ඔහුට හෝ ඇයට ශිල්ප සතර ලබා දුන් ගුරුවරුන්ට ද එල්ලවේ. එසේ බලන කළ රටක් තුළ ගුරු වෘත්තියේ නියැලෙන්නාට කෙතරම් වගකීමක් හිමිවේද? එවැනි ක්ෂේත්‍රයක් පිළිබඳ වගකිවයුත්තන් විසින් මෙසේ හිතුමතේට තම තමාට අවශ්‍ය ආකාරයට තීන්දු තීරණ ගත හැකි ද? ගුරු වෘත්තියෙහි වටිනාකම දන්නා පුද්ගලයින් එම ක්ෂේත්‍රවල ඉහළ ස්ථරයන්හි කටයුතු කළේ නම් වර්තමානයේ දැකිය හැකි හිඟමන් සංස්කෘතියක් ගුරු වෘත්තිය තුළ දැකගත නොහැකිය. එක් අතකින් කල්පනා කරන විට එහි අරුමයක් ද නැත. එයට හේතුව වන්නේ එම ක්ෂේත්‍රයන් තුළ සිටින වගකිවයුත්තන් ද එම ස්ථානවලට පැමිණ ඇත්තේ අදාළ සුදුසුකම් සර්වසම්පූර්ණ කිරීමෙන් නොව වෙන වෙන කත්කාරයින්ට බර ඇදීමෙන් ය. එසේ නොවේනම් මෙතරම් ව්‍යසනයක් සිදුවන විටත් ඇස් කන් පියා සිටිය හැකි ද? අදාළ ක්ෂේත්‍රයන් තුළ නිවැරදිදේට නැගී සිටීමට තරම්වත් ශක්තිමත් කශේරුකාවක් නොමැති පුද්ගලයින් මෙවන් ක්ෂේත්‍ර තුළ එසේ පත්කොට ඇත්තේ වෙනත් පාර්ශවකරුවන්ට තම කාර්යයන් පහසු කර ගැනීමට අතකොළු කර ගැනීමේ හැකියාව පවතින නිසාය. මෙහි තවත් කණගාටුදායක සිදුවීමක් වන්නේ එවැනි සුදුසුකම් නොමැති පුද්ගලයින් යටතේ වඩාත් සුදුසුකම් පවත්නා සුදුස්සන්ට ද හිස නමාගෙන කරබා සිට තමාට පැවරුණු කාර්යයන් පමණක් සිදුකරගෙන සිටීමට සිදුවීමයි. රටේ සිටින ඇතැම් මුග්ධ පාලකයින් මෙන් ම මෙම ගුරු වෘත්තිය නැමැති ක්ෂේත්‍රය තුළ ද එකී තනතුරුවලට නුසුදුසු මුග්ධයින් යොදවා ඇත. මේවා දකින අපට සැමවිට ම සිතෙන්නේ “නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ” යන කියමන පමණකි.  

Friday, June 8, 2018

"Hamadamath asai"


හැමදාමත් ආසයි








සුසුමක් වී ළඟ හිඳින්න
පීඩාවන් දුරු කරන්න
සිතට සැහැල්ලුව ගෙනෙන්න
හැමදාමත් ආසයි

ආදරයෙන් වැළඳගන්න
ඔය සෙනෙහස අත්විඳන්න
ඔබෙ පාළුව මකාලන්න
හැමදාමත් ආසයි

නිරතුරුව ම සිනාසෙන්න
සිනාසෙමින් සතුටු වෙන්න
ඔබෙ අසළ ම රැඳී ඉන්න
හැමදාමත් ආසයි

ඔබ එක්ක ම පිය මනින්න
එන බාධක ජය ලබන්න
මුළු ජීවිතය ම දිනන්න
හැමදාමත් ආසයි
  
                                          - චතූ -

Thursday, June 7, 2018

"Sarasavi premiya"



සරසවි ප්රේමිය









සිහින පොකුරක් පොදි බැ`දන්
බලා ඉන්නෙමි නෙතු පියන්
නැවත ඒ යැයි සිත කොනින්
පතනවා පැතුමන් හොරෙන්


දෙනෝදාහක් නෙත් තුළින්
සොයනවා තවමත් සෙමින්
මුණගැසේ යැයි ඉක්මණින්
දෑස් නලියයි කුතුහලෙන්

සරසවියෙ ඒ මතකයන්
පාරවයි සිත කකියමින්
ලැබූ ආලය ඔබ තුළින්
සිහි නැගෙයි කාටත් හොරෙන්


වසර හතරක ප්රේමයෙන්
ඈත් වුණි ඔබ පහසුවෙන්
නමුත් මා හට ඒ පෙමින්
යන්න බැහැ සිත අතැරමින්


නැවත ළංවේවි යන සිතින්
මග බලමි සැමදා ඉතින්
නැවත පැමිණෙන්න ඉක්මණින්
තවම තනිකඩයි මං



                                                   - චතූ -

"Nuuthana geetha rasavindana kalaawa"



                                           
                                           නූතන ගීත රසවින්දන කලාව
                          


                               



එදිනෙදා ජීවිතයේ දී මිනිසුන් විසින් තම කාර්යබහුල හා විඩාබර මානසිකත්වය මගහරවා ගැනීමට විවිධ රසවින්දන මාධ්‍යයන් උපකාර කර ගනියි. ඉන් එක් මාධ්‍යයක් ලෙස ගීත රසවිඳීමේ කලාව හැඳින්විය හැකියි. එයිනුත් එක් එක් පුද්ගලයාගේ රුචිඅරුචිකම් අනුව එය වෙනස් වෙයි. විශේෂයෙන් ම නූතනය තුළ දක්නට ලැබෙන ගීත මාධ්‍යයේ ඉතා විශාල ඛේදජනක කරුණ වන්නේ ඒවායෙහි කිසිදු හරයක් නොමැති මහා ඝෝෂාකාරීත්වයක් පමණක් ගෙන දෙන ගීතයන් වීමයි. එහි කිසිදු ගුණාත්මක භාවයක් නැත්තාසේ ම කනට ප්‍රියතාවයක් ද නොමැත. නූතනයේ අසන්නට තරම් ප්‍රිය උපදවන ගීත ඇත්තේ ඉතාමත් අතළොස්සකි. මෙය සැබවින් ම කණගාටුවට කරුණකි. එහෙත් මෙම යුගයට පෙර යුගයන්හි දී ගැයූ සහ රචනය කරන ලද ගීත ඉතා අමන්දානන්දනීයය. ඒවා තුළ ඉතා හරවත් උපදේශයන් ගැබ් ව තිබූ අතර සවන පිනවන මිහිරත්වයක් ද නිරන්තරයෙන් ම අන්තර්ගත විය. එම ගීත අද පමණක් නොව තවත් දශක ගණනාවක් ගතවුව ද ඒ සමාජයන්ට ද ඔබින මෙන් ම සුදුසු රසවින්දනයක් එම ගීතයන්හි ගැබ් ව ඇත. නමුත්, සමකාලීන ව රචනාකොට ගැයෙන බොහෝමයක් ගීත ශ්‍රවණයකොට ළඟා කර ගත හැක්කේ මානසික රසවින්දනයක් නොව ව්‍යාකූල වූ මනස තව තවත් ව්‍යාකූලත්වයකට ඇද දමන නිස්සාර බවකි. සැබවින් ම එම ගීත කනට මිහිර ගෙන දෙනවා වෙනුවට ඇසෙනුයේ මහා විලාපයකි, නැතහොත් මහා අදෝනාවකි.


මෙවැනි තත්වයක් සමාජය තුළ ගොඩනැගීමට හේතු වී ඇත්තේ කිනම් කරුණු විය හැකි ද? මෙවැනි ඉතා බොළඳ ගීත රසවිඳින අත්දැකීම් නොලත් පාසැල් ළමුන් හා තරුණ ප්‍රජාව ඒවා ග්‍රහණය කර ගනුයේ කිනම් ආකාරයකට ද යන්න ගැටලුවකි. ඔවුනගේ ඇතැම් හදිසි තීරණයන්ට මේවා කොතෙක් නම් බලපානවා ඇති ද? ඔවුනගේ බොළඳ මානසිකත්වයට මෙවන් බොළඳ ගීත තුළින් කෙරෙනුයේ “පනින රිළවුන්ට ඉණිමන් තැනීමකි.” ඇතැම් ගීත තුළ අන්තර්ගත වනුයේ සමාජය හා සංස්කෘතිය මඟින් අයහපත් යැයි ප්‍රතික්ෂේප කරන ලද ඒවාය. නමුත් එවැනි දේ මෙම ගීත තුළ ඉතා සාමාන්‍ය දේවල් ලෙස ඉදිරිපත් කරයි. එවිට වක්‍රාකාර ව එමඟින් සිදුකරනුයේ සමාජයේ සිටින අනාගත තරුණ පරපුර ආගාදයට ඇද දැමීමක් නොවේද? එපමණක් නොව මෙම ගීත තුළ දික්කසාදවීම්, අපරාධ, මංකොල්ලකෑම්, අල්ලස, අනියම් සබඳතා වැනි දේ ද රැල්ලට ගිය සාමාන්‍යකරණය වූ දෙයක් ලෙස ඉස්මතු කර දැක්වීම ඔස්සේ තරුණ ප්‍රජාව අතර මෙන් ම විවාහ වී දරුවන් ලැබ සිටින දෙමව්පියන් ද මෙවන් අයහපත් ක්‍රියාවන්ට යොමු වී ඇති ආකාරය බහුල ව දැකිය හැක. මෙකී ගණයට අයත් ගීත සඳහා නිදසුන් රාශියක් දැක්විය හැකි නමුත් ඒවා මොනවාදැයි මා මෙහි සටහන් නොකරමි. මෙමගින් ගම්‍ය වන්නේ සමකාලීන සමාජය තුළ සාමාන්‍යකරණයට ලක්ව ඇති සාපරාධී ක්‍රියාවන්ට හා පවතින සමාජ තත්වයට ගීත සාහිත්‍ය තුළින් ද මනා වූ රුකුලක් ලැබී ඇති බව නොවේද?


අප කුඩා කාලයේ දී ළමුන් සඳහා ම විශේෂිත වූ ගීත රසවින්දන කලාවක් පැවතිණි. එම ගීත අතර “මිදුලේ වැලි මාළිඟාව..., නිල් අහස්තලේ..., සකලබුජං..., ටක් ගානවා ටික් ගානවා...” වැනි ඉතා ජනප්‍රිය ළමා ගීත රාශියක් දක්නට ලැබුණි. නමුත්, අවාසනාව යනු, වත්මනේ එවැනි කිසිදු ගීතයක් අසන්නට නොලැබීමයි. කෙටියෙන් ම කියතොත් වර්තමානයේ ළමුන් සඳහා වෙන් වූ ළමා ගීත සාහිත්‍යයක් නොමැත. මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ ළමුන් සඳහා තරු සංකල්පය පදනම්කොට ගත් ගීතමය රියැලිටි වැඩසටහන් පැවතියද ඒවා සඳහා පැමිණෙන බොහෝමයක් දරුවන් ගායනා කරනුයේ ළමා ගීත නොව වැඩිහිටියන්ට සුදුසු ගීතය. ළමා ගීත ඔවුන්ගෙන් විමසුව ද ඔවුන් එකී ගීත හඳුනන්නේ නැත. වත්මනේ දක්නට ලැබෙන්නේ දිනෙන් දින අභාවයට යමින් අතිශය පරිහානියට පත් වන ගීත සාහිත්‍යයක් පමණකි. එය එසේ සිදුවන්නට ඉඩ දිය යුතු නැත. සමාජයේ ඉතා නිර්මාණශීලී අදහස් ඇති බොහෝ අය සිටිති. නමුත් ඛේදවාචකය වන්නේ ඔවුන් තමා සතු ව පවතින නිර්මාණකරන කුසලතාවය හඳුනා නොගෙන සිටීමයි. එසේත් නැත්නම් ඒ සඳහා කාලය මිඩංගු කිරීමට ඇති නොහැකියාවයි. එබැවින් මා මෙම ලිපිය ඔස්සේ එවැනි සියලු නිර්මාණකරුවන්ට ඉතා විවෘත ඇරයුමක් සිදු කරමි. ඔබ තුළ සැඟව ඇති නිර්මාණශීලී හැකියාවන් තවදුරටත් සඟවා තබා නොගෙන ක්‍රියාවෙහි යොදවන්න. ඔබේ එම නිර්මාණශීලී වටිනා අදහස් කිනම් හෝ මාධ්‍යයක් උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කිරීමෙන් ඔබට තවත් අයෙකු තුළ පවතින චර්යාවෙහි හෝ හැඟීම්වල යහපත්වූත්, ගුණාත්මකවූත් වෙනසක් සිදු කිරීමට හැකිවේවි. අවසානයේ එමඟින් ඔබට ද සුවිසල් ආත්ම තෘප්තියක් ලබා ගත හැකි අතර දිනෙන් දින පරිහානියට ලක්වන සමාජය ඔබේ නිර්මාණශීලී අදහස් තුළින් නැවත ගොඩනගන්නට ස්ථිරව ම හැකිවනවා නොඅනුමානය.

Wednesday, June 6, 2018

"Thutupaduru"


                                                             
                                                                  තුටු පඩුරු
                         


                               



ඉර බැසගෙන යන දසුන මුහුදු වෙරළක ගල්පර මත හි`ද නරඹන විට එය මොනතරම් නම් සොදුරු වූ අත්දැකීමක් ද? මුහුදු ජලය සිපගෙන එන සුළං මාරුතයේ සුළං රැුලි අප ගත පමණක් නොව සිත ද කුල්මත් කරන්නේ මනසෙහි පවත්නා සියලූ විඩාවන් දුරලමිනි. එය කොතරම් නම් ආශ්වාදජනක සිතිවිලි අප ගතට සහ සිතට ජනිත කරන්නේදැයි වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. ලැබුවා වූ කෙටි විවේකය තුළ මෙසේ සිතමින් සිනි`දු වැල්ලෙහි කෙටි පියවර තබමින් සක්මන් කළ කසුනිට එක්වර ම යමක් තම පාදයෙහි ඇ`ගිලි අතරෙහි තදින් දැවටුන නිසාදෝ ඇය එදෙස බලන ලද්දේ නිරායාසයෙනි. එවිට ඇයට දැකගතහැකි වූයේ හරි අඩකටත් වඩා භාවිතකොට අත්හැර දැමූ පැන්සලයකි. ඇය එය අහුලා ගැනීමත් සම`ග ඇයගේ මතකය ද බොහෝ ඈතට දිව යන්නට විය.


ඇයට එක්වර ම සිහිවූයේ ඇයගේ පාසල් කාලයයි. සිප් සතර හදාරන්නට පාසලට ඇතුළත් වූ දා පටන් ඇය ගත කළ ජීවිතය ඇයට සිහිපත් වූයේ සිනමා පටයක රූප රාමු පෙළගැසෙන්නාක් ලෙසිනි. ඇය සැබවින් ම ඉතා දිළි`දු දැරියක් වූ නමුත් ඇයගේ අධ්‍යාපනයට අගහි`ගකම් ඇති වන්නට ඇයගේ දෙමව්පියන් කිසිවිටෙකත් ඉඩක් තැබුවේ නැත. සියලූ බාධක මධ්‍යයේ වුව ද කසුනි තම පාසල් වැඩකටයුතු සිදුකරන ලද්දේ කෙදිනක හෝ විශ්වවිද්‍යාල වරම් ලැබ ඉහළ ස්ථරයේ රැුකියාවක් කිරීමේ අරමුණිනි. දෙමව්පියන් හැරුණුකොට ඇයට උපකාර කළ එක ම හිතමිත‍්‍රයන් වූයේ පාසලේ ගුරුභවතුන්ය. බොහෝ අවස්ථාවල දී ඔවුන් වඩාත් සෙනෙහසින් කටයුතු කරන ලද්දේ පාසලේ දරුවන් ද ඔවුනගේ ම දරුවන් ලෙස සිතමිනි. කිසිවිටෙකත් ගුරුමුෂ්ඨියක් තබා නොගත් ඔවුහු දරුවනගේ අභිවෘද්ධිය පමණක් ම පැතීය. ඉතා ගෞරවණීය ලෙස සාකච්ඡුාවට සැමවිට ම බ`දුන්වියයුතු භූමිකාවක් ලෙස මෙම ගුරු වෘත්තිය හැ`දින්වුවහැකි වුවත් එය සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි.


අතීතයේ ශිෂ්‍යයින් විසින් තක්සලාවට ගොස් ශිල්ප ඉගෙන ගැනීම් සිදුකරන ලද්දේ දිසාපාමොක් ආචාරීහට මෙහෙවර කර දෙමිනි. අනතුරුව අධ්‍යාපනය නිමාකර පිටව යන සිසුන් තම ආචාර්යවරයාගේ සිත සතුටට පත් කිරීම ස`දහා තුටු ප`ඩුරක් ද ලබා දෙති. එකළ එසේ සිදුවුව ද මේ වන විට එම ක‍්‍රමය හාත්පසින් ම වෙනස් ව ඇත. වත්මනේ දී පාසලින් අධ්‍යාපනය හො`දින් හදාරා ඉහළ වෘත්තීන්ට යන ශිෂ්‍යයින් තම ඉලක්ක කරා ගිය කළ තමාට ශිල්ප ලබාදුන් ගුරුභවතුන් සදහටම අමතකකොට දමන්නේය. මගතොටක දී හමුවුව ද නොදැක්කා සේ ඉවත බලා යනුයේ නන්නා`දුනන අය ලෙසිනි. එහෙත් එම අවස්ථාවල දී වත්මනේ සිටින තත්වයට පැමිණීමට උපකාර කරන ලද එම දිසාපාමොක්වරුන් සම`ග එක් වචනයකුදු හෝ සිනහපිරි මුහුණින් කතා කළේ නම් දෙමව්පියන් අපගේ සාර්ථකත්වය දැක සතුටුවනවා සේම ඔවුන් ද අප සිටින ස්ථානය දැක ඉතා නිර්ව්‍යාජ ව සතුටුවනවා නොඅනුමානය.


එකවිට ම ඇද හැලෙන්නට ගත් වර්ෂාව හේතුවෙන් කසුනි තමා නිමග්න ව සිටි කල්පනා ලොවෙන් පියවි සිහියට එළඹියාය. ඒත් සම`ග ම ඇය යුහුසුළු ව පාර අයිනෙහි නතරකොට තිබූ තම මෝටර් රථය වෙත ඉක්මණින් දිවගොස් හි`ද ගත්තාය. නමුත්, වෙරළෙහි තිබී හසුලාගත් අඩක් අවසන් වුණු පැන්සල තවමත් ඇයගේ අත්ලෙහි ම ගුලිකොට ගෙන සිටියාය. ඇය තම අසුන මදක් පිටුපසටකොට වැතිර හි`ද වර්ෂාව අතර නැවත කල්පනාවෙහි නියැලිනි. ඇය මේ වන විට වෘත්තියෙන් දිසාපතිවරියකි. පාසලෙන් ඉවත් වූ දා සිට මේ වන තෙක් ඇය තම ගුරුවරුන් අමතා ඇත්තේ උසස් පෙළ සමත් වූ කාල සීමාවෙහි ප‍්‍රතිඵල දැන්වීම ස`දහා පමණි. තමාගේ අතින් ද මහත් වූ වරදක් සිදු වූ බව ඇයට කෙමෙන් කෙමෙන් පසක් වන්නට විය. ගුරු උපහාර දිනය ද පසුගිය ඔක්තොම්බර් හයවනදාට යෙදී තිබුණමුත් ඇයට ඒ ගැන විශේෂයෙන් යමක් නොදැනුණි. එහෙත් මෙම පැන්සල් කොටස ඇයට විශාල ජීවිත පාඩමකට මුලපිරුවා ලෙස දැනුණි.


ඇය තම මිතුරියකගෙන් පාසලේ උසස් පෙළ පන්තියෙහි ගුරුභවතුන් කිහිපදෙනෙකුගේ දුරකථන අංක ලබාගෙන ඉන් එක් ගුරුවරියකට ඇමතුවාය. අනෙක් පසෙන් සිහින් වූ කටහ`ඩකින් කතා කරන්නේ කවුදැයි විමසනවාත් සම`ග තමා උසස් පෙළට පෙනීසිටි වර්ෂය ස`දහන් කරමින් තමා කසුනි බව පැවසීය. ඇයට දැනුණේ මහත් පුදුමයකි. තම ගුරුභවතුන්ගෙන් වෙන් ව සිට බොහෝ කාලයක් ගතවුව ද ඔවුනට ඇය ව මතකයේ රැු`දී තිබුණි. මේ වන විට ඔවුන් විශ‍්‍රාම සුවයෙන් දිවි ගෙවූ අතර කසුනි සමාජයේ සිටින ස්ථානය පිළිබ`ද ඇසූ විට වඩාත් සතුටුවුණු ආකාරය සේම එය ඇසූ ගුරුතුමියගේ කටහ`ඩ මදක් බිදුණු අයුරින් ද ඇය වටහා ගන්නා ලද්දේ තමා ඇයගේ සුවදුක් විමසීමට ගත් ඉතා කුඩා දුරකථන ඇමතුමකින් වුව ද ඇය කෙතරම් සතුටුවූවා ද යන්නයි. එය වැටහුණ කසුනිගේ දෙනෙතින් ගලා ආ ක`දුළක් දෙකොපුල් දිගේ බේරීවිත් තම අත්ලෙහි ගුලිකොට ගෙන තිබූ වෙරළෙහි තිබී හසුලාගත් පැන්සලට පතිතවිය.

Tuesday, June 5, 2018

"Eka mawakage daruwo....."

 "එක මවකගේ දරුවෝ........."


 




සදලි හැමදාමත් වගේ මෙදිනත් පාන්දරින් නැගිට ඉක්මණින් සූදානම් වූයේ තාක්ෂණ විද්‍යාලයෙහි හදාරනු ලබන පාඨමාලාව සදහා සහභාගී වීමටය. වෙනදා නම් ඇය යන්නේ තනිව ම නොව, ඇයගේ නිවසට යාබද නිවසක වෙසෙන රුමෙයිසා සමග ය. ඇය මුස්ලිම් ජාතික දැරියක් වුව ද සදලිගේ හොද ම යෙහෙළිය මෙන් ම පාසල් මිතුරිය වූයේ ද ඇයයි. ඔවුනගේ දෙමව්පියන් ද ඉතාමත් සමීප ව කටයුතු කළේය.



නමුත්, පසුගිය දිනෙක ගමේ සිංහල අය සහ මුස්ලිම් අය අතර ඇති වූ ගැටුමක් නිසා දෙමව්පියන්ගේ බලපෑම් මත ඔවුනගේ මිත‍්‍රත්වය නවතා දමන්නට සිදුවිය. එබැවින් ඔවුන් එක ම ස්ථානයක අධ්‍යාපනය ලැබුව ද තනි තනි ව යෑමට සිදුවිය. දෙමව්පියන්ගේ බලපෑම් නිසාවෙන් එසේ සිදුකිරීමට වුවත් සදලිගේ සහ රුමෙයිසාගේ යහළුකම් කිසිවිටෙකත් පළුදු නොවීය. පිටත දී ඔවුනට ඇසුරු කිරීමට නොහැකි වුවද තාක්ෂණ විද්‍යාලය තුළ දී එකිනෙකාට ලැබෙන විශේෂ දේවල් දෙදෙනා අතර හුවමාරු කර ගනිමින් අදහස් හුවමාරු කර ගනු ලැබුවේ වැඩිහිටියන්ගේ ආරවුල් අපට වැදගත් නැතැයි පවසමිනි.



සදලි සෑමදෙනෙකු අතර ම ඉතා පි‍්‍රයමනාප දැරියක් විය. ඇය  ඕනෑම කෙනෙක් සමග කට පුරා සිනාසී කතා කරයි. ගමෙහි ආරවුල් ඇති වීමට පෙර ඇය සිංහල අය සමග මෙන් ම මුස්ලිම් අය සමග ද ඇසුරු කළේ එක ම පවුලක ඥාතී පිරිස සමග කටුයුතු කරන්නාක් මෙනි. එබැවින් කුඩාකල සිට ම ඇය සිංහල මෙන් ම මුස්ලිම් අය අතර ද ආදරයට බදුන් වූ දැරියක් විය. නමුත්, දැන් ඇයගේ දෙමව්පියන් ඇයට තාක්ෂණ විද්‍යාලයට හැරුණුකොට වෙන කිසිදු ගමනකට අවසර නොදෙන නිසා ඇය නිරතුරුව ම බොහෝ කාලයක් ගත කරනුයේ නිවසේ දී මය.



සෑම දිනක ම පාඨමාලාව සදහා සහභාගී වන සදලි මෙදින සහභාගී නොවීම ගැන රුමෙයිසාට වූයේ මහත් කුතුහලයකි. වෙනදා නම්, ඇය නොපැමිණෙන්නේ නම් පෙර දින ඇයට පවසයි. නැතහොත්, වෙනත් මිතුරයක් මගින් හෝ ඇය ව දැනුවත් කරයි. මෙදින එවැනි කිසිවක් නොවීම පිළිබද ව ඇයට කුමක් සිදුවී ඇත්දැයි රුමෙයිසාට සිතාගත නොහැකි විය. ඇය පාඨමාලාව අවසන් වන තුරු සිටියේ මහත් වූ නොයිවසිල්ලෙනි. අනතුරුව ඇය ඉතා ඉක්මණින් නිවස බලා පිටත් වුව ද දැනගැනීමට තරම් කිසිවක් නොවීය. දෙමව්පියන්ගෙන් හෝ අසල්වැසියන්ගෙන් ස`දලි පිළිබ`ද විමසීමට ද නොහැකිය. එසේ කළහොත් එය ගැටලූවක් වේ යැයි ද රුමෙයිසාට සිතිණි. පසුදින ද ස`දලි තාක්ෂණ විද්‍යාලයට නොපැමිණීම හේතුවෙන් කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව නම් රුමෙයිසාට හො`දින් වැටහිණි.



අනතුරුව ඇයට විවේක කාලය තුළ දී දැනගන්නට ලැබුණේ ඉතා කණගාටුදායක පුවතකි. එනම්, ස`දලි බොහෝ අසාද්‍ය වී රෝහල්ගතකොට ඇති බවත්, ඇයගේ වකුගඩුවල කුමක් හෝ දරුණු ආබාධයක් සිදුව ඇති බවත්, ඒවා ඉවත් කිරීමට සිදුවන බවත් ය. එය ඇසූ රුමෙයිසාට තම කකුල් පණ නැති වන්නාක් මෙන් දැනිණි. සදලි කුඩාකල සිට ම තමාගේ හොද ම යෙහෙළිය විය. එම මිත‍්‍රත්වය තුළ ඇත්තේ මිතුරියක් යන හැගීමකට වඩා එක කුස උපන් සහෝදරියක් වැනි හැගීමකි. එසේ සිතනාවාත් සමග ම ඇයගේ නෙත් කොනින් කදුලූ බිදුවක් රූටාවිත් අතෙහි තිබූ සටහන් පොතෙහි පතිත විය. කිසිවක් කරකියා ගත නොහැකි රුමෙයිසා පාඨමාලාව අවසානයේ ඉතා ඉක්මණින් නිවසට ගොස් බෑගය ගලවා පුටුවක් මතට දමා තම කාමරයට ගොස් බොහෝ වේලාවක් හඩන්නට විය.



ස`දලි මේ වන විට රෝහලේ ඇ`දක් මත දිගා වී ඉතා අසාද්‍ය ව සිටින අතර ඇයගේ මව පියා ඇතුළු ඥාතීන් ඇයට සරිලන ආකාරයේ වකුගඩුවක් සෙවීම ස`දහා හිස් ලූ ලූ අත ඇවිදිමින් මහත් වෙහෙසක් දැරීය. මේ අතරතුරේ දී සදලිගේ පියාට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ රෝහලේ වෛද්‍යවරයාගෙනි. වෛද්‍යවරයා විසින් පවසන දේට ඇහුම්කන් දුන් සදලිගේ පියාට මහා කාන්තාරයකට වැහිපොදක් වැටුණාක් වැනි සතුටු හැගීමකින් මුලූ ශරීරය ම පිනා ගියේය. වෛද්‍යවරයාගේ එකී පණිවිඩයෙහි සටහන් වූයේ ”සදලිට සරිලන වකුගඩුවක් ලැබුණා” යන පණිවිඩයයි. නමුත් එහි විශේෂත්වය වන්නේ එය පරිත්‍යාග කරන්නා තම අනන්‍යතාවය හෙළිකිරීමට අකමැති වීමයි.



අනතුරුව සදලිගේ සැත්කම ඉතා ඉක්මණින් හා සාර්ථක ව සිදුවිණි. එය සදලිටත්, ඇයගේ දෙමව්පියන්, ඥාතීන්, සියල්ලට ම මහත් වූ සතුට ගෙන දෙන කාරණයක් විය. සදලිට මෙම පරිත්‍යාගය සිදුකළ අය තම අනන්‍යතාවය හෙළිකිරීමට අකමැති වුවත්, ඊටපසුදා ම ඔවුනට එහි සත්‍ය දැනගැනීමට හැකි විය. එම උතුම් පරිත්‍යාගය සිදුකර ඇත්තේ වෙන කිසිවෙක් නොව පාසල් වියේ සිට එකට ඇසුරු කළ ඇයගේ හො`ද ම යෙහෙළිය වූ රුමෙයිසාය. ඇය මෙන් ම ඇයගේ දෙමව්පියන් ද සිදුකොට ඇත්තේ මහත් වූ දානමය පිංකමකි. එසේ ම ඔවුන්ට තමන් විසින් සිදුකළ වීර කි‍්‍රයාව පිළිබ`ද ලොවට හ`ඩ ගා කීමට කිසිවිටෙකත් අවැසි වූයේ නැත. ඔවුන් එය සිදුකිරීමට කටයුතු කරන ලද්දේ තම අනන්‍යතාවය ද ස`ගවාලමිනි. අනෙකුත් නෑදෑයින්, යහළු මිත‍්‍රයන් හා හිතවතුන් අතරින් එවැනි උතුම් උපකාරයක් කිරීමට ජාති, ආගම්, කුලභේද නොසළකා ඉදිරිපත් වුණු රුමෙයිසා ඇතුළු පවුල පිළිබ`ද ගම, නගරය පමණක් නොව මුළු රට ම කතා වන පුවතක් බවට පත් විය. ආගම්, ජාති නොසළකා මිනිසුන්ගේ අපහසුකම්, අසරණකම් හමුවේ සියල්ලන් ම එකිනෙකාට උපකාර කර ගනිමින් ජීවත් වුවහොත් ගම, නගරය, රට පමණක් නොව මුළු ලෝකය ම ලස්සන වන බව රුමෙයිසා ඇතුළු ඇයගේ ආදරණීය පවුලේ අය සැමට ඉතා වැදගත් ආදර්ශයක් ලබා දුනි. සැවොම එකිනෙකාට උදව් කර ගනිමින් සියල්ලෝ ම එක ම මවකගේ දරුවන් මෙන් ජීවත් වුණි. නැවත කිසිමදාක ඔවුනගේ ගම තුළ සිංහල මුස්ලිම් කෝළහාල ඇතිවූයේ නැත.

"Sanniyakume Upatha ha bandi Purawatha"

සන්නියකුමේ උපත හා බැ`දි පුරාවත ජනශ‍්‍රැති අධ්‍යයනය කිරීමේ දී තවත් එක් මායාරූපී සංකල්පයක් වන පහතරට සන්නියකුමේ ර`ග දක්වන මහ කොළ සන්...